IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ලෝක රූ රැජින වුණොත් මුදලින් සියයට 20 ක් ලංකාවේ දිළිදු ජනතාවට

( ටී.කේ.ජී.කපිල  )  

බ්‍රිතාන්‍යයේ අන්තර්ජාතික රූ රැජින කිරුළ 2022 සදහා හිමි කර ගත් එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක් සදහා (3) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය .

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඇයගේ මෙම සංචාරය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කර තිබුණි .

ඇය ශ්‍රී ලංකාවේ රැදී සිටින කාළය තුළ දී ඇයගේ ධන පරිත්‍යාගයෙන් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන සමාජ සත්කාරක ව්‍යාපෘති ගනනාවක් අධීක්ෂණය කිරීමට නියමිතය .

එම ව්‍යාපෘති අතර ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ව්‍යාපෘතියක් සහ ශ්‍රී ලංකාවේ පාසැල් දරුවන් සදහා වූ ව්‍යාපෘතියක් ද , ලෝකයේ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව නැගී සිටීමේ ව්‍යාපෘතියක් ද    වේ .

මීට අමතරව බ්‍රිතාන්‍යයේ සංචාරකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳව ධනාත්මක ආකල්පයන් ඇති කිරීම ද මෙම සංචාරයේ තවත් අරමුණක් වී තිබේ .

මෙවැනි රූ රැජින තරගාවලියක් සදහා ඉදිරිපත් වන තරගකරුවන් අනිවාර්යයෙන්ම මෙවැනි සමාජ සත්කාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු බවට බ්‍රිතාන්‍යයේ නිර්දේශ කිරීම් සිදු කර තිබේ .

එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ජපානයේ ටෝකියෝ හී දී පැවැත්වීමට නියමිත 60 වන ලෝක අන්තර්ජාතික රූ රැජින තරගාවලිය සදහා බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය .

එහිදී ඇය ජයග්‍රහණය කළහොත් ඇයට හිමි වන ත්‍යාග මුදලින් 20% ක් ශ්‍රී ලංකාවේ දිළිදු ජනතාව සදහා වූ ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කිරීම සදහා වැය කිරීමට සූදානමින් සිටින බව ද  ඇය කටුනායක ගුවන් තොටුපළේ දී අනාවරණය කළාය .

ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ කමලා හසන් මෙම ව්‍යාපෘති ඉන්දියාවේ සිදු කිරීමට ආරාධනා කළ බවත් , එහෙත් තමන් ඒ සදහා ශ්‍රී ලංකාවම තෝරා ගත් බවත් එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය වැඩිදුරටත් සදහන් කළාය .

එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය සිය මව ඇතුළු ඥාතීන් පිරිසක් සමග 02/03 දින දහවල් 12.37 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ " සිල්ක් රූට් " විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියාය .



අදහස් (3)

ලෝක රූ රැජින වුණොත් මුදලින් සියයට 20 ක් ලංකාවේ දිළිදු ජනතාවට

Senarath Friday, 04 February 2022 09:11 AM

ඔබට ජයග්‍රහණය හිමිවේවා..! අඩුම තරමේ ලංකාවේ දිළිඳු පවුල්වලට උපකාර කරන්න හිතපු එකත් ලොකු දෙයක්... සමහරුන්ට ලංකාව සහ තමන්ගේ මවුභාෂාව අමතක වෙනවා ඒවායේ ගියාම...

:       0       4

jayath Friday, 04 February 2022 10:32 AM

අන්න මිනිස්කම් තියන මනුෂ්‍ය දියණියන්..! අපේ රටේ ඉන්න කාන්තාවෝ ප්‍රසිද්ධියේ කුලල් කා ගන්නවා...

:       0       2

Siri Saturday, 05 February 2022 01:17 PM

දිනාවි.. එයාට වඩා ලස්සන අය හිටියොත්... මෙන්න කට...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 884 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site