ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පාකිස්තානය විසින් ලබාදෙන ජින්නා ශිෂ්‍යත්වය වෙනුවෙන් 2016 වසර සඳහා අයදුම්පත්‍ර කැඳවා ඇත.
ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සාර්ථකව නිම කළ සිසුන්ට මෙම ශිෂ්‍යත්වය සඳහා අයදුම්පත්‍ර යොමු කළ හැකිය.
පාකිස්තාන රජය සෑම වසරකම කොළඹ පිහිටි මහ කොමසාරිස් කාර්යාලය හරහා ජින්නා ශිෂ්‍යත්වය ලාංකික සිසුන්ට පිරිනමයි.
මෙම ශිෂ්‍යත්වය පාකිස්තානයේ නිර්මාතෘ මොහොමඞ් අලි ජින්නාගේ නමින් නම් කර ඇති අතර මෙම ශිෂ්‍යත්වය ආර්ථික දුෂ්කරතා හා සා/පෙ හා උ/පෙ ඇතුළු අධ්‍යාපන කඩඉම්වලින් ඉහළ දස්කම් පෙන්වා ඇති වෙනුවෙන් පිරිනමයි. මේ ශිෂ්‍යත්වය ඔස්සේ සෑම ශිෂ්‍යයකුටම ඔවුන්ගේ කටයුතු සඳහා රුපියල් 24,000ක ලබාදීමට පාකිස්තාන රජය කටයුතු කරනු ඇත.
මේ ශිෂ්‍යත්වය මුල් වරට ලබාදුන්නේ 2005 වසරේදීය. එතැන් පටන් මේ දක්වා සිසුන් 1300කට වැඩි පිරිසකට මෙම ශිෂ්‍යත්වය පිරිනමා ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රය හා තරුණ පරපුර වෙනුවෙන් පසුගිය වසර 11 කාලයේදී පාකිස්තාන රජය මෙරටට රුපියල් මිලියන 43ක මුදලක් ලබා දී ඇත.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
769
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
375
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක් සිසුනට පකිස්තානයෙන් ශිෂ්‍යත්ව
සුලෝචන Saturday, 21 May 2016 06:39 AM
බලන්න මුස්ලිම් රටක් සිංහල අපිට පිරිනමන දේවල්. (නි)
ඉෆ්තීර් Saturday, 21 May 2016 07:57 AM
පාකිස්තානය එක්ක හොඳින් ගනුදෙනු කරමු. (නි)
ධම්ම Friday, 20 May 2016 02:42 PM
කවුරු මොනවා කිව්වත් පාකිස්තානය අපේ සැබෑ මිතුරු රටක්. අවස්ථාවාදී ඉන්දියාව වගේ නොවේ. (නි)