නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය එතරම් අවධානයක් යොමු නොකිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති විශාලම ප්‍රශ්නය බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (29) ප්‍රකාශ කළේය.
කිසිම ජනාධිපතිවරයකු විසින් වෙනස් නොකෙරුණු විධායක ජනාධිපති ධූරය 19 වැනි සංශෝධනයෙන් වෙනස් කිරීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා සුවිශේෂී පුද්ගලයකු බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවත් ඔහු ජනතා හදවත්හි නොමැකෙන මතක සටහන් තැබූ බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.
තම විධායක බලතල කප්පාදු නොකැර විධායක බලතල වැඩිකරගැනීමට හිටපු ජනාධිපතිවරුන් ක්‍රියා කරද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැවැන්ත කැපකිරීමක්, සේවාවක් සහ පරිත්‍යාගයක් කර ඇති බවත් ඔහු කීවේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් පමණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති විශාලම ප්‍රශ්නය බවද ඔහු කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉදිරි ගමනට ඇති ලොකුම ප්‍රශ්නය තමා අසමගිය (නි)
වර්තමානයේ ජනතාවට සිදුවී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාල ඡන්ද ක්‍රමය බීල සංවර්ධන අතීසාරයට අඹුඩය ගහල දේශපාලන අනාත මඩමෙ තාප්පෙ බදින්නයි. (බ)
එජාපය එයාලට අවශ්‍ය දේ කරගත්තා , එ්කට ප්‍රශ්නයක් නැ, 19 හරි වැරදි ගොඩක් තියෙනවා , රටේ ආරක්ෂාව , දේශපාලන අස්ථාවර භාවය පිලිබදව මැදිහත් සිතින් බලන යට ගොඩක් ගැටළු තියෙනවා . අනික් අතට , ස්වාධීන කොම්සම් සභා හරහා දේශීය වශයෙන් රට ඇතුලේ හොද පරිපාලනයක් ඇති වේ කියලා හිතනවා . හැබැයි එ්ක රනිල් මහතා ගෙන් බලා පොරොත්තු වෙන්න බැ. පේනවනේ අල්ලස් හා දුෂණ එකට එතුමා ගේ යෙහෙලියක් පත් කරලා ( මම නොවේ අගමැති තුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ විමල් ගේ ප්‍රස්නයකට උත්තරයක් හැටියට ) , දැන් විරුද්ධ පක්ෂේ අයව හොයා හොයා දඬුවම් කරනවා . ඒ වගේම මහා බැංකු අධිපති ප්‍රශ්නෙත් පේනවනේ . ඉතින් රනිල් මහතා ගෙන් නම් ස්වාධීන භාවයක් ලබන්න බැරි බව නොතේරෙන්නේ පෙර පාසල් බබාලට පමණි . කොහොම නමුත් ලැබුණු දෙය අගය කරමි (බ)
ඒකත් එහෙමද? (නි)
අද වන විට ප්‍රධාන පක්ෂ දෙකේම බහුතරයන් පවුල් පිටින් වෘත්තීය දේශපාලනයේ යෙදී සිටිනවා සැබෑම සමාජශීලී රටට ආදරය කරන සමාජ සේවා දාර්ශනිකයන්ට පාර්ලිමේන්තු දොරගුලු විවර වන්නේ නැත. සිංහයා තමන්ගේම වනයේ සත්තු මරාගෙන කනවා සේම වර්තමාන දේශපාලන උතුමන්ලා මහජනතාව නොමරා මරනවා එහිදි පාර්ලිමේන්තු ගියේ දුප්පතාගේ හිතවතාය වර්තමානයේ යන්නේ ධනවතුන්ගේ වහලුන්ය ඉතින් කොහොමද රටේ වංචාව දූෂණය සොරකම නැතිකරන්නේ. වියදම් කරපු මුදලාලිලාට හම්බකර ගන්න දෙන්න එපායෑ නේද? (බ)
සිරිපාල ද සිල්වා මහතා අද මහා ලොකුවට ජනාධිපතිතුමා ගැන කියවනවා නමුත් ඡන්දෙට පෙර සිටියේ මොන පැත්තේද ? (බ)
අලුත් ඡන්ද ක්‍රමයකට තර්ක කරන්න එපා. 1977 තිබුණු ක්‍රමය යළි ඇති කරන්න (බ)
මේව ඇසෙන කොට මට කියන්න තියෙන්නේ අද දේශපාලනය කියන්නේ ලජ්ජා නැති රැකියාවක් බවය. හිටපු ජනාධිපති තුමා වෙනුවෙන් මැතිවරණ වේදිකාවල කෑගසද්දී මේ වදන් පිට වුයේ නැත. (බ)
ඇත්තටම ලැජ්ජයි මේ තාත්තා ගැන.(හේ)
ඒකාධිපති ක්‍රමයකින් රට මුදන්න එජාපය කරපු මෙහෙය අමතක නෑ.. මීට මාස 6කට කලින් තිබුනාට වඩා රට 100 ගුණයකින් ප්‍රජාතන්ත්‍රවාදීයි...(බ)
මේ හැමඑකක් පිටුපස තිබෙන්නේ බංකොලොත් දේශපාලන පක්ෂවලට බලය ලබගැනීමේ සැළසුමක් පමණ බවයි මම නම් විශ්වාස කරන්නේ (නි)
රටේ ජනතාවට තිබෙන්නේ ජීවත්වෙන්නේ කොහොමද කියලා ජීවන අරගලයක්. මේ කට්ටියට තිබෙන්නේ බලය තියාගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් (නි)
මේකට පක්ෂ භේදයෙන් තොරව විරුද්ධ වෙන්න ඕනෑ. පක්ෂ වෙන අයට යහපාලනය අගයන ජනතාව ඡන්දෙදි උත්තර දෙයි. මොකද මහජනතාව වන අපිම එපැයි මෙයාලගේ වියදම් ගෙවන්න (නි)
කඳානේ මහානාම මහතාණෙනි, අපක්ෂපාතී කොමිෂන් සභා යනු සැබෑ ලෝකයේ මිනිසුන් අතර පැවතිය හැක්කක් නොවෙයි. (නි)
ඡන්දයට පෙර අපිට මතකයි ගහපු මඩ.දැන් කපන්න බැරි අත සිඹිනවා. ඔහොම යමු. ඡන්දෙදි නිසි පිළිතුරු ලැබේවි (නි)
කඳානේ මහානාම මහතාණෙනි, මා කීවේ අපක්ෂපාතී කොමිෂන් සභා යනු සැබෑ ලෝකයේ පුහුදුන් මිනිසුන් අතර පැවතිය හැක්කක් නොවන බවත් වෙසෙසින් ම පවතින ආණ්ඩුව යටතේ එවැන්නක් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමක් බවත් ය. (බ)