හාලි ඇළ පොලිස් මුරපොළ ඉදිරියේදී සඳුදා (22) එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමක් වාර්තා කර ආපසු නිවසට යමින් සිටි ලංකාදීප ඇටම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතා ට පහර දී ඇත.
ඒ මහතා පවසන්නේ තමන් ත්‍රිරෝද රියකින් නිවස බලා යමින් සිටිය දී එම රථය නතර කළ පිරිසක් තමන්ට පහරදී තුවාල සිදුකැර කැමරාව ද කඩා දැමූ බවයි.
බදුල්ල රෝහලට ඇතුළත් වූ කුරුප්පුආරච්චි මහතා වැඩිදුර ප්‍රිතිකාර ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණ සිටියි.
ඔහු මෙසේ ද කීවේය.
‘හාලිඇළ නගරයේ ඇතිවූ ගැටුම ආවරණය කර අවසන් වී මා ආපසු යමින් සිටියා. මේ වෙලාවේ කට්ටියක් කෑ ගහගෙන මා ගමන් කළ ත්‍රීරෝද රථය දෙසට පැමිණියා. ඔවුන් කෑ ගසා කීවා මූ තමයි ෆොටෝ ගත්තේ ඇදලා ගනින් කියලා. එක්කෙනෙක් ලොකු පොල්ලකින් ත්‍රීරෝද රියේ වීදුරුව කැඩුවා. තවත් පිරිසක් මා ඇදලා අරගෙන පහර දුන්නා. කැමරාවත් කඩා දැමුවා.
තුවාල ලැබූ කුරුප්පුආරච්චි මහතා රෝහල්ගත කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ ඔහු හමුවී කතා කළ බවත් එසේ වුව ද රෝහල් පොලීසියෙන් කිසිවක් සටහන් කරනොගත් බවත් හෙතෙම පවසයි.
මුහුණට හානි සිදුව ඇති බැවින් එම් ආර් අයි ස්කෑන් පරීක්ෂණයක් කරගැනීමේ හදිසි අවශ්‍යතාව මත තමන් පෞගලික රෝහලකට පැමිණි බව ද කුරුප්පුආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් 88/89 වගේ කාලයක් එනවා වගෙයි. (නි)
කැමරාව කඩපු එක නොවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ගැහුවේ මාධ්‍යට (දී)
රූපවති නංගිගේ කතාව හරි තමයි මාද්‍ය වේදියකුට පහර දීම තරයේ හෙළාදකිනවා. නිදහසට තවමත් ඉඩක් නැහැ ලංකාවේ (නදී)
මේ රටේ මිනිසුන්ට ඇත්ත, යථාර්ථය තේරුම් ගන්න කාලය දැන් පහුවෙලා. රටේ සදාචාරය නැවත ගොඩගැනීමට බැරි ආකාරයකට වල්වැදිලා. (නි)
මෙම ක්‍රියාව තරයේ හෙළාදකිමි (නි)
මිනිසුනේ හිතපල්ලා .....!අද අපි මෙහෙමවත් කුසට අහරක් නැතත් අත ලෙවකාල වතුර බීල හරි ඉන්නේ මේ කියන මාධ්‍යවේදියෝ නිසයි කියල. ඒහෙම නොවෙන්න අද අපි ඉහලට ගන්න හුස්ම පොදටත් බද්දක් අය කරගෙන මෙලහට, මේ මැර ප්‍රහාරය නිසා අපි හිතමු ලංකාවේ ඉන්න සෑම මාධ්‍යකරුවෙක්ම තම සේවයෙන් ඉවත් වී හිටිය කියල, එහෙම උනොත් අපිට මොනවා වෙයිද? සාමාන්යෙන් මොනවගේ තත්වයක් අපිට උදාවෙයිද? කඩ පෙලේ තියන වාර්තා විත්ති ටික හැරුණු කොට, එදාට තේරේවි මේ කියන මාධ්‍යවේදියා තමා හැම පැය 24 ම අපේ දේශය වෙනුවෙන්, අපේ ජාතිය වෙනුවෙන් හඬක් නැගුවේ කියල. ඔය මොන මිනිහ පහර දුන්නත් අපි දැක්කේනැහැ අපේ ලංකාදීප මාධ්‍යවේදීන් කිසිම පැත්තකට කත් ඇදල ප්‍රවෘත්ති පළකරල තිබුණු වගක්, සැමට එක හා සමානව මහා ජනතාවගේ දැන ගැනීමට පළවූ ප්‍රවෘත්ති අපි කියෙවුවෙ..කිසිම බේදයකින් තොරවයි. මේ කරපු දේ ඔය සැමටම වමාරන්න වේවි ..? ඇති ගරු ජනාධිපති තුමාගේ අවධානයට මෙය යොමුවේවායි අපි සිතමු ..!! (ස)
දැන් ඉතින් හෙට අනිද්දට කියන්න එපා මාධ්‍යවේදියා තමන්ටම ගහගෙන , එයම කැමරාව කුඩු කරගෙන කියල. (ස)
මේ ඌව මැතිවරණයේදී පමණක් කළ මැර ක්‍රියා දෙස බලනවිට ලංකාව ප්‍රජාත්‍රන්තවාදී ජනරජයක් ලෙස කොහොම හඳුන්වනවාද මන්දා. (නි)
අන්තිමයි, මේ ක්‍රියාව මුළු මහත් ජනතාවම හෙලා දකිනවා. මම දැක්ක වීඩියෝ එකෙන් මේ මහත්මයට පහර දී ඇති අයුරු. රටේ වගකිව යුතු පුද්ගලයෝ බීරි අලියෝ වගේ පිස්සුවෙන් දගලනවා බලය ලබා ගන්න පමණයි? ඔය පම්පෝරි, සාධාරණය ඉෂ්ට වෙන්නේ ඒ බලයේ ඉන්න අතලොස්සකට පමණයි. ඒ කෙසේ වෙතත් මේ මාද්‍ය වේදියාට පහර දුන් අයව හොයාගෙන ගිහින් ජීවිත කාලයටම හිරේ දැමිය යුතුයි (නදී)
මේවා අන්තිම පහත් වැඩ. අපේ රටේ දැන් නිදහසේ ජීවත්වෙන්න කාටවත් අයිතියක් නැද්ද?රටේ වෙන දේවල් ජනතාවට කියන්න ඉන්නේ මේ අය නේද?"කුරා කුහුඹුවෙකුටවත් හිංසා කරන්න එපා" යැයි බුදුන් දෙසු දහම් මොවුන් පිළිපදිනවාද?අපේ රටට ගිය කල! (නි)
මම දැක්කා පොලීසියේ අය ඉස්සරහම කඩු, පොලු තියාගෙන කට්ටිය ඉන්නවා. අනේ මෙහෙමත් නීතියක්. ලැජ්ජයි. ඕවා කතා කරන්න ගියාම කියනවා දේශ ද්‍රෝහීන් කියනවා. මේවා දැනගත්තම තමා ජාත්‍යන්තරය තවත් ඇඟිලි ගහන්න එන්නේ.(නදී)
එහෙනම් අවධානය යොමු වෙනකන්ම ඉන්නකෝ. මාධ්‍යකරුවෝ සේවයෙන් ඉවත් වෙලා හිටියොත් එයාලට හම්බවුන ලැප්ටොප් ආයේ දෙන්න වෙයි. ඔයා කුසට අහරක් නැතත් අත ලෙවකාල වතුර බීල හරි ඉන්න මාධ්‍යවේදියෝ නිසාද? පව්. ඔයා ඉන්නේ මාධ්‍යවේදියෝ නඩත්තු කරන අනාත මඩමක වගේ. අපිනම් කන්නේ බොන්නේ අපි මහන්සියෙන් හම්බුකරගන්න සල්ලි වලින්. (ස)
කොච්චර ගැහුවත් සමහරු යන්නේ, ගහපු අයගේ හොඳ කියන්නමනේ. (නි)
රූපවතී නමින් පෙනී ඉන්නේ කව්ද කියලා නම් දැන් තේරෙනවා. ඇයි එළිපිට අදහස් දක්වන්න නියෝජිතයෙක් දාගන්න බැරි ? (නි)
මාධ්‍යවේදීන්ට අත තියල වැඩේ වරද්ද ගන්න තමයි ඔය දගලන්නේ (දී)
මාධ්‍ය වේදීන්ට පහර දුන්න , ආම්පන්න කුඩු කළා මේවා කලේ කවුද මේවාට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
ඔය චාමික තමයි අපේ මාධ්‍යවේදියාට ගහල තියෙන්නේ..? පේනවා නේද කතාවෙන්ම පෙනෙනවා හොදටම බීලයි ඉදල තියෙන්නේ කියල තවමත් වෙරි මතගාතෙන් දොඩවනවා ..? ගුටිකාගෙන අපේ මාධ්‍යවේදියා මෙයාට ගෙදරටම නිව්ස් ටික ගෙනත්දෙනවා ..? එත් කත් අදින්නෙම ප්‍රාදේශීය සබාවට...? ලංකාවේ මිනිස්සු අත ලෙවකන්නවත් නැතිව මැරෙනවා තව අවුරුද්දක් මෙහෙම ගියාම ..? අපිනම් ඉන්නේ පිට රටමයි ..ඒ ඔය වගේ අසාධාරණයන් පෙන්වන්න බැරි නිසාමයි..!!! (ස)
එක මාධ්‍ය වේදියෙකුට කතා කරන්නත් බැහැ මේකද මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය වේදීන්ට ගහනකොට පොලිසිය මොකද කලේ (දී)
මේවා විලි ලජ්ජා නැති වැඩ (දී)
කනගාටුයි ලංකාදීප (දී)
මේවාට වග කියන්න ඕන මිනිස්සු එලියට එන්න (දී)
ජනාධිපති තුමා ලංකාවේ හිටියා නම් මෙහෙම වෙන්නෙ නැහැ (නදී)
ඒත් පොලිසිය මොකවත් කලේ නැද්ද (දී)
කිසි විටෙක අනුමත කරන්න බැහැ (දී)