අඩු ගණනේ ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු ඇමරිකා ඩොලර් කෝටි 5ක් (රුපියල් කෝටි 667) ස්විස්ටර්ලන්තයේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇතැයි අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදී සංවිධාන කියයි.
ඔවුන් එම තොරතුරු ලබාගෙන ඇත්තේ ප්‍රංශයේ ලෙමොන්දේ පුවත්පතෙනි.
එච්.එස්.බී.සී බැංකුවේ, ස්විස් බැංකුවේ මුදල් තැන්පත් කළ ලක්ෂයක් අතර ශ්‍රී ලාංකිකයන් 40 දෙනාද වෙති. ඔවුන්ගේ නම් ගම් සහිතව එහි දක්වා තිබේ. එඩ්මන් විජේනායක බාලසූරිය හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇමරිකා ඩොලර් එක්කෝටි හැට තුන් ලක්ෂයකට වැඩි මුදලක් තැන්පත් කර ඇති බවත් බාලසූරිය පවුලේ සාමාජිකයන් බැංකුවේ හොඳ ගනුදෙනුකරුවන් බවත් කියති.
ජීවක ලලිත් භුපේන්ද්‍ර කොතලාවල ඇතුළු 17 දෙනකු ඔවුන්ගේ ගිණුම් වසා දමා ඇතැයිද ලෙමොන්දේ පුවත්පත කියයි. ශ්‍රී ලංකාවේ නීතිය අනුව ශ්‍රී ලාංකිකයකුට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව එතෙර බැංකු ගිණුම් විවෘත කළ නොහැකිය. අනුර ලෙස්ලි පෙරේරා, අරුණ රාජෙන්ද්‍රන් වස්වානි, නිකිල් කිෂෝර් හයිඩ්‍රාමනී, විනෝද් කිෂෝර් හයිඩ්‍රාමනී, ලීනා විනෝද් හයිඩ්‍රාමනී ස්විස් එච්.එස්.බී.සී බැංකුවේ ගනුදෙනුකරුවන් බවද ලෙමොන්දේ පුවත්පත කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලාංකිකයෙකුට පිටරට බැංකුවක, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරයකින් තොරව ගිණුමක් විවෘත කරන්න නොහැකිද? මා අසා ඇති පරිදි නම්, ලංකාවේ මුදල් හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු විදේශ මුදල් හෝ විදේශිය බැංකුවක තැන්පත් කළ නොහැකිය. එසේ නැතුව මා පිටරටකදී ඉපැයූ මුදලක් එසේ තැන්පත් කිරීම නීතියට පටහැනි නොවේ. මා වැරදි නම් කරුණාකර දන්නා අයෙක් මෙය නිවැරදි කරන්න. (නි)
මෙම හතලිස් දෙනාම මෙපමණ මුදලක් තැන්පත් කළේ මොන අවුරුදු වලද යන බව දැන ගැනීමත් වටිනවා.ඉතා පැරණි ගිණුම් කරුවන්ද මෙහි සිටිය හැකිය. (කේ)