ජපානයේ ෂිනගාවා සංක‍්‍රමණික මධ්‍යස්ථානයේ සිටි ශී‍්‍ර ලංකා රැඳවියෙකු මරණයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
නිකෙල්ස් ප‍්‍රනාන්දු (57) නම් වන මෙම පුද්ගලයා තම පපුවේ වේදනාවක් ඇතැයිද තමාට රෝහලකට යෑමට අවශ්‍යයැයිද මධ්‍යස්ථානයේ සිටි මුරකරුවන්ට දන්වා තිබෙන බවත් නමුත් ඔවුන් කර ඇත්තේ ඔහු අනෙක් පුද්ගලයින්ගෙන් වෙන්කර තනි කුටියකට දමා සිර කිරීම බවත් සංක‍්‍රමණිකයින්ගේ අයිතීය වෙනුවෙන් පෙනී සිටින ජපාන සංවිධානයන් කියයි.
මේ දිනය ඉරිදා දිනයක් වූ හෙයින් රැඳවුම් මධ්‍යස්ථානයට අනුයුක්ත කර සිටි වෛද්‍යවරයාද නිවාඩු ගොස් සිටියේය.ඒ පිට දමා නිකෙල්ස් රෝහල කරා ගෙන යෑම මධ්‍යස්ථානයේ නිළධාරීන් මගහැර ඇතැයි එම සංවිධාන චෝදනා කරයි.
පැය කිහිපයක් වේදනාවෙන් කෑ ගසමින් සිට ඇති නිකෙල්ස් එක්වනම නිහඬවු බවත් ඔහු මිය ගිය බවත් සෙසු රැදැවියෝ කියති.
මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කර ඇති රැඳවුම් මධ්‍යස්ථානේ බළධාරීන් තමන්ට නැගෙන චෝදනා වල කිසිදු පදනමක් නැතැයිද තමන් කටයුතු කර තිබෙන ආකාරයේ කිසිදු වරදක් නැතැයිද පවසයි.
ජපායේ ඇති සංක‍්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන වලින් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් කිහිපයක්ම පසුගිය සමයේදී වාර්තා විය.මෙම වසර මුලදී එවැනි රැඳවුම් මධ්‍යස්ථානයක සිටි ඉරාන ජාතිකයෙක් හා කැමරූන් ජාතිකයෙක් ඔවුන්ගේ රෝගාබාධ වලට ප‍්‍රතිකාර ලබාදීම මගහැරි බළධාරීන් හමුවේ මරුමුවට පත්වූහ.
එම බළධාරීන්ද තම නිදහසට කරුණු ලෙස පැවසුවේ මධ්‍යස්ථානයේ වෛද්‍ය පහසුකම් ප‍්‍රමාණවත් නොවන බවය.
වහා එම පහසුකම් සැපයීමට නියෝග ලැබී තිබියදී මෙසේ නිකෙල්ස් මරණයට පත්වීම ජපානයේ සංක‍්‍රමණික මධ්‍යස්ථාන කෙරේ නැගෙන විරෝධය තවත් තීව‍්‍ර වීමට හේතුවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකෙල්ස් ප‍්‍රනාන්දු, මහතාට නිං සැප ලැබේවා! (ර)
අනිත් සංවර්ධිත රටවල් වගේ නෙමෙයි,ජපානය හරිම අමානුෂික විදියට විදේශික සංක්‍රමණිකයන්ට සලකන්නේ (අ)
සංක‍්‍රමණිකයා කියන්නේ ජපානයට හොරෙන් ගිය නිසා තාවකාලිකව සිරකර සිටින පුද්ගලයෙක්ද? දන්නේ නැති නිසයි අහන්නේ? (ර)
විදේශිකයන්ට නම් ජපන් රජය ඉතා හොඳට සළකනවා. නමුත් සංක‍්‍රමණික විදේශිකයන්ට කොහොම සළකනවද කියලා නම් දන්නේ නැහැ. හැබැයි ජපානේ කාට වුනත් නිතිය නම් එකයි කියන එක කියන්නම ඕනේ. (නදී)
සුනිල් දහනායක මේක 2014. ජපන් සහ කොරියන් අය ලංකාවේ මිනිස්සුන්ට සලකන්නේ බල්ලන්ට වගේ. ගිහින් බලන්න දුප්පත් මිනිස්සු සල්ලි හම්බකරන්න යන්නේ.(නදී)
මේ මහතාට නිවන් සුව පතනවා. ඇත්තටම වුනේ මොකක්ද කියන්න පැහැදිලි නැහැ. නමුත් සාමාන්‍යන්, ජපානයට හොරෙන් යන බොහෝ අයට ජපන් භාෂාව දන්නෙත් නැහැ. ඉංග්‍රිසි කතා කරගන්නත් බැහැ. ඉතිං හරියට සන්නිවේදනය කරගන්න බැහැ. මෙතන එහෙම දෙයක් වෙලාද දන්නේ නැහැ. (ර)
බලමාලු කෑවනම් දුක්විඳපන් බල්ලෝ කීව වගේ. (ස)
වීසා නැතිව අහුවුණොත් බේරුමක් නෑ (දිල්)