ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු බව කියන ඉඩමක් බලෙන් අල්ලා වැට කඩුලු බඳිමින් සිටි ස්ථානයකට ගිය ලංකාදීප මාධ්‍යවේදී හිරාන් ප්‍රියංකර ජයසිංහ මින් මද වේලාවකට පෙර මැර ප්‍රහාරයකට ලක්විය.
ඔහුට පහරදුන් මැරයෝ ඔහුගේ කැමරාවද කඩා දමා ඔහුගේ ගෙලෙහිවූ රන් මාලයද පැහැරගෙන ගිය බව කියති.
ඔහු මෙම ප්‍රහාරය ගැන පුත්තලම පොලිසියට පැමිණිලි කළේය. මහජනයාට තොරතුරු දැන්වීමේ උත්තරීතර වගකීම ඉටු කරද්දී එල්ලවූ මෙම මැර ප්‍රහාරය හෙළා දකින බව පුත්තලමේ මාධ්‍යවේදීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැර පාලනයට තිත කවදාද?
මැරයෝ ඉක්මනට අල්ලනු (නදී)
දෙනවා කිව්ව මාධ්‍ය නිදහස ද මේ? (ත)
යහ පාලනය ? (ත)
මැර පාලනය නතර කලයුතුයි ඉක්මනටම. (ත)
නැත්තන් දැන් කොහෙන්ද මැරයෝ මාධ්‍යවලට ගහන්න? (ත)
යහපලානේ ගණන් ගන්න එපා. (ත)
සිරිපලාගේ යස පාලනය .දැන් ලංකාවේ කිසිම කෙනෙකුට කරදරයක් නැතිව ජීවත් වෙන්න හදල දුන්නේ ....(ම)
දෙන්න පොරොන්දු වුන මාධ්‍ය නිදහස දැන් ඔප්පු කරලා පෙන්වන්න චුදිතයන්ව නීතිය හමුවට ගෙනත්. (ම)
නිදහස් මාධ්‍ය ව්‍යාපාර,මානව හිමිකම් කාරයෝ.එන ජි ඔ කාරයෝ කොහෙදේ ඉන්නේ සේරම යහපාලනෙට යටවෙලාද. (ම)
මේකට කියන්නේ මෛත්‍රි පාලනයක් කියලා.කඩේ ගිය හැමෝටම හොද පාඩම නේ. (අ)
මෙන්න යහපාලනය මේ වගේ අයව ජනාධිපති කෙරුව අයට ගහන්න ඕනෙ බූවල්ලෙන්. ජනාධිපති කටින්නම් බතල කොළ හිටවලා කථාව දෝලාවෙන් ගමන පයින් යන කෙනෙක් කියලා දැන් අපට තෙරෙනවා. මාධ්‍යවේදියෙකුව මැරුවත් දින සීයේ වැඩපිළිවල තව ඉවර නෑ කියලා චුයින්ගන් හප හපා කියයි (බ)
මේ මාධ්‍ය නිදහසද?සාගරිකා ගෝමස් ,රිචඩ් සොයිසාට මේ අය කරපු දේ මතකයිනේ.ජෝන්බාස්ලගේ පොලිසියනේ තියෙන්නේ.මාර යහපාලනයනේ. (බ)
මෙන්න යහපාලනයේ තවත් අතුරු ප්‍රතිපලයක් (බ)
ජයවේවා, ජයවේවා , ජයවේවා යහපාලනය (නදී)
දැන් ඉතින් මුළු දියවන්නාවම ආඩි හත් දෙනාගේ එකම සුප් හැලිය වෙලා ඉවරයි. දෙපැත්තේම අය එකම වලකට පැනගත්තේ පහුගිය කාලේ හොරා කාපුවා වමාරන්න වෙන නිසයි. මේකද යහ පාලනය ? ඡන්දෙ දිනාගන්නකම් නම් කීවේ අපි දු ෂණය පිටුදකිනවා, වැරදි කරුවෝ නීතියේ රැහැනට ගේනවා කියා. හැමෝම බලය තර කරගන්නයි පොර කන්නේ. නැතිනම් කොන්ද පන තියෙන රජයකට එළිපිටම කියන්න තිබුනේ නැද්ද ? හිටපු රජයේ කිසිම මන්ත්‍රී ඇමති කෙනෙක් නව රජයට බාර ගන්නේ නැහැ කියලා (නදී)