(අජන්ත කුමාර අගලකඩ)
රජයේ පොහොර සමාගම් දෙකක් සඳහා විදේශීය සමාගමක් විසින් ගෙන්වන ලදැයි කියන යූරියා මෙටි්‍රක් ටොන් 5,000ක් බෙදා හැරීම අත්හිටුවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පොහොර තොගය ප්‍රමිතියෙන් තොර බවට කෘෂිකර්ම ඇමැතිවරයාට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පියවර ගෙන ඇති බව එම ආරංචි මාර්ග කියයි.
මෙම පොහොර තොගය විදේශීය සමාගම මගින් ගෙන්වීමට ටෙන්ඩර් මණ්ඩලය මගින් අනුමැතිය දී ඇත්තේ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකුගේ බලපෑම මත බවටත් ඒ වෙනුවෙන් එම නිලධාරියාට කෝටි ගණනක කොමිස් මුදලක් ලැබී ඇති බවටත් ඇමැතිවරයාට පැමිණිල්ලක් ලැබී ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා යූරියා පොහොර තොගයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන් බවත් කීවේය.
ඒ අනුව පරීක්ෂණ වාර්තාව අද හෙටම ලැබෙනු ඇතැයි ද ඇමැති අමරවීර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ, නිරීක්ෂණ සහ නිගමන ඊ ගාවට ඒ සඳහා වියදම් කල අපේ සල්ලි අපරාදේ... අපේ ජීවිත කාලයම ඔය කොමිෂන් සහ පරීක්ෂණ අසා බලා හොඳට හුරුයි.....
මේ නිලධාරීන් රටට හෙළි කර රැකියාවෙන් නෙරපන්න, තවද කිසිම දිනක යලි රජයේ රැකියාවක් ලබා දීම හෝ ලබා ගැනීම තහනම් කරන්න.
මේ අනුමැතිය දුන්නයි කියන ඉහල නිලධාරියා ආධුනිකයෙක් වෙන්න ඇති, නැත්නම් පරණ අය නම් දන්නවා කුට්ටිය ෂෙයාර් නොකර ඔය වැඩ කරන්න බැරි බව.
තනියෙන් වීරයෙක් වෙන්න හදලා....
බාල පොහොර ගෙන්වූ නිලධාරියාගෙන් සියලුම වියදම් අයකර ගැනීමට ක්‍රියා කල යුතුය.
අපිව ගොනාට අන්දනවා - ඔය කියන නිලධාරියාගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ පවත්වන්නේ නැත්තේ මොකද? මේ ආණ්ඩුවට දූෂණ නවත්වන්න කිසිම උවමනාවක් නැහැ
අපිව ගොනාට අන්දනවා - ඔය කියන නිලධාරියාගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ පවත්වන්නේ නැත්තේ මොකද? මේ ආණ්ඩුවට දූෂණ නවත්වන්න කිසිම උවමනාවක් නැහැ...............
ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින්ට කීය කීය හරි දුන්නනම් හරිනේ.