දකුණු කළුතර පොලිසියේ වාර්ෂික පිරික්සුමට අද උදේ 6ට පොලිසියේ සියලු දෙනා වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයට ආහ. පෙරවරු 7ට ඊට එන බව කී පොලිස් ලොක්කා පෙරවරු 9ටත් නොපැමිණියේය.
ඔහු පෙරවරු 10ට එන බවට පණිවිඩයක් ලැබිණි. 10ට ද නැත. 10.30ට පැමිණියේය. ඒ අතරේ පොලිස් කාන්තාවන් කිහිප දෙනකු ක්ලාන්ත වූහ. ආචාර පෙළපාළියෙන් පසු උපදෙස් පංතියකට යාමට ඔවුනට සිදුවිය. එය නිමවූයේ පස්වරු තුනටය. ඒ වන තුරු වතුර උගුරක්වත් නොමැතිව පොලිස් නිලධාරීහු දැඩි වෙහෙසට පත්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල ඇඳුමට මුවා වු උද්දච්ච මිනිස්සු ඕනෑතරම් ඉන්නවා ඔය කියන දෙපාර්තමේන්තුවේ (නි)
ඔන්න ඉතින් පේනවානේ එයාලගේ හැටි (නි)
ආචාර පෙළපාළියෙන් පසු ලොක්කව ඒ පිට්ටනිය වටේම රවුම් 50 ක් වත් නිල අඩුම පිටින්ම දුවවන්න තිබ්බේ වෙලවාට රාජකාරිය පැහැර හැරියට. පොඩ්ඩෙක් කළා නම් මෙලහට වැඩත් තහනම් කරලා තුත්තුකුඩියට මාරුවකුත් දීල. අනේ මෙහෙමත් ජේ්‍යෂ්ඨ අධිකාරිවරු. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල පොලිස් ලොක්කන්ට උගන්නන වෙලාවක් දැන් කාලය. (බ)
පොලිසියේ ඉහළම පුටුවේ සිට පහළට ආකල්ප සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව පහුගිය කාලයේ ඇසු දුටු දේවල් වලින් පැහැදිලියි. එලෙසම ඔවුන්ගේ ශාරීරික දරාගැනීමේ හැකියාවද ඉතාමත් දුක්බර ලෙස පහළගොස් ඇතිබව මෙයින් පැහැදිලියි. (නි)
අනේ මෙහෙමත් ලොක්කෝ? (නි)
මිනිසුන්ට මොළේ නැද්ද අඩුම තරමේ වතුර එකක්වත් දෙන්න උදේ 8 විතර ඉඳලා සවස 3 වෙනතුරු ඉන්නකොට? (නි)
නිකන් ලොක්ක ලොක්කා කියකිය ඉන්නේ නැතිව ලොක්කාගේ නම කියන්න කෝ (අ)
මොලේ නැති මෝඩ ලොක්කෙක් (බ)
ඇඹිලිපිටි පැත්තේ ගිහින්ද දන්නෙ නැහැ ආවේ? (නි)
අහන්දත් අමිහිරි පුවතක්. අනේ පොලිසියට ගිය කලක්?(අ)
ටෙනිසනුත් පොලිස් ලොක්කාගේම ජාතියේ කෙනෙක්. අනුන් අමාරුවේ වැටුනහම සතුටුවෙන මේ වගේ මිනිසුන් දණගස්වලා පැය 9ක් තියන්න ඕනෑ වතුරවත් නොදී. එතකොට තේරේවි මිනිසුන්ගේ දුක (නි)
අයුතු ජනරාශියකට ගිහිල්ලා ප්‍රමාද වෙන්න ඇති (නි)
මේ දිනවල පොලීසියට බරපතල චෝදනා එල්ලවෙනවා. එයට ප්‍රධාන හේතුව ඉවසීම හා දරාගැනීමේ ශක්තිය නැතිකම. මෙතැන ලොක්කා තමන් යටතේ ඉන්න අය ගැන පරීක්ෂණයක් කරන්න ඇති, තමන්ගේ ගෝල බාලයන්ගේ ඉවසීම හා දරාගැනීමේ ශක්තිය බලන්න (නි)
අඩු කළේ දිය සෙළවේ (නි)
කොයි කවුරු බලයේ හිටියත් ඕක තමයි වෙන්නේ. මේ රටේ ඕවා වෙනස් වෙන්නේ නැහැ. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
කවුද මේ ලොක්කා? (නි)