මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් කිරීමට ගෙන ගිය ශ්‍රී ලාංකික සරණාගතයකු ඉන්දියාවේ න්ධනාගාරයට රැගෙන යද්දී පොලිස් නිලධාරීන්ට පහරදී පලාගොස් ඇතැයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි. සුරේෂ් හෙවත් නිශාන්තන් (28) නැමැති ඔහු රාමනාදපුරම් සරණාගත කඳවුරේ සිටිය දී මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට ගනු ලැබීය. බදාදා පුදුක්කෝට්ටෙයි අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරයට යවන ලෙස නියෝග කැරිණි. ඔහු බන්ධනාගාරයට ගෙන යමින් සිටිය දී මොෆුසිල් බස්නැවතුම අසළ දී ශරිර අවශ්‍යතාවක් ඇති බව පවසමින් මාංචු ගලවාගෙන පොලිස් නිලධාරීන්ට පහරදී පලාගොස් ඇතැයි නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි. .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොලීසිය දන්නේ මාංඡු දාලා ඇදගෙන යන්න විතරයි (නදී)
පොලිසිය මට ගහනවා! ආපහු මට පොලිසිය ගහනවා!! (නි)
ගහලා තියෙන්නේ ඉන්දියාවේ පොලිසියටනේ ........... ගහලා තියෙන්නේ ලංකාවේ කොලේක්නේ වැරැද්ද මොකක් වුනත් මිනිහා දක්ෂයෙක් (බ)
එකට අපේ පොලිසිය, පාරේ යන එවුන්ටත් මාංචු දානවා ! (අ)
ජයෝ ඔයාට මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ. ඔයා පාසල් ගිහිල්ල තියෙනවද? මළපොතේ අකුරක් දන්නා මිනිහෙකුට ඔහොම අදහස් එන්නේ නැහැ..(නදී)