යුධ සමයේ රට අත හැර ඉන්දියාවට පලා ගිය ශ්‍රී ලාංකිකයෝ 65 දෙනෙකු ලබන 13 වෙනිදා ශ්‍රී ලංකාවට යළි ගෙන එන බව නැවත පදිංචි කිරීමේ හා ප්‍රතිසංස්කරන හා හිංදු ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි.
මොවුහු යාපනය, ති්‍රකුණාමලය, වව්නියාව, මන්නාරම, මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බව වාර්ථා වෙයි. මින් බොහෝ පිරිස් යුධ ගැටුම් වලට මැදිව බෝට්ටු මගින් ඉන්දියාවට ඵලා ගොස් දකණු ඉන්දියාවේ සරණගත කඳවුරු වල ජීවත්වුවෝ වෙති.
ඉන්දියාවේ ට්‍රිචී නුවර සිට ශ්‍රී ලාංකික සරණගතයෝ 41 දෙනෙක් සහ චෙන්නායි නුවර සිට 24 දෙනෙක් ලබන 13 වෙනිදා උදෑසන මෙරටට පැමිනෙති.
නැවත පදිංචිකිරීම් ප්‍රතිසංස්කරණ හා හිංදු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී මෙම පිරිස පිළිගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
41ක් දෙනෙක් තෝරා ගත්තේ දේශපාලකයින් විසින් ද? ඔවුන්ට නිදහසේ තමන්ගේ රටට එන්න ඉඩ දෙන්න.(නදී)
දැන් ඒ එන අයට ඉන්න තැනක් කොහෙද?(හේ)
නැවත ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු! (බ)