දකුණු ඉන්දියාවේ තිරුචි පෙරුම්බලූර් හි පිහිටි සරණාගත කඳවුරක පදිංචිව සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් දෙදෙනකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇතැයි ද හින්දු පුවත්පත් වෙබ් අඩවිය කියයි.
මොවුහු සරණාගත කඳවුරේ බලධාරීන්ට කිසිදු හේතුවක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් නොකර මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
මෙලෙස උපවාස ක‍්‍රියාමාර්ග ආරම්භ කොට ඇත්තේ බී.සර ගුණරාජන් සහ සාන්තන් නමැති ලාංකිකයන් දෙදෙනෙකි. මොවුන් කාලයක පටන් පෙරුම්බලූර් සරණාගත කඳවුරේ පදිංචිකරුවෝ වෙති.
කඳවුරු බලධාරීන් සඳහන් කරන්නේ මොවුන් මෙලෙස හේතුවක් නොදන්වා උපවාස ක‍්‍රියාමාර්ග ගැනීම නීතිවිරෝධි බවය.
කෙසේ වෙතත් කඳවුරු බලධාරීන් උපවාසයේ නිරත ලාංකිකයින් දෙදෙනාට දන්වා ඇත්තේ වහාම මෙම උපවාසය නවතා දමා තමන්ට ගැටලූ ඇත්නම් ඒවා ලිඛිතව තමන් දන්වන ලෙසය. එසේ නොමැති නම් ඔවුන් එරෙහිව නීත්‍යනුකූල ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න බැරුව නේද අර නරකාදියකට ගියේ. දැන් එහෙ ගිහින් උපවාස කරනවා (නදී)
රූපවතී, දැන් අපිට මොකටද කියන්නේ කියලා අහන්නේ ඒ දෙන්නා ඔයාට කිව්වාද එයාලගේ ප්‍රශ්න ටික. ඒ රටේ බළදාරීන්ට එයාලගේ ප්‍රශ්න ටික විසඳ ගන්නට දීලා ඔයා පාඩුවේ ඉන්න. (නදී)
රූපවතී අක්කාට හොඳටම තරහා ගිහිල්ල වාගෙයි. හොඳවයින් කොහිල ටිකක් කන්න, ලෙඩේ සනීප වෙයි. (නදී)
රුපවති,ඔයා ලීව කොමෙන්ට් එක ආයෙත් කියවා බලන්න.අරක්කු බොන්න ඕනේ නැහැ වනචාරි අදහස් වලට කොමෙන්ට් එකක් දාන්න.වචනයෙන් මිනීමැරුමක් කරගෙන තියෙන්නේ. මෛත්‍රී භාවනාව වඩා සිත සන්සුන් කර ගන්න.අපි ඉන්න බටහිර රටේ අරක්කු නැති බව මතක් කරන්නත් කැමතියි. (බ)
"මේගොල්ලන්ගේ ඉල්ලීම ජයලලිතාගේ ඇපෑල අයින් කරන්න කියලද?නැත්නම් ස්ථිර විසා ඉල්ලලාද? (නදී)
ඔය මට බනින සේරමලටික අනේ. ඔය පරිගණකයෙන් නැගිටලා යන්න අනේ දකුණු ඉන්දියාවට. ඔය අසරණ දෙන්නට උදව්වට? එහෙමත් නැතිනම් මිහින් ලංකා එකේ ටිකට් තියෙනවා අනේ වියදම් කරලා ආපසු ගෙන්වා ගන්න මෙයාලව.අපේ රටේ ඉන්න බැරි නිසානේ ගියේ? බොරුවට මට උඩුබුරනවා?? ඔයාලත් පුලුවන්නම් යන්න ගිහින් උපවාස කරලා ඉල්ලන්න ඕන දෙයක් තියේනම් ?(බ)
මේ නාමල් ඔයාල මැරිලා. ඉපදිලා වගේ කතා. කරන්න එපා ...? එයාල. නේද මේ රටේ බෝම්බ ඇටෙව්වේ හැමතැනම ? දැන් කොහෙද යුද්ධයක් ? මරබිය එතරම්ම ව්‍යාප්ත වෙලානම් ඇයි ඔයාලට ඒ ප්‍රශ්නේ බල නොපැවේ? ඇයි ඔයාලත් ඉන්දියාවට හරි වෙන රටකට පැනල නොගියේ? ඔයාලත් කෑගහල කියන්න මානව සම්පත් කඩවෙනවා ලංකාවේ කියල ? මට බැනල බැහැ ලෝකෙට කෑගහල කියන්න..ඔයාල දෙපාරක් තිතන්න පුරුදු උනොත් හොදයි (බ)
ඔයාල ටික සේරම මගේ කොමෙන්ට් එක කියෙව්වේ හොදටම වෙරිවෙලා හිටිය වෙලාවක නේද ?මටකියල තියෙන වචන ටික මිරිකුවොත් අරක්කු වැක්කෙරෙනවා බිම දිගට කියල හිතුන ඒ ටික කියවද්දී..?? (බ)
සිසිර තොප්පිය හරිනම් දමාගන්න. සම්පුර්ණ ඇත්ත මම ලියල තියෙන්නේ. ඔයාටත් ඕනෙ නම් පන බේරගන්න ගිහින් උප වාසෙට එක්වෙන්න. පැනල ගිහින් තමිල්නාඩුවේ සරණාගතයෙකු වෙන්න. ලංකාවට විරුද්ධව උපවාසේ කරන්න. (නදී)
අපේ අයියා කෙනෙක් අපිට නිතරම කියන අවවාදයක් තමයි,කට අරින්න පෙර එක සැරයක්,දෙසැරයක් නොව තුන් සැරයක් සිතා වචන බාවිතා කරන ලෙස.රූපවතීගේ වනචාරි අදහස් බලපුවාම එයාටත් තොප්පිය හරියන බවයි පෙනී යන්නේ.(බ)
ඩයස්පෝරා සැණකෙළියට පැමිණෙන්නට පෙරසුදානමක්! (බ)
මෙහෙ හොඳ නැති නිසානේ ගියේ? වතුරයි බතුයි හරි කාල හිටියනම් තමන්ගේ රටේ..? වැඩියෙන් කන්න ගිය නිසා හොදයිනේ ජයලලිතාට කියල වරප්‍රසාද ඉල්ලා ගන්න ඔහෙන්. දැන් අපිට මොකටද කියන්නේ උපවාසේ මැරෙනකම්ම කරගෙන යන්න අතහරින්නනම් එපා ..ඔයා ..? රස්නේ වැඩිනම් මුහුදට හරි පනින්න හොද ජබුර තැනක් බලලා ..? (බ)
රූපවතී ඉතාම මෝඩ විදිහට කොමන්ට් කරන්න එපා. ඒ මිනිස්සු ගියේ මර බියේ නැතිව ඉන්දියාවේ සුර සැප විදින්න නෙමේ. ඒ අයට මොකක් හරි ගැටලුවක් ඇති. ඒ මිනිස්සු දෙමල වුනා කියලා රූපවතීල තමුන්ගේ නූගත් ගෝත්‍රික අදහස් මෙතැන කියන්න ඒම සිංහලයන්ට ලැජ්ජාවක්. (නදී)