IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලක් ව්‍යාපාරිකයා නිදහස්

ඉතාලියේ පවියා නගරයේ ලාංකික ව්‍යාපාරික නාමල් තිමති ට (40) විරුද්ධව ලාංකික කාන්තාවක (30) විසින් පැවැරුණු නඩුවකින් පවීයා අධිකරණය ලාංකිකයා නිදහස් කළේය.

2010 නොවැම්බර් මාසයේ දී පවීයා නගරයේ පීත්සා ආපනශාලාවක රැකියාවක් සහ ලාංකිකයාගේ නිවසේ නතරවීමට අවස්ථාව සලසා දෙන බව කියමින් ඔහු  තමා නිවසේ සිරකරගෙන කිපවරක් බලහත්කාරකම් කළ බව ඇගේ පැමිණිල්ලේ සඳහන් විය.

පසුව තමා  එම ස්ථානයෙන් පැනගිය බවත් ඇය කියා ඇත. ලාංකිකයාට අවම වශයෙන් වසර අටක සිරඳඩුවමක් නියමකරන මෙන් ඉල්ලා සිටියත් ,අධිකරණය සමික්ෂණ වාර්තාව සහ සාක්කි නොගැලපීම මත අධිකරණය , ලාංකික ව්‍යාපාරිකයා නිදහස් කළේය.

ලාංකිකයාගේ නීතීඥයා පැවසුයේ තීන්දුව ගැන ඔවුන් සෑහිමකට පත්වන බවයි යුක්තිය සහ සාධාරණත්වය ජයගත් බවත් ඔවුහු කීහ.



අදහස් (0)

ලක් ව්‍යාපාරිකයා නිදහස්

දිනා Friday, 06 June 2014 10:57 PM

මොනවා හරි දෙනවා කිව්වම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ගන්න යන එක ලංකාවේ හැටියක් නේ (දී)

:       0       0

ප්‍රනීත් Saturday, 07 June 2014 04:03 PM

අපෝ ඉතාලියේ ඉන්න අපේ සමහර පිරිමි බලාගෙන ඉන්නේ ගෑනු කෙනෙක් දුකට පත් වෙනකම් . මොකද අපේ සමහරක් පිරිමි හරිම කැමති අසරණ ගෑනුන්ට පිහිට වෙන්න. (ස)

:       0       0

පිටිගල Saturday, 07 June 2014 05:46 PM

මම හරි කැමතියි සුගුනවතී කියන නමට. (දී)

:       0       0

ශාන් Sunday, 08 June 2014 02:06 PM

මේ වගේ අයට ගල් ගහලා මරන්න ඕනේ. මෙයාලට මහත්වරු කියන්නේ කවුද? (ස)

:       1       1

සරත් Friday, 06 June 2014 05:16 PM

තිමති කොහොමත් නිදහස් වන බව අප දැන සිටියා. ඔහු සැබවින්ම මහත්මයෙක් (නි)

:       0       0

කොල්වින් Friday, 06 June 2014 05:24 PM

සත්‍ය ජයගනී .බොරුවට අයුෂ (අ)

:       0       0

දයාසිරි Friday, 06 June 2014 06:05 PM

අපේ අය දන්නේ නැ බොරු පැමිණිලි දාල ලෝකයේ උසස්ම පොලිසියක් වන ඉතාලි පොලිසිය රවටන්න බැරි බව මෙහෙ වගේ. පුදුමේ මේ කාන්තාවට දඬුවම් නොකරපු එක. (අ)

:       0       0

සෝමා Friday, 06 June 2014 06:19 PM

ඔන්න පේනවනේ! ගිය තැන රටේ නමටත් කැළලක් ඇති කරනවා (නි)

:       0       0

සෙලිනා Saturday, 07 June 2014 11:16 AM

ඔය වගේ වැඩ කරන පිරිමිත් ඉන්නවා සුගුනවති අක්කේ...!!! දෙයක් ලබා ගන්න බැරි උනාමත් ගැහැනුන්ට අපහාස කරන අය.., හැම කෙනාම නොවෙයි හොදේ සහෝදරවරුනි....!! (දී)

:       0       0

සුජාන් \ Sunday, 08 June 2014 03:13 AM

ඕකට කියන්නේ මමත්වය කියලා (දී)

:       0       0

කුසුම් Friday, 06 June 2014 08:37 PM

ව්‍යාපාරික මහත්තයා හදවතේ ඇති වූ කරුණාවන්තකමටම උදවු කරන්න ඇති නේද? එහෙම නම් ගොඩක් හොඳයි. නමුත් සමහර පිරිමි වගේම කාන්තාවනුත් බලන්නේ තමන්ගේ කටයුත්ත ඉටුකර ගැනීමට තමයි. සියල්ල තාවකාලිකයි. ඉතාලි අධිකරණය පාඩමක් පමණක් උගන්වා සාධාරණ තීන්දුවක් දී තිබෙනවා ඒ ගැන මටත් සතුටුයි. (නි)

:       0       0

සුගුණවති Friday, 06 June 2014 09:16 PM

පෙනෙනෙව නේද ගැහැනුන්ගේ වැඩ

:       0       0

කැළණි Friday, 06 June 2014 09:20 PM

දෙන්නාම ලාංකිකයෝනේ එක නිසා වැඩිය ගණන් ගන්න හොද නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site