ජීවිත කාලයටම එක්වරක් පමනක් පරිමාණ ‘රන්දිය දහර’ සම්මානය මෙවර මිලානෝ නගරයේ ලාංකික සමාජයේ ප්‍රකට සමාජ සේවක සමන්ත ජනක කිරිආරච්චි මහතාටද හිමි විය.
ව්ව්ධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මිලානෝ නගර සභාවෙන් මෙම සම්මානය ඔහුට පිරිනමා ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඔහු විසින් කරන ලද සේවා වෙනුවෙනි.
මිලානෝ නගරයේ විවිධ ආගමික මධ්‍යස්ථාන වැඩ ලේ දන්දිමේ වැඩසටහන් භාරකරුවන් නොමැති මියගිය ලාංකිකයන් ඔහු මුල්වී භුමදානය කිරීම යන ක්‍රියා සලකා ඔහුට මෙම සම්මානය පිරිනමා ඇත.
මිලානෝ නගරාධිපති නිල නිවසේදි පැවති විශේෂ උත්සවයකදී දේශපාලන,සමාජසේවා,සෞඛ්‍යෙසේවා පිලිබඳ මිලානෝ නගර සභාවේ උපදේශක ෆ්‍රැන්චෙස්කෝ මජොරිනෝ මහතා ඔහුට මේ සම්මානය පිරිනැමීය.
විදේශයකට එම සම්මානය පිරිනැමුණේ මුල්වරටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙක්කෝ ගලබඩ මහතානෙනි,රෝහලක් හදලදෙනවයි කියල කියපු පුද්ගලයා තවම ඒ ඉතාලිජාතිකයන් ප්‍රදර්ශනයකරමින් ඇවිදිනව. (දී)
මේකේ අදහස් දැක්කහම පේනවා අපේ මිනිසුන්ගේ තිබෙන ඊර්ෂ්‍යාව, කුහකත්වය. (නි)
මේ පුවතේ සත්‍ය අසත්‍ය තාවය අපි සොයා බැලුවා. මෙය සම්පුර්ණ සත්‍යක්.15.06.2014 මිලානෝ වල පුවත්පතක මේ පිලිබඳ ලිපියක් පලවී තිබුනා. පුවතකට විවේචන ඉදිරිපත් කිරීමේදී පුවතේ සත්‍යතාවය සොයා බලා එය කල යුතුය. අපේ රටේ කෙනෙකුට මේ ලැබුන සම්මානය හෑල්ලුවට ලක් කිරීම එහි අඩුපාඩු සෙවීම අපේ රටට පමණක් උරුම දෙයකි. හුගක් දෙනෙකුට මේ රෝගය තිබේ.(නදී)
මෙය ගැන මම හොදට දන්නවා,මීට වඩා වැඩ කල තව අය ඉන්නවා, නමුත් එයාල ප්‍රසිද්දියට නෙමෙයි (අ)
ගලබඩ මල්ලි, ඔය පිළිකා රෝහල ලබාදෙනවා කියලා මිලානෝ පවත්වපු උත්සවයට මමත් කිරිබත් කැලි පන්සීයක් ගෙනිව්වා. උත්සවය අවසානයේ මගේ කිරිබත් සහ ලුණුමිරිස් මේ සංවිධායකයෝ 'කටගැස්මටත්' පාවිච්චි කළා.(නදී)
අපෙනුත් සුභ පැතුම්! (නි)
ඔබ අපටද ශක්තියක් විය. ඔබට මගේ සුභ පැතුම්! (නි)
ඔබට සුභ පැතුම්! (නි)
ඔහුට මාගේ අවංක සන්තෝෂය මේ අවස්ථාවේ මවිසින් පිරිනමමි. මොහු ඉතාමත් අවංක නිහතමානී පුද්ගලයෙක්,ඔහුට මෙම සම්මානය ලැබීම සාධාරණයි. (නි)
සුභපතනවා ඔබට ලංකා මාතාවට ඔබ වාසනාවක් (දී)
මෙම සම්මානය ලැබීම සාධාරණයි. ඔබට සුභ පැතුම්! (නි)
විදේශ ගතව රැකියා කරන 90% කටම පමණ පවුල් ප්‍රශ්න නිසා සමාජ සේවයට කැපවීමකට වරම් නැහැ.කිරිආරච්චි මහතා වැනි යොවුන් වියේ පසුවන උත්සාහ සම්පන්න ව්දේශික අයෙකුට ලැබුනාවූ ප්‍රථම සම්මානය ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයකි .නුදුරු අනාගතයේදී නගර සභිකයෙක් වී ,නගරාධිපති වරයා වීමේ වාසනාවද ලැබේවායි ! ප්‍රර්ථනා කරමි !! (දී)
මොහුත් යම් වැඩක් කරන්න ඇති නමුත් මීට වඩා සමාජ සේවය කරන අය නම් අපමණ ඉන්නවා. මෙම ඇගයීම් ලැබීමට නම් දන්නා කියන ඉතාලි 'ප්‍රභූ' තත්වයේ ඉන්නා අය ලවා නගර සභාවට තම නම කීප ආකාරයකින් යෝජනා කර ගත යුතුයි. අවංකව සමාජ සේවයේ යෙදෙන අය අනුන් ලවා තමන් පුම්බා ගන්න කාලය වැය කරන්නේ නැහැ. (දී)
ඔය කට්ටිය එකතු වෙලා ඉතාලි ආණ්ඩුවෙන් ලංකාවට දෙන්න යනවා කියලා ජයටම ෆොටෝ දාගෙන උත්සව පැවැත්වූ පිළිකා රෝහල හදලා ඉවරද? එක කොහෙද තියෙන්න? තියෙන තැන කිව්වොත් රෝගීන්ටත් ප්‍රයෝජනයක් වෙයි. (ස)