නකල්ස් හෙවත් දුම්බර මිටියාවතේ මාතලේ හා මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටි ලකේගල කඳුවැටිය තරණය කරන්නට ගිය පිරිසකගෙන් කෙනකු මීටර 1310 පමණ උසකින් වැටී මියගිය බව පොලිසිය කියයි. මේ පිරිස කොට්ටාවේ සිට මීමුරේ බලන්නට ගිය බව කියති.
ලකේගල ත්‍රිකෝණාකාර පර්වතයකි. ලංකාපුරයේ රජකළ රාවණා රජු සිය දඬුමොණරය අහසට නැංවුයේ ලකේගල මුදුනින් යැයි මීමුර වැසියෝ විශ්වාස කරති.
මිය ගොස් ඇත්තේ මලිඳු රසදුන් පෙරේරා නමැති උපාධිධාරී තරුණයෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වැඩකරන්න තිබුණු තරුණ උගත් ජීවිතයක්, නිවන් සුව පතමු .(අ)
මංජු මහත්තය තරුණ කාලේ ගත කලේ කාල බඩ පුරවාගෙන නිකමෙක වගේ වෙන්න ඇති නැත්නම් පන්සලක ඇබිත්තයෙක් වෙන්න ඇති. තරුණ ළමයි පමණක් නොවෙයි වයසට ගිය අයටත් පරිසරය නැරඹීම ඉතා වැදගත්. දැන උගත් කෙනෙකුට නම් මේවා කියා දෙන්න උවමනා නැහැ. මේ තරුණයා තමන්ගේ ප්‍රවේසම ගැන මීට වඩා සැලකිලිමත් වුණා නම් මෙම අවාසනාවන්ත ඉරණම අත් විඳින්නේ නැහැ.ඔහු අතින් සිදුවූ වරද ඒකයි.එක නිසා මේවගේ අවස්ථාවලදී ඔවැනි බාල කතා කීම සුදුසු නැහැ.මෙම විපත අනෙකුත් තරුණ දරුවන්ට හොඳ පාඩමක් වේවි. තරුණය , ඔබට නිවන් සුව! (අ)
අද උදැසන ප්‍රවෘත්තිවලට කිව්වා කඹේ කැඩිලා තමයි මේ මාරාන්තික අනතුර සිදුවුනේ කියල. කඳු මුදුනකට නැගල අවට බලනකොට අපි දකින සුන්දරත්වය වචනවලින් විස්තර කරලා දෙන්ට බැහැ. ඒ තරමටම සුන්දරයි. දැකලම රස විඳින්ට ඕනේ. කඳු තරණයට සුදුසු ආරක්ෂාකාරී කඹ සහ අම්පන්න විශේෂයක් තියෙනවා භාවිතා කලයුතු. මෙම තරුණයා ඒවා භාවිතා කලේ නැතුව වද්ද ?. මේවගේ දේවල් කරනකොට අවදානමට මුහුණ දෙන්ට සුදානමින් තමයි යන්ට ඕනේ. රටේ දියුණුවට දායක විය හැකි උගත් තරුණ ජිවිතයක් නැති වුණා බොහොම කණගාටුදායක සිද්දියක්. ඔහුට නිවන් සුවය පතමි.
පව් අසරණයෝ (දී)
නිවන් සුව අත්වේවා (දී)
රාවනා ගැන කියවුණු එක ලොකු දෙයක් (දී)
ඔතනට ගිය පළමු කෙනා මේ කට්ටිය (දී)
මැරෙන්න වෙලාව ආවහම මැරෙනවා (දී)
අවසිහියෙන් වැඩ කලාම ඕක තමයි (දී)
කරන දෙයක් කල්පනාවෙන් කරන්න (දී)
නිවන් සුව (දී)
මංජු, අවවාදයයි, වාඩිවෙන කොට බොහොම පරිස්සමින් .විශේෂයෙන් ගල් උඩ, සිමෙන්ති පොලොවේ වගේ තැන වලදී. (දී)
මමත් ආසයි ලකේගල කන්දට නගින්න , එත් "මට මහලු වයසේ , බැරිය කඳු නැග ගන්න පෙරසේ" (දී)
මංජු, සහතික ඇත්ත.කාලා නිකන් ඉන්න බැරුවට මෙතන කොටන්න ආවමෝඩ අදහස්.දැන් හොඳට බඩ පිරෙන්නම කට්ටියගෙන් අහගත්තනේ.මම වැඩිය කියන්න යන්නේ නෑ ඒ නිසා.ඊළඟ පාර මොන හරි ලියන්න කලින් දෙපාරක් හිතල බලන්න ලියන්නේ මොනාද කියල මුකුත් නොදැන.මලිඳු මල්ලි,මට ඉතාම දුකයි.ඔබට නිවන් සුව අත් වේවා. (දී)
මේ සිද්දියෙන් පස්සේ අපේ ගමට එන තරුණයන් පාඩමක් ඉගෙනගනී කියල හිතෙනව. මොකද එන අයව පරිස්සම් වෙන්ව අඩුයි ගමට එන්න, ගමේ කාවහරි එක්ක ඇවිදින්න ඔයාලට ප්‍රශ්නයක් වෙන් නැහැ බුදුසරනයි . ඔබට නිවන් සුව. (දී)
මංජු වගේ හිතුව නම් තාමත් අපි ගල් යුගේ .. සංවේග ජනක ආරංචියක්. (අ)
ඔය බිල්ල රාවනාම ගත්තාද දන්නෑ. (ස)
මටත් හරිම සංවේදී සිදුවීමක්... මලිඳුට මම නිර්වාන සුවය පතනවා. මමත් ලකේගල නැගල තියෙනවා. ලකේගල මුදුන කිට්ටුව එක නැග්මක් තියෙනවා අඩි 50ක් විතර. එකේ මුදුනේ යකඩ කණුවක් හිටවල තියෙනවා. දක්ෂ කෙනෙක් නැගල එකට ලනුවක් ගැටගහන්න ඕන අනික් අයට නගින්න. මම හිතන්නේ මලිඳු එතනින් අනතුරට ලක්වෙන්න ඇති. මලිඳු කියන්නේ හොඳ ගවේෂකයෙක් කියල මම හිතනවා. (අ)
ලකේගල නගින්න යන අයට මම කියන්න කැමති, මීමුරේ ගමේ කීපදෙනෙක් ඉන්නවා ලකේගල කන්දට යන්න දන්නා. එයාල නගින්න අමාරුම තැනට නැගල ලනුව ගැටගහල දාන්න දක්ෂයි. කඳු ගැන අත්දැකීම නැති කට්ටිය නැග්ගොත් ලකේගල නගින්න පුළුවන් බාගයක් පමණි. අමාරුම ස්ථානය පහුකරලා නැගල ලනුව ගැට ගහන්න තරම් ශක්තියක් එයාලට නැතිවෙන්න පුළුවන්. එක නිසා දාන්න කෙනෙක් එකතුකර ගන්න අනිවාර්යෙන්. (අ)
මංජු, කන්දක් නගිනවා කියන්නේ මහා අස්වැසිල්ලක් ගෙන දෙන කටයුත්තක්, නමුත් ඒක බොහොම පරිස්සමෙන් කල යුතුයි. කාල නිකන් හිටියටම බෑ, ක්‍රීඩා කටයුතු වල නියලෙන්ට ඕනි යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීමට. හැම ක්‍රීඩාවකම යම් යම් හදිසි අනතුරු ඇතිවෙන්න පුළුවන්, එහෙමයි කියල ක්‍රීඩා කරන එක නවත්තගන්න කිව්වට හරියන් නැ. (දී)
මංජු , ඔයා වගේ අදහස් තියන කෙනක් වැරදිලාවත්, මම කසාද බැන්දොත් , පහුවෙනි දවසේ දික්කසාද කරනවා .(දී)
අපරාදේ තරුණ ජීවිතයක්! මොකට ඕකේ නඟින්න ගියාද? (නි)
මංජුට සබන් කැල්ලක් ඕනේ ද . ටිකක් නෑවා නේද (අ)
මංජුට තියෙන්නත් අපේ රට කරවන අයගෙ මොලෙමයි වැස්ස වෙලාවට යන්න එප්ප එලියට මොනවහරි වෙයි (අ)
කාලා නිකන් ඉන්න බැරුවට කරගන්න වැඩ මේවා. (නදී)
රාවනා ගැන විශ්වාස නොකරන මිනිස්සු මේ කතාව කියවන්න එපා (දී)
මංජු, කාලා බඩ පුරවාගෙන නිකම් සිටීම අලසයන්ගේ ජීවන ක්‍රමයයි. ඔබත් ඒ ගොඩට පැනලා තියෙන්නේ විහින්මයි. ඔබ වයසට ගිය කාලෙක තරුණ කාලේ කළ එකම දේ කාලා නිදාගත්තා කියලා තමා කියන්නේ වෙන්නේ. තරුණ වයස කියන්නේ අලුත් අත්දැකීම් ලබාගත යුතු වයසයි. හදිසි අනතුරු කියන දේ කාලා නිකම් ඉන්න අයටත් වෙන්න පුළුවන්. හැබැයි එතකොට ඒක ප්‍රවෘත්තියක් වෙන්නේ නැහැ. සසර වසනතුරු ඔබට මෙවන් අකල් මරණයක් නොවේවා! නිවන් සුව! (නි)
මංජු මොනවගේ මිනිහෙක්ද මන්දා? (නි)
මමත් මීමුරේ ... ඇත්තටම ගොඩක් දුකයි මීමුරේ කියන්නේ ලස්සන ගමක් එතින් යන හැමෝටම කියන්න තියෙන්නේ ගමේ දන්නා කෙනෙක් එක්ක යන්න කියල. ඔබට නීවන් සුව සහෝදරයා !!!!!!!! (දී)
මංජු වගේ කාලා බීලා නිකමෙක් වගේ ගෙදරට වෙලා හිටියා නම් හරි ඇති (නි)
සොයුර ඔබට නිවන් සුව.අනතුරක් ඕන තැනකදී වෙන්න පුළුවන් දෙයක්. මීමුරේ ,ලකේගල කියන්නේ ජීවිතේ එක් වරක් හෝ යන්නම ඕන තැනක්. ඒක පිටිසර ගමකටත් එහා ගිය පුදුම ස්වභාවික සුන්දරත්වයක්. ඕනෑම කෙනෙක් භය නැතිව යන්න,මීමුරේ සුන්දර මිනිස්සු ඉන්න තැනක්. නමුත් ආචාරශීලී,විනීත බව තබාගන්න.මොකද මීමුරේ මිනිසුන් අව්‍යාජ මිස නොන්ජල් මිනිසුන් නොවන බැවිනි. (දී)
මම කල්පනා කළේ රාවණා රජ්ජුරුවෝ දඩුමොනරෙත් අරගෙන ඕක උඩට නැග්ගේ කොහොමද කියලයි. අපේ අයට නිකන්වත් නැඟගන්න බැරි එකේ. (නි)
මීටවඩා තමන් ගැන සැළකිළිමත් වෙන්න තිබුණා. අපරාදේ ජීවිතයක්! (නි)
අවාසනාවන්ත පුවතක් (නි)
ගයාන් මහතා, ඔබට මගේ ප්‍රණාමය. (නි)
මේක සියදිවි නසාගැනීමක් නෙමෙයි නේද? (නි)
රාවණා රජු අහසට ගිය තැනින්, තව කෙනෙකුට එලොව යාමට සිදුවීම දෛවයේ සරදමක් වැනිය. (නි)
අනේ දෙවියනේ! (නි)
මරණයට තැනක් වෙලාවක් නැත (නි)
මේ පළාත්වල ලස්සන ගිහිල්ලාම බලන්න ඕනෑ. හැබැයි සංවරව. එහෙම නොවුණොත් ප්‍රතිඵල භයානකයි. (නි)
සොයුර, ඔබට නිවන් සුව පතමි (නි)
මෙවැනි කඳු තරණය කිරීම අනතුරු සහිතයි.පුරාණයේ ශ්‍රී පාද වන්දනාවේ ගිය අන්දමට යායුතු නැහැ.කඳු තරණය කිරීමේ ජාතික හා ජාත්‍යන්තර සංවිධාන ඇති කාලයේ කාලගුණය , තරණයට උපදෙස්,ආරක්‍ෂිත උපකරණ,ලබාගෙන කටයුතු කරන්නේ නම් මෙවැනි අනතුරු සිදු නොවේ.ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ මේ වගකීම බාරගැනීම සුදුසුයි ! (දී)
මංජු මහත්තයා වාහනේ රැකියාවට ගිහින් ඇවිල්ලා, අම්මාගේ අතින් බත් කාලා, ගෙදර ඇඳට වෙලා බේබි සබන් ගාන කෙනෙක් වගේ. තරුණ වයස කියන්නේ අලුත් අත්දැකීම්, දැනුම එකතු කරගන්න කාලයක්. ඕක පුද්ගලයා ක්‍රියාකළ ආකාරයේ දෝෂයක් මිසක් පුද්ගලයාගේවත් කන්දේවත් වැරැද්දක් නෙමෙයි. සොබාදහමට ආසකරන, විඳගන්න කැමති අයත් මේ ලෝකයේ ඉන්නවා. ඒ වගේම මේ වගේ සිදුවීම් වලදී ඔයතරම් අසංවේදී නොවී කතාකරන්න පුරුදු වෙන්න. (නි)
මමත් ලකේගල නැගල තියෙනවා හරිම සුන්දර අත්දැකීමක්.....උඩට ගියහම පුදුම ලස්සනයි මලිදුට නිවන් සුව...(අ)