ඉතාලියේ තාරාන්තෝ පළාතේ ජිවත් වූ ශ්‍රි ලාංකිකයෙකු (59) නිවසේ ගැස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මියගොස් ඇති බව ඉතාලි පොලිසිය පවසයි. තවත් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල සහිතව තාරාන්තෝ සන්තිස්සිමා අනුන්ශියානා මහරෝහලට ඇතුළත් කරනු ලැබුහ. මේ අතර දරුවෙකු ලැබීමට ආසන්න ගැබිණි කාන්තාවක් ද සිටින බව ද ඔවුන් තිදෙනාම මියගිය අයගේ මිතුරන් බවද ඉතාලි පොලිසිය පවසයි. ඉහළ මහලේ ජිවත් වූ ඉතාලි ජාතිකයින් දෙදෙනෙක් ද පිළිස්සුම් තුවාල සහිතව එම රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවන්ත සිදුවීමක්! (නි)
මියගිය සහෝදරයාට නිවන් සුව පතන අතර තුවාල ලත් අය ඉක්මනින් සුවපත් වේවා ! (නදී)
ඉතාලියේ ගෙවල් වල ලංකාවේ මෙන් ගෑස් සිලින්ඩර භාවිතා කරන්නේ නැහැ. ගෑස් සැපයුම් ආයතන මගින් නල අාධාරයෙන් ගෙදරට ගෑස් සපයනවා. ගෙවල් තුල ගෑස් සිලින්ඩර් තබාගැනීම නීති විරෝධී ක්‍රියාවක්. (නදී)