බ්‍රිතාන්‍යහමුදාවන්හි ශ්‍රී ලාංකික සම්භවය ඇති දස දෙනකු සේවය කරන බව බ්‍රිතාන්‍ය පාර්ලාමේන්තුවේ දී සඳහන් විය.
බොබ් රසල් මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් උප ඇමැති ඇනා සෝබ්‍රි එම පිළිතුර සභාගත කළාය.
බ්‍රිතාන්‍ය හමුදාවන්හි සිටින මුළු ගණන 157490ක් බවත්, එයින් 33080ක් රාජකීය නාවික හමුදාවේ ද, 89480ක් යුද හමුදාවේ ද, 34940ක් රාජකීය ගුවන් හමුදාවේ සේවය කරන බව සභාගත කළ පිළිතුරේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකික සම්භවය ඇති හමුදාවේ බහුතරය ශ්‍රී ලංකන් දෙමල අය (ස)..
දෙවෙනි ලෝක යුද්ධය වෙලාවේ අපී තරුණ පිරිස් බ්‍රිතාන්‍ය හමුදාවට බැදී ජීවිත අහිමි කරගත්තා,අංගවිකල වුණා. ඒ කල උදව් වලට ,නම්බුවට 10 දෙනෙක් නවේ 10,000 ක් වත් මෙකල බඳවා ගත යුතුයි.මගේ එකම පුතා දක්ෂ ක්‍රීඩකයෙක්.එරට කොමාන්ඩෝ පාඨමාලා හදාරා සහතික පවා ලබාගෙන සිටියත් ඔහුට එරට හමුදාවට බැඳීමට අවස්තාවක් දී නොමැත. (අ)
ගාමිණී.. මට තේරෙන්නෙ නෑ ඔබතුමාගෙ පුතාට මොකද බැරි කියලා. පිළිගත් විසා තියනවා නම් ( ශිෂ්‍ය විසා වලින් නම් බෑ ) එරට හමුදාවට ගන්නවා. හොදම උදාහරනය මම. මගෙ ගමන් බලපත ලාංකික. මම ඉන්නෙ පුර්ණ කාලීනව වැඩ කල හැකි වීසා කාණ්ඩයක. මම හමුදා මූලස්ථානයට සම්බන්ධ රැකියාවක මේ මොහොතෙ ඉන්නෙ. මාව සම්බන්ධ කරගන්න මම කල හැකි උදව්වක් කරන්නම්. (ස)
ඔය එංගලන්ත රාජකීය අළුගෝසු හමුදාව වගේද අපේ ලංකාවේ හමුදාව?අවම පහසුකම් යටතේ බලවත්ම ත්‍රස්ත සංවිධානයක් පරාජය කරපු අපි උන්ට වඩා බලවත්?ඕකට බැඳිලා අපිට විරුද්දව වැඩ කරන්න වේවි, (ස)
ජපන්නු අපිට බෝම්බ දැම්මෙත් සුද්දෝ මේ රටේ ඉදන් දෙවන ලෝක යුද්දේ මෙහෙයවපු නිසයි. ඒ නිසා සුද්දෝ අපිව ජපනුන්ගෙන් බේරගත්තා කියන්න බෑ. සුද්දෝ එ්ක කරන්නම ඕනේ.(නදී)
සුද්දන්ට බනින හැම කෙනකේම ඒ රටවල රස්සාවක් ලැබුනොත් යනවා (නදී)
ඔවුන්ගේ රටේ ආරක්ෂාවට ඉන්න හමුදාවක් නම් මේ දහ දෙනා ඉන්න එක ගැන මා සතුටු වෙනවා.ඒත් ඉරාකය, ඇෆ්ඝනිස්තානය, ලිබියාව, සිරියාව ආදී අනුන්ගේ රටවල් ආක්‍රමණය කරන්න යන හමුදාවලට මා විරුද්ධයි. (දී)
අපේ අය අපිව කන තරම් සුද්දෝ අපිව කෑවේ නැහැ. අනිත් එක සුද්දෝ හිටියේ අවුරුදු 50 කට විතර කලින් නේද? අවුරුදු 50 අපේ අය අපිට මොනවද කරලා තියෙන්නේ. නායකයාගේ ඉඳල ඔක්කොම දේශපාලකයෝ නම් හැදිලා තියෙනවා. (නදී)
"එ්ක සාමාන්‍ය දෙයක් ගාමිණී මහත්තයෝ", අපේ කළු සුද්දෝ ටික ඉන්ග්ලිෂ්, ඉන්ග්ලිෂ් කියලා දැඟවට, එයාලා අපිව හදලා සූදානම් කරලා ගියේ එයාලට ප්‍රයෝජනයකට මිසක්, අපිට තියෙන ආදරයකට නෙමෙයිනෙ. ලෝකේ වෙන රටවල අපි වගේ නෙමෙයි, ඔවුනොවුන්ගේ මව් භාෂාවට, මහා ජාතියට ප්‍රධානත්වයෙන් තමා සියළු දේවල් කරන්නේ. (නි)
අපිට හරිම ආඩම්බරයි! (නි)
''ජෝර්ජ් මහා රජා -වඳිනෙමි දෙදණ බිම තබා'' කියලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාට දණ්ඩ නමස්කාර කරන්නවුන් තවමත් ලංකාවේ සුලභය (නි)
ගාමිණි සිරිවර්ධන, මම දන්නා විදියට නම්, අද කාලයේ ලෝකයේ කිසිම රටක්, එරටෙහි පුරවැසියෙක් නොවන අයෙක් කොතරම් සුදුසුකම් තිබුනත්, එම රටෙහි ත්‍රිවිද හමුදාවට බදවා නොගැනේ. ඔබගේ පුතාගේ ප්‍රශ්නය සමහරවිට එය විය හැකියි. (නදී)
මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)
චන්ද්‍ර වීරසිංහ, ජෝර්ජ් රජහැර අපි කාට වඳින්නද? ජෝර්ජ් රජාලා තමයි දෙවන ලෝක යුද්ධයෙන් ජපනාගෙන් අපිව බේරාගත්තේ. සුද්දාට බැන්නාට රැකියාවට යන්න හිතන්නේ ඇමරිකන් නැත්නම් බ්‍රිටිෂ් කොම්පැනියකට. සුද්දා අපේ අය තරම් අපිව සීරුවේ නැත. (නි)
නියමයි චන්ද්‍රසිංහ, මේ බ්‍රිතාන්‍යය පුරවැසියෝ කියලා තියනවා තේරෙන්නේ නැද්ද? (නි)
මේ ගැන මොකද දන්නේ නැහැ අපේ අර අධිරාජ්‍යවාදය පෙන්නන්න බැරි කෙනා කියන්නේ? (නි)
ගමන්ද, ඔයාගේ අදහස නම් හරියටම හරි. අපේ රටේ වැඩි දෙනෙකුට සිංහල හරියට කතාකරගන්නත් බැහැ: ඉතින් අපිට රටක් වශයෙන් නැගී සිටින්නවත් පුළුවන් වෙයිද? (නදී)