යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය නැවත වතාවක් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ගත් තීන්දුව ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලබාගත් ජයග්‍රහණයකියි බෙල්ජියමේ ,බ්‍රසල්ස් හි යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා පැවසීය.
යුරෝපා සංගමයේ අධිකරණයක් ඉකුත් ඔක්තෝබර 15 වැනිදා කොටි සංවිධානය තහනම් සංවිධානයක් නොවන බවට කළ නියෝගය ඉවත දැමු යුරෝපා කවුන්සිලය මෙම තහනම ස්ථිර කැර ඇත.
ඉකුත් වසරේදී යුරෝපා සංගම් සාමාන්‍ය අධිකරණයක් විසින් කොටි සංවිධානයට එරෙහිව පැවැති තහනම ඉවත් කරමින් ලබා දුන් තීන්දුව යළි සලකා බලන්නැයි එවකට විපක්ෂ නායකවරයාව හුන් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංගමයෙන් විශේෂ ලිඛිත ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම මත දිගින් දිගටම හිඳිමින් විදේශ අමාත්‍යංශය මංගල සමරවීර මහතා ප්‍රමුඛ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය එක්ව කොටි සංවිධානය යළි තහනම් කිරීමේ මෙහෙයුම් යුරෝපා සංගමය තුළ දියත් කළ බවද යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාට කාටත් පේනවා ඇතිනේ රටට අවංකව වැඩකරන පාලකයෝ කවුද කියලා (ම)
මෙන්න දක්ෂ රාජ්‍ය පාලකයන් නිසා ශ්‍රීලංකාවට ලැබෙන ජාත්‍යන්තර සැලකිලි.ශ්‍රීලංකාව තනිවෙලා නැහැ දැන්.රටේ අනාගතය පැහැදිලියි. ඔහොම යමු.(ම)
ඉදිරිය සුබයි රටට නැතිවෙච්ච දේවල් නැවත ලබාගන්න හොද විදේශ ප්‍රතිපත්තියක් වර්තමාන රජය ගොඩ නගලා තියෙන්නේ.(දිල්)
මේකත් කුමන්ත්‍රණයක් කියයිද දන්නේ නෑ (දිල්)
කෝ මේ රනිල් කොටියා රට පවා දුන්න කියන අය?(බ)
මිනීමරුවන් පන්නා, ජීවකයින් ජාතික වැඩපිළිවෙළ අතට ගැනීම අපේම භාග්‍යක්.. කවද හරි මිනිස්සු කම්පා කරවන ප්‍රවෘත්ති සමාජයෙන් අතුගාන්න ඔබට ශක්තිය ලැබේවා යන්න අපේ පැතුමයි..(බ)
මේකත් ජත්යන්තර කුමන්ත්‍රණයක් වේවි විමල් වීරවංශට. පව් දැන් මේ අයට සටන් පාඨ අලුතින් හොයන්න වෙනවා... කොටි සංවිධානයේ තහනම ඉවත් කර එහි සල්ලි කේපී සමග බෙදා ගැනීමට කළ උත්සාහය දිය කරහැරිම ලොකු දෙයක් (බ)
රනිල් ට ඡන්දෙ දිනන්න බැරිවුනාට වැඩ කරු. වැඩ කරලා සද්ද නැතුව ඉන්නවා. මහින්ද වගේ නළුවෙක් නෙමෙයි (බ)