ලන්ඩනයේ සද්ධාතිස්ස දහම් පාසල් සිසුහු සිංහල අවුරුදු උළෙලක් පැවැත්වූහ. විහාරාධිපති ගලයායේ පියදස්සී නාහිමියන්ගේ හා දහම්පාසලේ ප්‍රධානාචාර්ය නේපාලේ සුමන හිමියන්ගේ අනුශාසනා පරිදි උළෙල පැවැත්විණි. ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකික දරුවෝ ද ලන්ඩනයේ උපන් දරුවෝද සම්ප්‍රදායක නැටුම් ගැයුම් වැයුම් හා හෙළ ගායනා ඉදිරිපත් කළහ. බ්‍රිතාන්‍යයේ උපන් ශ්‍රී ලාංකික දරුවන්ට අවුරුදු සිරිත් විරිත් ප්‍රායෝගිකව කියා පෑම උළෙලේ විශේෂ අවධානය යොමුවී තිබිණි.
සංගීතාචාර්ය විශාරද අර්චන දිසානායක හා සංගීත ගුරුවරියක වූ අත්තනායක යුවලට සිසුහු මල් පොකුරු පිළිගැන්වූහ.
සද්ධාතිස් දහම් පාසල ලන්ඩනයේ අන්තර්ජාතික සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ආයතනයකි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd