ශ්‍රී ලංකාවට සත්‍යය, සාධාරණය, හානි පූරණය හා අතීත සිදුවීම් යළි සිදුනොවන ලෙස සංහිඳියාව හා තිරසාර සාමය හා සමෘද්ධිය සියලු ශ්‍රී ලාංකිකයනට හිමිවන පරිදි ශ්‍රී ලංකාව හා අපේ හවුල්කරුවන්ද සමග සුවිශේෂ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට හැකිවී යැයි ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වොෂිංටන් අගනුවර සිට විශේෂ නිවේදනයක් නිකුත් කළේය.
යෝජනාවේ සඳහන් ඇප කැපවීම පිළිබිඹු වන ආකාරයෙන් යෝජනාවේ සම යෝජකයා ලෙස ශ්‍රී ලංකාව එක්වීමෙන් අප සැමට එක්ව වැඩ කිරීමේ හැකියාව පෙන්වා දී ඇතැයිද ඔහු කියයි.
ශ්‍රී ලංකාවේ ශක්තිය බොහෝ කාලයක් උරාබොමින් ඇති කළ බෙදුම්වාදී පිළිවෙතින් ඉවත්වී රට සාමයේ මාවතට යොමු කළ අවස්ථා දෙකකදී ඡන්දය දී ඇතැයිද ඔහු කියයි.
ශ්‍රී ලාංකිකයන්ගේ පුද්ගල නිදහස යළි ඇති කර ප්‍රජාතන්ත්‍රවාදය යළි ශක්තිමත් කිරීම සඳහාවන යෝජනාවට ඇමරිකාවේ සහාය යළි ලැබෙන බවත් අතීතයේ වේදනාකාරී අත්දැකීම් යළි ඇති නොවේවායි ප්‍රාර්ථනය කරන බවත් කෙරී කීවේය.
අන්තර්ජාතික ප්‍රජාවගේද සහායෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය විශ්වාසදායක ලෙස එළියට ගෙන යාමේ වැදගත්කම මේ යෝජනාවෙන් පෙන්වන බවද ඔහුගේ නිවේදනයේ දැක්වේ.
අතුරුදන්වූ තම ප්‍රියයන් පිළිබඳව තොරතුරු එම පවුල්වලට ලබාගැනීමට මේ යෝජනාව උපකාරීවන බවද ගෞරවනීය ලෙස හා වෘත්තීය මට්ටමෙන් තම ක්‍රියාකලාපය හමුදා සාමාජිකයන් ඇතුළු ආරක්ෂාව ලැබිය යුතු සියලු දෙනාගේම කීර්තිය රැකගනිමින් සත්‍යය, සාධාරණය, හානි පූරණය හා යළි එවැනි දේ සිදුනොවීමේ මාර්ගයට පිවිසීමේ හැකියාවද ඒ යෝජනාවෙන් ශ්‍රී ලංකාවට හිමිවන බව කෙරීගේ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාව මෙම අභියෝගකාරී පියවර ඉදිරියට තැබීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය නිරන්තරයෙන්ම සහාය දීමට ඇප කැපවී සිටී.
මේ වසර මුලදී ඒ බව මම කොළඹදී ශ්‍රී ලංකා රජයට දන්වා සිටියෙමි.
දකුණු ආසියා කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම් නිශා බිස්වාල්ගේ ට්විටර් අඩවියේ ජෝන් කෙරීගේ නිවේදනය දක්වා තිබුණි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා යෝජනාවට ඇමරිකාවේ පූර්ණ සහාය
වැකෝ Friday, 25 September 2015 10:09 AM
යුද අපරාධ චෝදනා සම්පූර්ණයෙන් සමතයකට පත්වනතුරු, ඉන්දියාව සමඟ කිරිමට බලාපොරෝත්තු වන සියලු සාකච්ජා කල් දමන්න.(ම)
දුමින්ද Friday, 25 September 2015 10:11 AM
මිතුරන් මිතුරු කර ගැනීම (ම)