මල්වතුඔය ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයක් වු ඓතිහාසික තන්තිරිමලේ පුද බිමේ   ලංකාදීප ආලෝක පුජාවේ දෙවැනි දින  විදුලි ආලෝක පුජාව  විජය පුවත් පත් දමාගමේ සභාපති රංජිත් විජයවර්ධන හා ජාතික රූපවාහීනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  නිශාන්ත උබයසිංහ මහත්වරුවන් අතින්  සිදු විය.

 විජය පුවත් පත් සමාගමේ  අධ්‍යක්ෂ සුජාන් විජයවර්ධන මහතාද පැමිණ සිටියේය.  තන්තිරිමලේ චන්දරතන,තන්තිරිමලේ  රජ මහා විහාරාධිපති මාහිමියන්ගේ අනුශාසනා පරිදි  පිංකම් පැවැත්වේ .

ආලෝක පුජාවේ අවසන් දිනය අදයි.  ආලෝක පුජාව මෙවර සිදු වනුයේ දසවැනි වසරටය.