ලොවපුරා ශ්‍රී ලාංකික ඩයස්පෝරා ප්‍රජාව ඒකරාශි කැරෙන සමුළුවක් මේ වසර අගදී කොළඹදී පැවැත්වීමට විදේශ අමාත්‍යාංශය සැරසෙයි.
ඔවුන්ගේ විශේෂඥ දැනුම ලංකාවේ ප්‍රතිසන්ධාන හා සංහිඳියා වැඩට දායක කර ගැනීම මේ වැඩපිළිවෙළෙහි අරමුණ වේ.
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සැලසුමක් අනුව මෙය සංවිධානය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල මහත්තයත් හිතලා බලන්න ඕනෑ ලංකාවෙ කට්ටියගෙ බුද්ධි මට්ටම ගැන මෙහෙම කියන්න කලින්. ඩයස්පෝරා නොකියා විදේශගත ශ්‍රී ලාංකිකයින් කියලා කිව්වා නම් කවුරුත් මුකුත් කියන්නෙ නැහැනේ! (නි)
අනේ!අපේ රටේ මෝඩ මිනිසුන්ගේ බුද්ධි මට්ටම මෙහි දා තිබෙන ප්‍රතිචාර වලින්ම පෙනෙනවා. (නි)
එක අතකට විවිධ අන්තවාදී කණ්ඩායම් වලට රැස්වීම තහනම් නැත්නම් දෙමළ ඩයස්පෝරාව රැස්වීමක් තියන එකේ වැරැද්දක් මට නම් තේරෙන්නේ නැහැ. නීතිය සැමටම එක සමානව ක්‍රියාත්මක වියයුතුයි. (නි)
සමන්ති, රුවන්, ඔබගේ පැහැදිලි කිරීම වටිනවා, තේරුම් ගන්න පුළුවන් සහ කැමති අයට. ලංකාවේ සමහර අයට පොවලා තියෙන්නේ ඩයස්පෝරාව කියන එකට වෙනම තේරුමක්. ඉතින් ඔහේ දොඩවනවා. ජනතාව සත්‍ය වටහා ගැනීම අසත්‍යයෙන් යැපෙන අයට අවාසිදායකයි. (නි)
ඩයස්පෝරාව කියන්නේ උපන් රටේ අයිතියක් නැතුව පිරටවල ඉන්න අයට. දැන් කාටද එහෙම වෙලා තියෙන්නේ? අපි කිවුවද වෙන රටවල පුරවැසිකම ගන්න කියලා? ඩයස්පෝරාවේ ඉන්නේ කවුද කියලා හැමෝම දන්නවා. මේකේ සමහරු බොරුවට කෑගහනවා (නි)
"ඩයස්පෝරාව = කොටි " ඔන්න අපේ ගොඩක් කට්ටිය හිතන හැටි. ඇත්තටම පිටරට ඉන්න ඕනෑම ජනවර්ගයක ශ්‍රී ලාංකිකයින් මේ විදිහට රටේ දියුණුවට හවුල් කරගන්න එක හොඳ වැඩක්. (නි)
කවුරු කළත් රැවටීම රැවටීමමයි. 2009 වසරේ මහින්ද රජයෙන් අපට ඇරයුමක් ලැබුනා රට සංවර්ධනය කරන්න උදව් ලබා ගැනීමේ අරමුණින් පවත්වන සම්මේලනයකට එන්න කියා. මාත් ඇතුළු විදේශගත ශ්‍රී ලාංකිකයින් 450ක් පමණ ඊට සහභාගි වුණා. පිටරට සිටින ශ්‍රී ලාංකිකයින්ගේ විශේෂඥ දැනුම ලබාගන්න කියලා මතුපිට නමක් සම්මේලනයට දා ගත්තට ඒක පවත්වපු ආකාරය සහ එහි දෙසුම් දෙන්න ආ ආරාධිත පිරිස දුටුවිට අපට එදාම හැඟුනේ මේ කරන්නේ විශාල ප්‍රෝඩාවක් බව. රුපි. මිලියන ගණනක් (මම නම් පැමිණියේ මගේ සාක්කුවේ මුදලින්) මේ සඳහා කාබාසිනියා කළා. මේ සම්මේලනයේදී හා ඊට පසුව මා විසින් සහ වෙනත් අය ඉදිරිපත් කළ සංවර්ධන යෝජනා සියල්ලම හමස් පෙට්ටියට දමාගිය ගමන අවසානය පසුගිය ජනවාරියේ අප දැකගත්තා. එදා ඒ අය කළත් මෙදා මේ අය කළත් මේවා ඇත්තෙන්ම ශෝභන වැඩ.මාධ්‍යය සංදර්ශන. (නි)
එදාට උස්සන්නේ මොන කොඩියද? (නි)
සමන්ති, රුවන්, ඔය දෙන්නගේ අදහස් දෙක විතරයි මේකේ ගන්න දෙයකට තියෙන්නේ. අපේ මිනිස්සු කවදාද මේ අන්ධකාරයෙන් මිදෙන්නේ. පුදුම අවාසනාවන්ත තත්වයක්. වචනයේ තේරුම දන්නේ නැත්නම් ඇයි මේ පණ්ඩිත කතා? (නි)
මගේ අදහස සංශෝධනය කර නැවත පළකළාට ස්තුතියි. (නි)
ඉතා හොද තීරණයක්... මේ පහුගිය රජය කාලෙ සමහර මාධ්‍යවලින් උලුප්පලා පෙන්නුවේ මේ 'ඩයස්පෝරාව' කියන්නේ 100% බෙදුම්වාදීන් කියලා... නමුත් ඩයස්පෝරාවෙ බහුතරය සුලුජාතීන්ට සමාන අයිතිවාසිකම් ඇති ඒකීය ශ්‍රී ලංකාවක් පතන අය කියල පිටරට ඉන්න අපිනම් දන්නවා. (ම)
මිනිසුන්ගේ දැනුමේ තරම පෙනෙනවා (නි)
මේ වසර අග වෙනකොට මංගල උන්නැහේ හිටපු තැනවත් හොයා ගන්න බැරිවෙනවා. (හේ)
කොපමණ වැරදි තිබුනත් පෙර පැවති පාලනය නැවත පත්කිරීමට කාලය ඇවිල්ලා වගේ කියලා දැන්නම් හිතෙනවා (නි)
ජීවිත පුදා රණවිරුවන් කළ මෙහෙවරට කලගුණ සලකන විදිය මේ ආණ්ඩුව (ම)
ඔය කියන ඩයස්පෝරා ප්‍රජාව මෙයාලගේ කට්ටිය විතරක් වෙන්න ඇති .(හේ)
මේ රුවන්, සමන්ති, ඔයාලගේ මොලේ තරම නම් තේරෙනවා, නම නෙවෙයි වැදගත් පෙනී ඉන්නේ , ක්‍රියා කරන්නේ කා වෙනුවෙන්ද කියන එකයි . (ම)
සමහරු කතාකරන්නේ කරුණු හරිහැටි තේරුම් නොගෙන (නි)
නියම සිංහලකම ඇති වුණාම ඔයවගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා..රණවිරුවෝ ජිවිත පුදලා රට බේර ගත්තේ මේදේවල් වෙන්නද? (ම)
අපි වෙනුවෙන් ජීවිත පූජාකළ රණවිරුවනේ, ඔබලාව දිරිගන්වා පෙරට යාමට උදවුදුන් අපිට දහස් වරක් සමාවෙන්න! (නි)
විජයබාහු,ඩයස්පෝරා ප්‍රජාව කියන්නේ කවුද කියලා ඔයා දන්නේ නැහැ. යම්කිසි රටක සිටින ශ්‍රී ලාංකිකයන් හඳුන්වන්නේ එම රටේ ශ්‍රී ලාංකික ඩයස්පෝරා ප්‍රජාව කියලා. ලංකාවේ සිටින චීන ජාතිකයන් හඳුන්වන්නේ චීන ඩයස්පෝරා ප්‍රජාව කියලා. (නි)
රටට සිදුවන්නට යන්නේ කුමක්ද යන්න ජනතාව අවබෝධ කරගත යුතුව ඇත. (නි)
දින 150 ට මංගල මහත්තය වෙනුවෙන් මේ රජය වියදම් කරලා තියෙන මුදල කාට හරි කියන්න පුලුවන්ද..ඒ අනුව ගණන් හදල මෙතුමා ඉදිරි මැතිවරණයෙන් ජය අරගෙන ආයේ විදේශ ඇමති වුණෙෘත් ඒ ඉන්න අවුරුදු පහට යන වියදම ගණන් හදල බලන්න මට ආසයි..දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න..(ම)
මොනවද මේ වෙන්න යන්නේ.(හේ)
ඩයස්පෝරාව කියන වචනය ලංකා සමාජය තුළ ප්‍රසිද්ධියේ භාවිතයට පටන්ගැනෙන්නේ ත්‍රස්තවාදයට එරෙහි යුධ ජයග්‍රහණයෙන් පසුවය. එහෙයින් ලංකා පුරවැසියන් වැඩි දෙනෙකු නිතර කණ වැකුණු දෙමළ ඊලාම් ඩයස්පෝරාව හැරෙන්නට ඉන් එහා කිසිවක් දන සිටියේ නැත. (ම)
සමීර පොඩ්ඩක් පැහැදිලි කරලා කිව්වනම් බලන්න, ප්‍රවෘත්තියට අදාළ දේ කතාකරන්න. (බ)
ඡන්ද කාලේ විමල් වීරවංශ කිවු දේවල් ඇත්තක් වන බව මෙයින් පැහැදිළි වෙනවා. අපි එදා ඔහුට හු කිවුවා. ඒ හුව අපි අපිටම කියා ගත්ත බව තේරෙනකොට හංසයාට ඡන්දෙ දුන්නු අපි රටට එරෙහි වූ නින්දිත නරියෝ නේද කියලා හිතෙනවා. (අ)
නාමල්ට මේ ආණ්ඩුවේ අය අධෝ වාතයක් යැවුවත් හරිම සුවඳයි. එතරම්ම බුද්ධිමත් අපක්ෂපාතී චරිතයක්. (නි)
ඩයස්පෝරාව වචනය අල්ලාගෙන කෑගහනවා. අපි කොච්චර කෑගැහුවත් කොටි ඊළාම් ඩයස්පෝරාව කරන්න හදන්නේ රටේ බෙදීමක් කියන එක මේ අදහස් දාන අය හිතට අරගෙන කතා කළොත් හොඳයි වගේ. (නි)
මේ නම ඇහෙනකොට යහපාලල වගේ පුද්ගලයන් භූමිතෙල් වෙදුනු ගෙරන්දී වගේ |හැසිරෙනවා...මොනවා කරන්නද තමන්ගේ දැනුමම හෙටියටනේ වැඩ සිද්ධ වෙන්නේ .... (ම)
මං මේකේ දාල තියන ප්‍රතිචාර දැක්කම ලංකාවේ මිනිස්සුන්ට තියන බුද්ධි මට්ටම ගැන කලකිරෙනවා,සමන්ති විතරයි හරියට උත්තරයක් දීල තියෙන්නේ,ඩයස්පෝරාව කියන වචනේ අල්ලාගෙන මේ මෝඩ මිනිස්සු ටික දාල තියන ප්‍රතිචාර,මේ මනුස්සයෝ හිතන්නේ ඩයස්පෝරාව කියන වචනය කොටි සංවිධානයේ අන්වර්ථ නාමයක් කියල ,මේ අය මහින්ද ලොක්කට මැරෙන්න හදන එක මහා පුදුමයක් නෙවෙයි (අ)
යහපාල ...කීයක් වියදම් කළත් මොකද රටට යහපතක් වෙන විදියේ කටයුත්තකට .....රජ පවුලේ රාජ කුමාරයන් කකුලට දමාපු ලක්ෂ 3නෙ සපත්තු, ලක්ෂ 2 කේ ඉනපටි වලට ගත්ත ජනතා සල්ලි වලට මොකද හිතෙන්නේ ? (බ)
හැමෝම දන්නවා මේකට ඩයස්පෝරාව කියන්නේ ඇයි කියලා (බ)
සිංහල මුස්ලිම් දමිල ක්‍රිස්තියන් මැලේ බර්ගර් කාපීරි ඇතුලු තවත් ජාතීන් සිටී නම් ඒ සියල්ල ලක් මවගේ දරුවන් නම් ඇයි අපි වෙන් වෙන්ව සමුළු පවත්වන්නේ මේ සිදු වන්නේ බෙදුම් වාදය විවිධ ජාතීන් ආගම් කුල ගෝත්‍ර සදහා නව මොඩලයකින් හදුන්වා දීමක්ද? ඉපදුන අප මිය යනවා කිසිවකුටත් වැලැක්විය නොහැක. නමුත් මිනී වලටත් හෙන ගහන වැඩ නම් මේ උතුම් මව්බිම වෙනුවෙන් නොකල යුතුය. ඇයි ද මේ පින් බිමට වෙන වෙනම වෛරී සමුළු. මෛත්‍රි සහගතව පවත්වන්න කො සකල විධ ජාතීන්ගේ හා ආගමිකයන්ගේ දෑත් වැළද ගන්නා ලාංකීය සාමයේ විජයග්‍රහණය ලොවටම කියන සාඩම්බර සමුලුවක්. එහෙම හොඳයි නේද ලක් මවගේ සොයුරනි? තේරැම් ගන්නකො ටයි කෝට් හැඳ ගත් මහත්වරුනි. (අ)
ඇත්තටම ඔය ඩයස්පෝර වචනය හැදුනේ යුදෙව්වන් නිසා ලොව ප්‍රබලම ඩයස්පෝරාව යුදෙව් ඩයස්පෝරාව .එයාලට රටක් නොතිබුන කාලේ තමයි ඔය වචනය වැඩිපුරම භාවිතා කළේ .එත් දැන් යුදෙව්වන්ට රටක් තියනවා .එය ඊශ්‍රායලය එත් ඒ වචනය ලොවපුර විසිරි සිටින යුදෙව්වන් සදහා තවමත් භාවිත කරනවා . (අ)
වල්ගේ පාගාගෙන අදහස් දානවා ..(අ)
කොටි ඩයස්පෝරාව ගෙන එකතමයි ප්‍රශ්නය. (අ)
ලොවපුරා විසිර සිටින ජන කොට්ඨාශය ලෙස එය හදුන්වන්න පුළුවන් ඒ අනුව සිංහල ඩයස්පෝරාව යනු ඉතාම සුදුසු වචනයක් ලොව පුරා විසිරි සිටින සිංහල ඩයස්පෝරාව .මංගල සමරවීර කියන්නේ නම් එක්තරා දේශපාලන පක්ෂ ඩයස්පෝරාවක් එ්ක අර්ථ දක්වන්න මම දන්නේ නැහැ (බ)
මේක ඉතා හොද වැඩක් කරගන්න පුලුවන්නම්, නමුත් මම හිතන්නේ නැහැ ඒ අය කියල , මොකද ඔය බොරුවට කහගහන අපේ සම හරක් වගේ නොවනු ඇත. (අ)
සංජය, සිංහල තේරෙන්නේ නැහැ වගේ. ඔය පෝරා එක කඩේ ගියේ කොටියටනේ. එතකොට අපේ හමුදවට යුධ අපරාධ චෝදනා ජීනිවා ගෙනගියේත් එයාලමයි. අනික ඒ අය මේ රටේ පුරවැසියොත් නෙමෙයි නම් දුප්පත් දෙමළ මිනිහගේ ප්‍රශ්න දැනෙනවද? මම හිතනවා සංජය මහත්තයට දැන් තේරෙන්න ඇති කියලා. මෙතන තව බබ්බු ඉන්නවද ? පැහැදිලි මදිද? (නි)