යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය නැවත වතාවක් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ගත් තීන්දුව ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලබාගත් ජයග්‍රහණයකියි බෙල්ජියමේ ,බ්‍රසල්ස් හි යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා පැවසීය.
යුරෝපා සංගමයේ අධිකරණයක් ඉකුත් ඔක්තෝබර 15 වැනිදා කොටි සංවිධානය තහනම් සංවිධානයක් නොවන බවට කළ නියෝගය ඉවත දැමු යුරෝපා කවුන්සිලය මෙම තහනම ස්ථිර කැර ඇත.
ඉකුත් වසරේදී යුරෝපා සංගම් සාමාන්‍ය අධිකරණයක් විසින් කොටි සංවිධානයට එරෙහිව පැවැති තහනම ඉවත් කරමින් ලබා දුන් තීන්දුව යළි සලකා බලන්නැයි එවකට විපක්ෂ නායකවරයාව හුන් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංගමයෙන් විශේෂ ලිඛිත ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම මත දිගින් දිගටම හිඳිමින් විදේශ අමාත්‍යංශය මංගල සමරවීර මහතා ප්‍රමුඛ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය එක්ව කොටි සංවිධානය යළි තහනම් කිරීමේ මෙහෙයුම් යුරෝපා සංගමය තුළ දියත් කළ බවද යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
67
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් රජයට තව දිනුමක්
අනුර Sunday, 29 March 2015 07:34 AM
දැන් කාට කාටත් පේනවා ඇතිනේ රටට අවංකව වැඩකරන පාලකයෝ කවුද කියලා (ම)
ලාල් Sunday, 29 March 2015 08:37 AM
මෙන්න දක්ෂ රාජ්‍ය පාලකයන් නිසා ශ්‍රීලංකාවට ලැබෙන ජාත්‍යන්තර සැලකිලි.ශ්‍රීලංකාව තනිවෙලා නැහැ දැන්.රටේ අනාගතය පැහැදිලියි. ඔහොම යමු.(ම)
පතිරණ Sunday, 29 March 2015 08:46 AM
ඉදිරිය සුබයි රටට නැතිවෙච්ච දේවල් නැවත ලබාගන්න හොද විදේශ ප්‍රතිපත්තියක් වර්තමාන රජය ගොඩ නගලා තියෙන්නේ.(දිල්)
සම්පත් Sunday, 29 March 2015 10:19 AM
මේකත් කුමන්ත්‍රණයක් කියයිද දන්නේ නෑ (දිල්)
මාගලී ෆොන්සේකා Sunday, 29 March 2015 10:29 AM
කෝ මේ රනිල් කොටියා රට පවා දුන්න කියන අය?(බ)
විකී Sunday, 29 March 2015 11:20 AM
මිනීමරුවන් පන්නා, ජීවකයින් ජාතික වැඩපිළිවෙළ අතට ගැනීම අපේම භාග්‍යක්.. කවද හරි මිනිස්සු කම්පා කරවන ප්‍රවෘත්ති සමාජයෙන් අතුගාන්න ඔබට ශක්තිය ලැබේවා යන්න අපේ පැතුමයි..(බ)
ශෂී Sunday, 29 March 2015 11:55 AM
මේකත් ජත්යන්තර කුමන්ත්‍රණයක් වේවි විමල් වීරවංශට. පව් දැන් මේ අයට සටන් පාඨ අලුතින් හොයන්න වෙනවා... කොටි සංවිධානයේ තහනම ඉවත් කර එහි සල්ලි කේපී සමග බෙදා ගැනීමට කළ උත්සාහය දිය කරහැරිම ලොකු දෙයක් (බ)
නිමල් Sunday, 29 March 2015 01:02 PM
රනිල් ට ඡන්දෙ දිනන්න බැරිවුනාට වැඩ කරු. වැඩ කරලා සද්ද නැතුව ඉන්නවා. මහින්ද වගේ නළුවෙක් නෙමෙයි (බ)