IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලෝක යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලියට ශී‍්‍ර ලංකාවෙන් 4ක්

යුක්රේනයේ ඩොනෙස්ට්ක් නුවරදී ලබන ජුලි 10 දා සිට 14 වැනදා දක්වා පැවැත්වෙන ලෝක ශූරතා යොවුන් මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩකයන් තිදෙනෙකු හා එක් කී‍්‍රඩිකාවක් සුදුසුකම් ලබා සිටින බව ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය පවසයි.

කෙසේ වූවත් රුසියාවේ මොස්කව් නුවරදී ලබන අගෝස්තු 10 වැනිදා ආරම්භ වන ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කී‍්‍රඩකයෙක් හෝ කී‍්‍රඩිකාවක් සුදුසුකම් ලබා නැතැයි ඊයේ (2) ඔලිම්පික් නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

එහෙත් ඒ සඳහා සුදුසුකම් නොලත් නාමලේඛනය යටතේ ශ්‍රී ලංකාවට කී‍්‍රඩකයන් හෝ කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදාවන බව ඔහු එහිදී පැවසීය.

ශ්‍රී ලංකා මැරතන් කී‍්‍රඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට පමණක් ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව තිබෙන බව මලල කී‍්‍රඩා සංගමය පවසයි ඉකුත්දා පැවති ලන්ඩන් මැරතන් තරගයේදී 14 වැනි ස්ථානයට පත් ඔහුට එම අවස්ථාව වැළකී ගියේ යන්තමිනි.

යුක්රේනයේ පැවැතිවෙන ලෝක යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලියට වයස 16ත් 17ත් අතර කී‍්‍රඩිකාවන් සහභාගි වන අතර ශ්‍රී ලංකාවෙන් තරගාවලියට තේරී සිටින හෙල්ල විසි කිරීමේ කී‍්‍රඩක මුදිත් ජයසේකර දැනට  ඕස්ටේලියාවේ වෙසෙන ද්විත්ව පුරවැසිභාවය ලැබූ ශ්‍රී ලාංකිකයෙකි.

ලබන වසරේදී (2014) ශ්‍රී ලංකාව සහභාගි වන ප‍්‍රධානතම අන්තර් ජාතික තරගමාලා අතර පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල ආසියානු කී‍්‍රඩා උළෙල හා ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය ප‍්‍රධාන තැනක් ගන්නා බව මලල කී‍්‍රඩා සංගමය පවසයි.

යුක්රේනයේ පැවැත්වෙන ලෝක යොවුන් මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා තේරී සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් :

1. ඒ. එල්. කාරියවසම් (ආනන්ද විදුහල) - මීටර 100 මෙතෙක් පලකර සිටින උපරිම දක්‍ෂතාව තත්පර 11.06 කි.
2. ඉසුරු දිල්ෂාන් විජේරත්න (ශාන්ත සිල්වෙස්තර විදුහල) - මීටර 200 පිරිමි - තත්පර 22.23 කි.
3. නිර්මලී මධුෂිකා (කළුතර බාලිකා විදුහල) - මීටර් 400 කාන්තා - උපරිම දක්‍ෂතාව තත්පර 51.55 කි.
4. මුදිත් එල් ජයසේකර (හෙල්ල විසිකිරීම) - මීටර 83.50 කි.



අදහස් (0)

ලෝක යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලියට ශී‍්‍ර ලංකාවෙන් 4ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 3 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site