ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන දිනේන්ද්‍ර අතුකෝරල (34) මැරීයැයි සැකපිට ඔහුගේ බිරිය චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේ ජූලි 16 පර්ත් ස්ටර්ලිං ගාර්ඩන්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිය යුතු බව නියෝග කරමින් රිමාන්ඩ් කරනු ලැබුවාය.
වෛද්‍යවරියක වන ඇය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප අයැදුම්පතක් ඉදිරිපත් නොවීය.
බටහිර ඕස්ට්‍රේලියාවේ ජෙරාල්ඩ්ටන් රෝහලේ සේවය කළ මේ දෙදෙනා අතර ගැටළුවක් තිබූ බවක් තමන් දැන නොසිටියේ යැයි අසල්වාසීන් පොලිසියට කියා ඇත.
දොස්තරට තුවාල සිදුවූයේ කෙසේදැයි සොයාගෙන නැති නමුත් මරණය සිදුවූ ස්ථානයේ තිබූ මිටියක් ගැන ඕස්ට්‍රේලියා පොලිසිය පරීක්ෂණ කරයි.
දොස්තර යුවළගේ අසල්වැසියන් පවසා ඇත්තේ ලාංකික යුවළ සිටි නිවසින් කිසිම ශබ්දයක් නොඇසුණු බවයි.
එම තට්ටු නිවාසයේ සිටි කිසිවකු ඔවුන් හරිහැටි හඳුනාගෙන නොසිටි බව පෙනේයැයි , මීට මාස 12කට පෙර ඔවුන් මෙහි පදිංචියට පැමිණ ඇති බව ද අසල්වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ රටවල ගෙදරදී ගැහැණිය මැරුනොත් මනුස්සයා සැක කරනවා. මිනිහ මැරුනොත්ගැහැණිය සැක කරනවා. ළමයෙක් මැරුනත් අම්ම තත්ත්ව සැක කරනවා. මොකද අද සමාජය ඒ තරමටම දුෂනයවෙලා නිසා. චතුර කිව්වා වගේ මෙතන තුන්වෙනියෙක් නැතිනම්, සමහර විට අධික කෝපය වෙන්න පුළුවන්. සමහරුන්ට කෝපය පාලනය කර ගැනීම බොහොම අමාරුයි. මොනවා වෙතත් වටින ජිවිතයක් ලොවට අහිමිඋන.(දී)
මේ කාන්තාව දන්නේ නැතුව ඇති මිනිහෙක් මරණ එක වැරදියි කියලා. දොස්තර කෙනෙක් උනේ කොහොමද දන්නේ නැහැ. මොකක් හරි දෙයකින් අන්ධ වෙලා වෙන්න ඇති. (ස)
ලෝකෙ කොහේ ගියත් ඉන්න දැන ගත්තේ නැතිනම් වැඩක් නෑ, මහා ලොකුවට රට යනවා. හැදු වැඩූ දෙමව් පියන් බලන්නේ නෑ, ගෑනිව අරන් රට යනවා, අම්මල තනියෙන් උයාගෙන කාල ජීවත් වෙනවා, දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනයත් දෙන්න ඕනේ. පොතේ දේවල් ඉගෙන ගත්තොතින් වෙන්නේ මේ දේ තමයි. (ස)
දෙපැත්තේ ගෙවල් දෙකේ අසල්වැසියන්ට මුනට හම්බවුනොත් හලෝ කියනවා ඇරෙන්න ඊට එහා යන ආශ්‍රයක් නැහැ අසල්වාසීන් සමග බොහෝ විට.ගෙයින් පිටතට කිසිම සද්දයක් ඇහෙන්නෙත් නැහැ කිසි විටක. ඉතින් අසල්වැසියෝ දන්නේ නැහැ ගේ ඇතුලේ මොකද වෙන්නේ කියලා.ඒ වගේම අනුන්ගේ ඕපාදුප හොයන්න මේ රටේ අයට වෙලාවකුත් නැහැ ලංකාවේ වගේ.ඒ මිනිස්සුන්ට ඊට වඩා කරන්න,තමුන්ගේ වැඩ තියෙනවා. (දී)
පහුගිය කාලේ දොස්තරලා කිහිපදෙනෙක් නොයෙකුත් අපරාධවලට සම්බන්ද පුවත් තිබුන නේද? (දී)
මේවගේ දුක්බර සිදුවීම් වලට මූලික හේතුවක් තුන් වැන්නෙක් මෙයාලගෙ ජීවිතවලට ලං වුනහම. සමහර අය මට දොස් නගාවි. මම දන්න විදිහට ගොඩාක් විදේශ ගත වන අයගෙ පවුල් ජීවිත අසාර්ථක වෙල තියෙනව. හැමදේටම මුල ආශාවන් පස්සෙ යන එක. තමන් විවාහ වෙන්න තීරනයක කලහම මුලු ජීවිතයම විය යුත්තෙ තමන්ගෙ සහකරුව මිස තමන්ට ජීවිතේ අතරමගදි හමුවෙන කෙනා නෙවේ. මොකද අතර මගදි හමු වෙන කෙනා එන්නෙ තුන්වැන්නෙක් වෙන්න මිස අපේ මුලු ජීවිතයම බාර ගන්න නෙවේ.කොහොම කීවත් සැග වුන හැගීම් වලට ඉඩ දෙනව මිස මිනිස්සු යතාර්තය තේරුම් ගන්නෙ නැහැ. (දී)
දොස්තර ගැන විස්තර ඇත්නම් එවන්න. (ත)
මේ දොස්තර උපන් හපනෙක්. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයෙක්. දිවයිනෙන්ම 17 වැනියා වෙලා වෛද්‍ය විද්‍යාලයට ගිය කෙනෙක්. හරිම දුකයි. දෙමවුපියෝ ඉංග්‍රීසි ගුරුවරු (දිල්)
මේ කෙල්ල අහිංසකයි. සුද්දන්ගේ කොඩි විනයක් (දී)
මෙතන මේ අදහස් දාන සමහර අය පිටරට ඉන්න අයට ඔතරම් අකමැති ඇයි.....ඉරිසියාවද....? වෙන්න බැහැ....... (දී)
නිදහස් අධ්‍යාපනයට වියදම් කල සල්ලි. (දී)
සද්දේ නැතිවම වැඩේ දීලා වගේ (දී)
චතුර, ඔබට දොස් කියන්නේ කුමටද? මගෙන් මල් මිටක්. (දී)
මෙහෙ මිටිවලින් ගහල ලංකාවේ අය මරාගන්න එක වැඩිවෙලා... ගිය අව්රුද්දෙ ස්වාමි පුරුෂය බිරිඳට මිටියකින් ගහල මැරුවා. ඔක්කොම හොඳ බුද්ධිමත් අය. (දී)
ඒ ගොල්ලන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් වෙන්න ඇති මේ සේරටම මුල. (ස)