රජයට රුපියල් හත් ලක්ෂ විසි දහසක පාඩුවක් සිදුවන අයුරින් ගනුදෙනුවක් කළැයි ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) හිටපු සභාපති චම්පානි පද්මසේකර, හිටපු අධ්‍යක්ෂ නෙවිල් සුසන්ත පෙරේරා ඇතුළු පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු 30 සහ අප්‍රේල් හතර වැනි දා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා නියෝග කළේය.
2006 නොවැම්බර පළමු වැනි දා සිට 2007 ජනවාරි 31 වැනි දා අතර කාලයේ මෙම ගනුදෙනුව සිදුවී ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd