සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කළ සංචාරක ප්‍රවර්ධන වැඩමුළුව නිම වුයේ විවිධ විෂයන් නිමාවට විවිධ විෂයයන් ඔස්සේ ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිපල ලැබීමේ ප්‍රවනතාවයක් ඇති කරමින් බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් (වෙළද )ගයාන් රාජපක්ෂ මහතා පැවසිය.
මෙම වැඩමුළුවේ දෙවැනි අදියර ලෙස පසුගියදා දමාම් “නොවොටෙල්” හොටෙල් සංකීර්ණයේදී සෞදි ව්‍යාපාරික ප්‍රජාව,විවිද රටවලට අයත් සංචාරක නියෝජිතයෝ, ශ්‍රී ලාංකා සංචාරක කර්මාන්ත නියෝජනය කරමින් ‘ එයාර් වින්ග් ටුවර්ස් සන්වේ හොලිඩේ යුනයිටඩ් ලෙෂර් හා ඉජාෂා ටුවර්ස්‘ යන ආයතනවල විධායක නිලධාරින් සහ විවිද ක්‍ෂේත්‍රවලට අයත් වෘත්තිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙහි ප්‍රධාන නියමුවෝය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ගයාන් රාජපක්ෂ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ ලෝක ව්‍යාප්ත “රෝඩ් ෂෝ” වැඩසටහන් මගින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය දැක බලා ගැනීමටආරාධනා කිරීම, සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සදහා සෞදි අරාබියා පුරවැසියන්ගේ දායකත්වය ලබා ගැනීම සහ සෞදි ශ්‍රී ලංකා මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව අරාබියේ ජනප්‍රිය කරවන්න ඕන නැහැ.දැනටමත් අරාබිය ලංකාවේ ජනප්‍රිය වේගෙන එන්නේ. (ස)
මමත් ඉන්නේ සවුදි දම්මං වල. මේවා අපිත් දකින්නේ නිව්ස් වල පමණි. ප්‍රායෝගිකව සිද්ද වෙන දෙයක් නැත. (ස)
අමුතුවෙන් ජනප්‍රිය කරන්න ඕන නැහැ.ලංකාවේ ආයම්මල ටික නියමෙට ලංකාව ජනප්‍රිය කරවල තියෙන්නේ මෙහෙ. අපිට ලැජ්ජයි පාරක බැහැල යන්නත්. (ස)
සුබ ආරංචියක් (නි)
කට්ටියනම් ගොඩක් ඇවිල්ල ඉන්නේ ? වැඩි වියදමක් නෑ නේද ? (ස)
හොඳ දෙයක්. සාර්ථක වේවා! (නි)
මුදල්නම් ලැබෙයි. නමුත් මේ රටවල මිනිස්සු අපේ අය දිහා බලන්නේ වහල්ලු දිහා බලනවා වගේ. (ර)
මෙහෙ අය එහෙට යවන්නේ නැතුව එහෙ අය මෙහෙ ගෙන්න පුලුවන්නම් හොඳයි. (ර)
සඳුන්,ඔබගේ කියමන නම් හරි,ලංකාවේ අය වහල්ලු වගේ තමයි ඒගොල්ලෝ බලන්නේ, වැඩට ගිය මිනිස්සුන්ව එහෙම බැලුවත්,හජ්ජි වන්දනාවට ගිය අපේ දිහාත් උන් බැලුවෙත් එහෙම, සවුත්තු විදිහට කතා- කරන්නත් ආව,මම හොඳට ඉංග්‍රීසි දීල ඇරියා, උන්ට නොතේරිලා ඇති,නමුත් සිංහලයට සල්ලිනම් වෙන කිසිවක් ඔනෙනැත කියන එකට මේක හොඳ සාක්ෂියක්,(බ)
මේ හැමදේම අතරේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ, සහ ගුවන් තොටුපලේ විශේෂයෙන්ම කාර්යමණ්ඩලයේ ගුණාත්මක භාවයේ වැඩි කරන්න කටුතු කළා නම් වටිනවා.නැති නම් එන සංචාරකයන් හැරෙන තැපෑලෙන්ම යන්න යයි.(දිල්)