නාමයෝජනා බාර දුන් ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනා මැතිවරණ මහ ලේකම් කාර්යාලයයෙන් එළියට එද්දී මාධ්‍යයට අදහස් දැක්වූහ.
මහින්ද රාජපක්ෂ මහතා -
‘අපේ හිටපු ලේකම් එහෙන් ඡන්දය ඉල්ලනවා. අද බලනකොට එහේ ලේකම් අපිට ඇවිල්ලා. ඒ තමයි එජාපයේ නාය යෑම. අද එය ආරම්භ වුණා. අපි රටට වැඩ කළා. එක ලේකම් කෙනකුට තව ලේකම් කෙනෙකු ගන්න එක මේ රාජපක්ෂට මහ කජ්ජක් නොවෙයි.‘
මෛත්‍රීපාල සිරිසේන මහතා -
‘පහුගිය අවුරුදු හතරක කාලයේ මේ රට වෙනත් පැත්තකටයි ගමන් කළේය. අද ආණ්ඩුවේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නොවයි. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා. ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවා. පුළුල් ආර්ථික සංවර්ධයන් කරනවා. නීතිය හා සාමය සුරක්ෂිත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.‘
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාව
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්ස, නියම මහත්මයෙක් වගේ ඉල්ලා අස්වෙලා ගියේ. ජයවේවා! (ර)
මහ ලේකම්ට මහා ලේකම්! මෙන්න අපේ සුපිරි ප්‍රජාතන්තවාදය ! (නි)
ජනාධිපතිතුමාගේ ඒ කතාවත් අර ෆයිල් කතාවට දෙවෙනි නැහැ වගේ. (නි)
ඒ කියන්නේ, ලේකම්ලා මහා ලොකු චරිත නොවෙනවා කියන එක නේද?. (හේ)
වරප්‍රසාද අතහැර යාම හා වරප්‍රසාද සොයා යාම ගැන කදිම උදාහරණයක්. (නදී)
අපේක්ෂකයෝ දෙන්නගේ කතා දෙකම සංසන්දනය කලාම ඕනිම මනුස්සයෙකුට තේරුම් ගන්න පුළුවන් නිහතමානී කමයි උද්ධච්ච කමයි අතර වෙනස. මහත්මා ගතිගුණ සහ මැරකම අතර වෙනස. (හේ)
තිස්ස ඔබ හරි ,අපේ සුභ පැතුම් !(හේ)
හරි හරි ලේකම් ට ලේකම් ඔහොම යමු ඔහොම යමු අපි තාමත් මෙහෙම තමයි.(හේ)
කොහොමත් තිස්ස කියන්නේ කජ්ජක් නෙමෙයි. ගිය පාර අාසනෙත් පැරදුනානේ (බ)
මහින්ද ගේ දේශපාලන කලාව මේ කතාවෙන් හොඳට පේනවා. අපේ රටට දෙවි පිහිටයි. ජනවාරි 8 වෙනිදට එන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. (බ)
දුෂිත ජඩයින්ගෙන් රට බේරගන්න මෛත්‍රී මැතිදුන්ට දෙවි පිහිටයි (බ)
තිස්ස මහතා ගියාට කමක් නැහැ. එයාගේ පසුපස මහජනතාවක් නැහැනේ, මහජන ගංගාව ගලන්නේ මෛත්‍රී මහතා සමග. (ර)
පෞර්ෂත්වයෙන් හෙබි, පළපුරුදු දක්ෂ ඒ වගේම වඩාත් උගත් අයෙකුයි අප රටේ ජනාධිපති විය යුතුව ඇත්තේ. (ර)
මේ රටේ සංවර්ධනය ඇහැට පේනවා මිසක් බඩට දැනෙන්නේ නැහැ. දැනට අවුරුදු 10 කට ඉස්සෙලා තිබුන නගරද පාරවල්ද දැන් තියෙන්නේ. අමාරුවෙන් හරි තව අවුරුදු කීපයක් මේ විදියට දියුණු කරොත් අපේ රට සින්ගපුරුවට නොදෙවෙනි රටක් වෙන බව විශ්වාසයි. (ර)
මෙයා ආවා කියලා වැඩක් වෙයි කියලා හිතන්න බෑ.(හේ)
ජනවාරි 9 වැනිදා උදේට මොනවා වෙයිද කියලා හිතාගන්න පුළුවන්.(හේ)
අනේ මහින්ද මහත්තයෝ අපිට හම්බවුනේ රත්තරන් දතක්. ඔයාට හම්බවෙලා තියෙන්නේ දිරච්ච දතක්නේ. (බ)
ජනාධිපතිතුමා එහා පැත්තේ මහ ලේකම් ව විතරක් නෙවෙයිනේ ගත්තේ ? ඉතිරි ටික ලිව්වොත් පලවෙන එකක් නැහැ. (නදී)
තිස්ස ගියා කියල යු.එන්.පී එකට හානියක් වෙන්නේ නැහැ (නදී)
බලන්න වෙනස. (නදී)
මේක මහ ලැජ්ජ නැති දේශපාලනයක්(නදී)
කවුරුන් කෙසේ කීවත්.....ශ්‍රී ලංකාවාසී බුද්ධිමත් රට වැසියනි...මෙය අපේ රටේ අනාගතය තීරණය කරන මැතිවරණයකි.. ඔබේ බුද්ධියට ඉඩ දී...හෙට දවස වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඔබේ ඡන්දය භාවිතා කරන්න....අපේ රටට යහපතක්ම වේවා..(හේ)
ජනතාව හොඳට බලාගෙන ඉන්නේ..(හේ)
අන්තිමට මේ අය දිනනවා මේ අයට ඡන්දේ දෙන අපි පරදිනවා.(හේ)
ඔය කවුරු ගියත් අපි යන්නේ නැහැ.(හේ)
ජයග්‍රහණයත් මහා කජ්ජක් නොවෙයි මහරජාණනි. ඔබ තුමාට තෙරුවන් සරණයි.(හේ)
ඔය කවුරු ආවත් නැතත් ජනපති මහින්ද රාජපක්ෂ තමයි.(හේ)
හිටපු තිස්ස අත්තනායක මහතා අනික් පැත්තට ගිය එක හොදයි. කිසිම බරක් නැති කෙනෙක්. ඔක්කොම අවුල් කරනවා.(හේ)
මොන වුණත් මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රකාශය රත්තරන් කොහොමද මහින්ද ගේ ප්‍රකාශය (අ)
අපි නියම ශ්‍රී ලංකා කාරයෝ අපිට යු.එන්.පී එපා (නදී)
නියම ජනතා නියෝජිතය කව්ද කියල අපි හැමෝටම තේරෙනව,ඔය කියන දේවල් වලින්...(අ)
ජනාධිපතිතුමාගෙ මේ කතාවෙන් තේරෙන්නෙ "තිස්ස" ගිහින් නෙවෙයි සල්ලි හෝ මොකක් හරි දීලා අරගෙන කියලා. දැන් දැන් ජනධිපතිතුමාගෙ කතා ටිකක් වෙනස් වේගන එනව වගේ. මොනවාගෙන් මොනව වෙයිද? (නදී)
එයා ගියා කියලා අලියාට පාඩුවක් නැහැ කියලයි මම නම් කියන්නේ. දේශපාලනයේදී පක්ෂයට හානියක් නොවෙන විදියේ ඉල්ලීම් කරන්න දැනගන්න ඕනෑ. ලොකුම බලාපොරොත්තු තියාගෙන පක්ෂයෙන් ඒවා නොදුන්නම යනවා කියන්නේ ඒ වගේ අයගෙන් කොයි පක්ෂයට වුණත් වැඩක් නැහැ කියන එකයි. (නි)
කොහොම උනත් උන් දිනුම්. ඡන්දෙ දුන්න මෝඩයෝ සදා අනාථයි! (නදී)
මහින්ද මහත්තය ඉන්දියාව, චීනය, අැමරිකාව, බටහිර සමබර කරගෙන යුද්දේ දිනලා, රට සංවර්දනය කරගෙන එනවා. අඩුපාඩු තියනවා, නමුත් එම නායකත්වයට සරිලන කෙනෙක් රනිල් ඇරුනම විපක්ෂයේ නැහැ. මෙවර මහින්දට, එන පාර රනිල්ට. එතකොට තිස්ස මහත්තයත් අපිට අායෙත් එනවා. (නදී)
පරාජයට හොඳ සම්මාදමක් මෙයා ගිය එක. ජය ශ්‍රී ! (නදී)
ලේකම් ට ,ලේකම් හරි. ඒත් ගඳට මොක්කද කරනවා. උඩදුම්බරින් එලවල කුණ්ඩසාලේ පැත්ත කන්ඩදුන්නේ පක්ෂය කාල හරි ඉන්ඩ පුළුවන් වෙයි කියල, කෝ ඒකවත් පුළුවන් වුනායැ. අයියෝ සල්ලි. (බ)
අට වෙනිදා ජනතාව බලාගෙනයි (නදී)
මෛත්‍රී ආණ්ඩුවක් ඇතිකරන ගිවිසුමට හා පොදු අපේක්ෂක ඔබ තුමාට ජය වේවා .(නදී)
මෛත්‍රී තුමන් අස්වෙලා ගියේ රටේ ජනාධිපති වෙලා රටට සේවයක් කරන්න. ඒත් මෙයා අස්වෙලා ගියේ නිකම්ම නිකම් සෞඛ්‍ය ඇමති කමක් අරගෙන ආණ්ඩුවේ අසූචි කන්න. ඒකෙන්ම තේරෙනවනේ දෙන්නගෙන් කව්ද වඩා වටින්නේ කියල. ඕක තමයි කියන්නේ දෙවිවරු වැඩ හිටපු තැන් වලට මළ පෙරේතයෝ කෙල පෙරනවා කියල. (බ)
දතට දත (නදී)
මහින්ද මහත්තයා ඔබගේ කාලය අවසන් වීගෙනයි එන්නේ. (නදී)
මෙයා ගිය පැත්ත පරාදයි දැන්නමි පරාජය ඉතා පැහැදිලියි මහින්ද මහත්තයේා(අ)
වැඩ බැරි ටාසන් වගේද මන්දා (නදී)
අදහස් දෙකේ සෑහෙන වෙනසක් තියනවා.ජනතාවට තේරුම් යයිද කියන එකයි ප්‍රශ්නේ.රටට උවමනා කරන්නේ මෛත්‍රී පාලනයක්. (අ)
එහෙ ලේකම් අපිට ඇවිල්ලා...ඇවිල්ලා නෙමෙයි ගත්තා....(අ)
තිස්සට කෝටි කීයක් දුන්නද ? මෛත්‍රී පොදු අපේක්ෂකයා උනේ මුදලට නෙවෙයි රට වෙනුවෙන්. මුදලට පකෂය පාවාදෙන්නේ ජනතාවට හිත ඇති කට්ටිය නෙවෙයි.(නදී)
ඔය කව්රු ආවත් ගියත් ජයග්‍රහණය තීරණය කරන්නේ ජනතාවයි (නදී)
තිස්ස, මහවැලි පාලමෙන් පොල් ලෙල්ලක් ගියා වගේ දැනෙන්නේවත් නෑ. (නදී)
රත්තරන් දීලා යකඩ ගත්තා වගේ (නදී)
ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ (අ)
තිස්ස අත්තනායක කියන්නේ නියම යු.එන්.පී කාරය. ජන්ධිපතිතුමාට මිනිස්සුන්ගේ අාශිර්වාදය තියෙනවා. (නදී)
වැඩක් නැහැ. කල් පැනපු බඩු !(නදී)
මුළු ලෝකෙම බයවෙලා හිටපු ප්‍රබකරන්ව පරද්දපු මහින්ද රාජපක්ෂ මහතාට අනිත් අය පරදන එක මහලොකු කජ්ජක්ද.? (ර)
අපෝ ඔබතුමාට ඕක කජ්ජයක් නෙමෙයි කියල ලංකාවේ බුද්ධිමත් ජනතාව ඔක්කොම දන්නවා. විපක්ෂයේ සිටින සියලුම දෙනා කෝටි 25 ගානේ දීල ගැනීමට ඔබට වත්කම තියෙනවා. (නදී)
මිනිස්සු මස් වගේ විකිණෙන මේ කාළකණ්නි ක්‍රමය වෙනස් කරන්නේ කවදාද? තිස්ස මේ ගියේ ජනතාවට ආදරෙන්ද? සල්ලිවලට කෑදරෙන්ද? (නදී)
ඔබ තුමාගේ කතාව අනුව දැනට පවතින සන්ධාන ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බවයි. ඔබ තුමා දැන් එකතු වූ අය සමග එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඔබ තුමාට හැකිවේදැයි විශ්වාස කල හැකිද.? (නදී)
2001දි ජනතා වරමින් පත්වුණු එජාප රජය අන්තොමතික ලෙස බිඳ දැම්මේ චන්ද්‍රිකා නේද? එහෙම බලනකොට එජාප පාක්ෂිකයන්ට චන්ද්‍රිකාට වඩා මහින්ද 100 වාරයක් හොඳයි. එදා ජාතියේ මහා රුකක් වගේ තිබුන එජාපය වගේ විශාල පක්ෂයක් අද චන්ද්‍රිකා ගේ පදයට නටනවා නේද? (නදී)
කවුරු හරි මොනවා හරි කිව්වද කෝටි ගානක් ගැන? මට නම් මතක නෑ. (අ)
ජනාධිපතිට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියන්නේ එ්කයි. මේ කර්මය වෙනස් නොකලොත් අපිට මොනවා වෙයිද දන්නේ නැහැ (නදී)
අනුර බණ්ඩාරනායකගේ තිබුනවගේ තිස්සගේ හදහනේ තියෙන්නෙත් "හැමදාම විපක්ෂයේ" කියල (අ)
ආවා කියලා නෙවේනේ කිවුවේ , ගත්ත කියලනේ , ඒ කියන්නනේ සල්ලි දුන්නා කියලනේ , (අ)
තිස්ස අත්තනායක මහතා කුමන හේතුවකට පක්ෂය හැර ගියාද නොදනිමි.(හේ)
තිස්ස ආවට වැඩක් වෙන්නේ නෑ.(හේ)
කජු කියන්නේ එහෙනම් තිස්සට.(හේ)
චන්ද්‍රිකාගේ ලුණු ගොරක වලට මහින්දව තම්බන්න බැරි හැඩයි. (අ)
ඔන්න වැඩ (අ)
මේකත් දෙපැත්තටම ගන්න පුලුවන් කතාවක් අර ෆයිල් කතාව වගේම. ඒ කියන්නෙ දෙන්නම නිකම්ම නිකම් ලේකමාලා කියලානෙ. ලොක්ක මේ දවස්වල කතා කලාට පස්සෙයි හිතන්නෙ. (අ)
2005 දක්වා සෑම මැතිවරනයදීම අලියා හිටියා,දැන් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සේනානායක ප්‍රතිපත්තිද (අ)
මේ ලේකම් නම් ගත්ත කියන්නේ. මෙතන වාණිජ වටිනාකමක් තිබුනට දේශපාලනිකව ඔබගේ මැතිවරණ ව්‍යාපාරය තවත් දුර්වල වෙන පොටක් තමයි මේ වැඩේ. (බ)
දැන්වත් තේරුනාද ජනාධිපතිතුමාට කරන්න පුළුවන් දේවල්.....මේ කට්ටිය හැපෙන්නේ සිංහයෙක් එක්ක.... (නි)
තිස්ස මහතා තමා දරන දුරයෙන් වගකීමක් ඇතිව පිළිවෙලකට ඉල්ලා අස්වී ඇත. නමුත් මෛත්‍රිපාල මහතා එසේ කළේ නැත.(හේ)
එක ලේකම් කෙනෙක් නම් නියම ජනතා පුත්‍රයෙක්... (නි)
කජු කතා, බයියා කතා.. තව මොනවද? (නි)
හිටියත් නෑ වගේනේ.(හේ)
ජනාධිපතිතුමනි, ඔබට ජය නියතයි (නි)
ඒකාධිපති විධායකයට අවශ්‍ය වී ඇත්තේ තමුන්ට ඕන විදියට නැටවිය හැකි අය එකතු කරගැනීමටයි. මුදලට, වරදාන වරප්‍රසාද වලට ජනතාවගේ අභිලාෂයන් පවා දෙන මෙවන් අය කිසිසේත් වැඩක් නැත. මෙය වටහා ගත හැකි නම් ශ්‍රී ලාංකිකයන් ලෙස අපි දිනුම්. විධායක බලය නැති කොට මුල්‍ය වංචා දුෂණ නාස්තිය අවම කොට නීතිය හා සාමය රැකියා හැකි පොදු විපක්ෂ බලවේගය නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් අනිවාර්යයෙන් දිනන බව රටේ නායකයා දන්නවා (බ)
අද බහුතරයක් ඡන්දය දෙන්නේ මැති ඇමතිලාගෙන් අහලා නෙමෙයි, ඔය මාරුවෙන අයටත් තිබෙන්නේ එක ඡන්දයයි (නි)
https://www.youtube.com/watch?v=HeDBOQf3ZuM ගෑස් ගැන තිස්සගේ කතාව! හිනා වෙනවා ඇරෙන්න මම මොනවා කරන්නද ? (දී)
තිස්ස හොඳ මිනිහෙක්. (නි)
පිල් මාරුව කොහෙත් තියෙනවා (දී)
ඔය පක්ෂ දෙකේම හිටි පතාක යෝධයන් දෙදෙනෙකුත් පක්ෂ මාරුකළා.මොකද වුණේ? (නි)
තිස්ස අත්තනායක කියන්නේ කවදත් සල්ලි වලට අාස නැති , ප්‍රතිපත්ති වලට ගරු කරන ඉතාම අවංක පුද්ගලයෙක්. ඔහුට දෙන අාසනේ පැරදුනත් කමක් නැහැ..(හේ)
දෙන්නම ලේකම්ලා වුනාට එක්කෙනෙක් කිසිම බරක් ,එළියක් නෑ.(හේ)
ගාමිණි අතුකෝරල ලේකම්තුමා හිටිය කාලේ කොහොම හරි පක්‍ෂය සංවිධානය කර ආණ්‌ඩුව පරාජය කළා. තිස්‌ස මහත්තයා හිටිය කාලේ නම් විපක්‍ෂයේ බලය එන්න එන්නම දිය වුණා.(හේ)
ලේකම් කෙනෙක් ගන්නවා කියන්නේ සල්ලි දීලද අරගෙන තියෙන්නේ.(හේ)
තිස්ස මහත්තයා ගියාට ලොකු ප්‍රශ්නයක් නොයේවී.(හේ)
දෙවියන් වඩින කොට යකුන් පැන දුවනවා කියන්නේ ඕවට තමයි. (හේ)
අන්තිමට මහින්ද මහත්තයා දිනුම්.(හේ)
එහෙන් ආවම විරයා. මෙහෙන් ගියාම දුෂ්ටයා. කවුරු ආව ගියත් ඔය කවුරුවත් පක්ෂේ ඡන්ද අරන් ගිහින් නැහැ. මෛත්‍රී මහත්තය ආව කියල ශ්‍රී ලංකා කාරයෝ මෛත්‍රී මහත්තයත් එක්ක ආව කියල හිතනවා නම් එ්ක ලොකු මුලාවක්. ඒ වගේම තමයි තිස්ස ගියා කියල යු අන් පි කාරයෝ එයා පස්සේ සන්ධානෙට පෙර හැරේ යන්නෙත් නැහැ. හැමෝම රැවටුන තරම තේරේවි 9 වෙනිදට. මේක ජනාධිපතිවරණයක්. මහා මැතිවරණයක් නෙමෙයි. (නදී)
වැඩක් නෑ ගිය කෙනානම්.තමන්ගේ ආසනෙත් පරාදයිනේ.(හේ)
ගිය ලේකම් සහ පැමිණි ලේකම් අතරේ ලොකු වෙනසක් තියෙනවා.(හේ)
තිස්ස එක්සත් ජාතික පක්ෂයේ ලේකම් තනතුර දරද්දී පක්ෂයට කිසිම ප්‍රයෝජනයක් නැහැයි කියල කව්රුත් දන්නවා. ජනාධිපතිතුමාත් ඒ ගැන දන්නවා. එයාට එයාගේ ආසනයක්වත් දිනන්න බැරිවුනා. එනිසා තමයි ගිය පාර ජාතික ලැයිස්තුවෙන් ආවේ. දැන් හරි රනිල් මහත්තයා තමන්ගේ හතුරා කව්ද මීතුරා කව්ද කියල තේරුම් ගන්න ඕනා. තිස්ස නිසා රනිල්ගෙත්, පක්ෂේයත් අනාගතයත් විනාශයි. රනිල් දැන් හරි සජිත් ගැන කල්පනා කරන්න. (නදී)
මෙතන තියෙන වෙනස රටේ ජනතාව හොඳින් තේරුම් ගන්නවා. (නි)
ඔය තිස්ස අත්තනායක ගියා කියලා කිසිම පාඩුවක් නැහැ. (නි)
ඇත්ත කතාව. (නි)
ජනධිපතිතුමා කරලා තියෙන්නෙ තමුන්ගෙ තත්වයට නොගැළපෙන කතාවක්. (නි)
අන්න නියමයි (නි)
මේකද මේ කට්ටිය කියයන ප්‍රජාතන්ත්‍රවාදය ? එකට එක කරන එකද ? රටට ගිය කලක්. (හේ)
ඔන්න ගයාන් ට වැඩේ ටිකක් තේරෙන්නයි යන්නේ. (අ)
එකට එක හරි දැන්.(හේ)
"මල" සුවදයි "මළ" ගදයි. (අ)