IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලයේ ලාංකිකයින් 259 දෙනකු සඳහා රැකියා හිමිවී තිබෙන බවද කාර්යාංශය කියයි.

අප්‍රේල්  28 වැනිදා ඊශ්‍රායලය බලා යාමට නියමිත කාන්තාවන් 7 දෙනකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද සිදු කෙරිණි.

මේ අතර, ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ රැකියා ලාභීන් 77 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීමද පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදු කෙරිණි. ඒ අතුරින් 28 දෙනකු අප්‍රේල්  28 දින හා තවත් 49 දෙනකු අප්‍රේල් මස 29 වන දින ද ඊශ්‍රායලය බලා යාමට නියමිත බව කාර්යාංශය කියයි.

ඒ පිරිසත් සමගින් ලාංකිකයින් 180 දෙනකු සඳහා ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.



අදහස් (2)

ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා

Fahmi Friday, 25 April 2025 09:43 PM

ඊශ්‍රායලය යනු ත්‍රස්තවාදී රටකි... කුඩා දරුවන් හා කාන්තාවන් අමුඅමුවේ ඝාතනය කරන මොවුන්ගේ ම්ලේච්ඡ, බියගුළු ක්‍රියාව පිළිකුලෙන් හෙලාදකිමු.

:       1       0

Lalla Saturday, 26 April 2025 07:40 AM

විශ්ව විද්‍යාල උපාධිය ගත්තු අය ටික දෙනෙකුටවත් ඔය රැකියාවලට යන්න සුදුසුකම නැතිද? අන්තිමට රැකියා විරහිත උපාධිධාරීන් විතරක් උද්ඝෝෂණ කර කර රටේ ඉතිරිවෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site