භූ කම්පනය හේතුවෙන් විපතට පත්ව සිටින දස දහස් ගණන් වූ නේපාල ජනතාවට සහන සැලසීමට ගොස් සිටින ශ්‍රී ලංකා යුද හමුදා සහන කණ්ඩායමට අයත් වෛද්‍යවරු නේපාලයේ කත්මන්ඩු නගරයට කිලෝමීටර් 60 දුරින් පිහිටි දොලාල්ගාද්හි වෛද්‍ය කඳවුරක් ආරම්භ කළහ.
200 ට ආසන්න හමුදා කණ්ඩායමක් නේපාලයට ගොස් සිටිති. ඔවුන් අතර ඉංජිනේරු, වෛද්‍ය සේවා, කොමන්ඩෝ සෙබළුන් හා නිළ සුනඛයෝද වෙති.
කත්මන්ඩු සිට කිලෝමීටර් 12ක දුෂ්කර ගමනක් පා ගමනින් ගොස් දින කිහිපයක් පුරා සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් බේරාගෙන කත්මන්ඩු රෝහල වෙත ඇතුළත් කිරීමේ සිද්ධියක් විශේෂ සිදුවීමක් වන බවද හමුදාව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වීර සෙබළ විරුවනි ඔබලාට ජාතියේ උපහාරය...අවිය අත දැරුවද මිනිස්කම ඔබේ හදවතේ ඇති බව අපි දනිමු...ශ්‍රී ලාංකික අපට ආඩම්බරයි ..... (බ)
මොකාද ඔය මොහොමඩ් කියන එකා. (බ)
කවුරුත් දන්නවනේ අපේ දොස්තරලා ජීවකයෝ කියල. ඕකේ මුල තියෙන්නේ දුක් විඳගෙන තමන්ගේ මහන්සියෙන් ජීවිතයට මුහුණ දීමේ අපේ ලාංකිකයින්ගේ පුරුද්ද. කොහේ ගියත් අපේ උන් වැඩකට ඇත ගැහුවොත් ප්‍රතිඵල විශිෂ්ටයි. මැදපෙරදිග වැඩ කරන අපේ කොල්ලොත් එහෙමයි. හැමතැනින්ම ඉහළ ප්‍රතිචාර අපේ උන්ට තමයි. (බ)
තමන්ගේම ජාතියේ මිනීමරු කොටින්ගෙන් ...ද්‍රවිඩ ජන තාව කොපමණ ගණනක් අපේ වීර සොයුරන් බේරාගත්තද ..එ්ත් ඒවා ...ලොවට පෙන්වන්න අපේම අය උනන්දු උනා මදි ...එ්කෙනුත් ප්‍රතිඵල ගත්තේ ...විරුද්ධවාදියෝ....සොයුරනි ඔබසැමට .දිරිය ශක්තිය .....(බ)
සැමදා මගේ කොල්ලෝ මව්බිම නැති උන්ගේ ගෞරවයත් රැක්කා. උඹලට ජය (බ)
හැමදාමත් අපේ රට බේර ගත්තේ අපේ සිංහල කොල්ලෝ .වෙන කිසිම ජාතියක් ගියාද සටන් කරන්න .මේ ලංකාව බේර ගත්ත සිංහල කොල්ලන්ට මේකත් වැඩක්ද? අපේ හදවතේ සදා ගෞරවය අපේ කොල්ලොන්ට. සදා ජය (බ)
අපේ රටට ලොකු අාඩම්බරයක් (බ)
මගේ රට ගැන රණ විරුවෝ ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක් මොකද ලොකු බලය තියන මිනිස්සු රට කන්න හදනකොට රණ විරුවෝ එකවගේ ජාති බේදයක් නැතිව දිවි නොතකා වැඩකිරිම ගැන (බ)
අති විශිෂ්ඨ සේවාවක් ජාතියේ ප්‍රණාමය සැමට ! (බ)
මෙතන හමුදාව විතරක් නෙවෙයි ජාතික රෝහලේ වෛදයවරු 4 දෙනෙක් ඉන්නවා (බ)
රණවිරුවනි, ඔබට තෙරුවන් සරණින් ජයම වේවා! මම ඉතාලි සිට සුබ පතමි (නි)
ලංකාවේ රණවිරුවන්ගේ සහ දොස්තරවරුන්ගේ හැකියාව සහ කාර්යශූරකම ජාත්‍යන්තරයට ගෙනයෑමක්.ලංකාවට ආඩම්බරයක්.ජාතියේ ප්‍රණාමය. (නි)
බොහොම හොඳ වැඩක් (නි)
මට නම් ඔවුන් ගැන ඇත්තේ වචනයෙන් කිවනොහැකි ගෞරවයක් (නි)
මේක ලොකු පුණ්‍යකර්මයක් (නි)
අපේ වීර සෙබළුන් වාසනාවන්! (නි)
මටත් ඔවුන් ගැන ඇත්තේ ලොකු ගෞරවයක් (නි)
අපි ආඩම්බරයී බොහොම උඹල ගැන, වැදූ දෙමුපියන් නිහඬව කඳුලු සලනවා වීරත්වයේ සලකුණ හදවතේ තියන් ණය නැති පුතුන් ශ්‍රේෂ්ඨය මවුබීමට (බ)
මොහොමඩ් ඔබට පිස්සුද ?? ශ්‍රී ලන්කන් හමුදාවේ හොඳ දකින්න බැරි අය. ඔය ලංකාවේ ඉඳගෙන අරාබියට අාවඩන්නේ . මුස්ලිම් අය ලංකාවට ආවේ ලංකාවත් අරාබියක් කරන්නද ? (බ)
කෝ බං මේ කොල්ලෝ යුද්ධ අපරාධ කරා කියන කැනහිල්ලු ටික ? (බ)
අපේ උපහාරය. ලංකාවේ චැනලින්වලින් සල්ලි ගරන තමන් සමාජයේ උතුම් කොටස යැයි හඳුන්වාගන්නා දොස්තරවරුන් කවුරුන් හෝ ස්වෙච්ඡා සේවයේ යෙදී සිටී ද? (බ)
අපේ රණවිරුවෝ කොහේ ගියත් තමන්ගේ යුතුකම් හරියට ඉටුකරනවා ලෝකේ ඉන්න කාර්යශුර හමුදාව ලෙස අපේ හමුදාවන් නම් කළ හැකියි ඔවුන්ට සදා ජය !! (බ)
අති විශිෂ්ටයි (බ)
භූ කම්පනය හේතුවෙන් තුවාල වූ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා.ඒ වාගේම අසරණ වූ ජනතාවට පිහිටවන ශ්‍රී ලංකා යුද හමුදා සහන කණ්ඩායමට සිය සේවය හොඳින් කර ගැන්මට ලැබේවා ! (බ)
ලෝකෙම හොඳම හමුදාව ඉන්නේ අපිට ආඩම්බරයි පුතේ උඹල ගැන (බ)
නේපාලයේ වැඩ කළාට ගොඩක් අය මෙහෙ ස්ට්‍රයික්නේ කරන්නේ වැඩිපුර (නි)
ඉස්සර යූඇන්පී රනිල් කොටියට පාවාදුන්නා සෙබළුන්ව දෙන කපන්ඩ බැරී අත ඉඹිනවා (බ)
අපේ ජාතික විරුවන්ට ලක්ජනතාවගේ උත්තමාචාරය පුදමි.(බ)
බොහොම පින් සිදුවේවා මගේ ලක් රණ විරුවන්ට බුදු සරණයි!!!(හේ)
හදවතින් අපි ඔබ සමග (ම)
කොහොමත් අපේ හමුදාවන් දක්ෂයි, ඒ වගේම විනයගරුකයි. (නි)
අපේ කොල්ලන්ට ඕකත් කජ්ජක්ද (බ)
මොහොමඩ් ඕක වෙනම මාතෘකා දෙකක්. මේකට ගලපන්න අමාරුයි නේද ! (බ)