ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනට සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳව සලකා බලන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩේවිඩ් ඩේලි මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ පවසා ඇත.
අරලිය ගහ මැදුරේ පැවති එම හමුවේදී ඩේවිඩ් ඩේලි මහතා ශ්‍රී ලාංකික ජනතාවගේ මානව හිමිකම් තහවුරු කිරීම උදෙසාත්, සංහිඳියාව ගොඩනැංවීමටත් වත්මන් රජය ගෙන ඇති වැඩපිළිවෙළ ගැන සිය ප්‍රසාදය පළ කරන බව කියා ඇත.
යුරෝපා සංගමය අතීතයේ සිටම ශ්‍රි ලංකාවට ලබාදුන් ආධාර සහ සහයෝගය පිළිබඳව මෙහිදී සිහිපත් කළ ජනපතිව මෛත්‍රිපාල සිරිසේන මහතා ජී.එස්.පී ප්ලස් සහනය නැවත මෙරටට ලබාදීමට කටයුතු කරන ලෙසද තානාපතිවරයාගෙන් ඉල්ලීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමර, අගය කළයුතු වැඩ පිළිවෙළ කිවුවේ මොකටද? (නි)
ලංකා මාළු යුරෝපෙන් ගැනීම නතරකළේ අපි ප්‍රමිතියට මාළු අල්ලන්නේ නැහැ කියලා. දැන් යුරෝපය අපේ මාළු ගන්න සූදානම් වෙන්නේ අපේ ප්‍රමිතිය හරි ගිහිල්ලා වෙන්න ඇති.. (නි)
ලංකාවේ මාළු වැඩි මන්නාරම ආසන්නයේ නොගැඹුරු මුහුදේ . අපේ මත්ස්‍ය සම්පත ඉන්දියානු ධීවරයෝ හොරකම් කරනවා .අපේ මුහුදු සීමාවේ මාළු අල්ලන ඉන්දීය ධීවරයෝ නාවිකහමුදාව විසින් අල්ලා ගත්තත් රජය ඔවුන් මුදාහරිනවා. මේ සම්බන්ධව දැඩි පිළිවෙතක් අනුගමනය කළයුතුයි (නි)
ලංකාවේ මිනිසුන්ට කන්න තිබෙන මාළු කෑල්ලත් පිටරට පැටෙවුවහම අපිට කන්න වෙන්නේ මොනවද? ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනය අපේ පරිභෝජනයටවත් මදි (නි)
තුසිත, කොහොමත් එයාලට ඕනෑ අපි අල්ලන මාළු වලටත් වඩා අපේ රටේ මාළු කන්නයි.එයාලගේ පදේට නටලා මාළු ටිකක් විකුණගෙන මොකටද? මොකද ලෝකේ මාළු විකුණන්න වෙන රටවල් ඇත්තෙම නැද්ද? අපිටත් විකුණන්න මාළු හැර වෙන මොකුත් ඇත්තෙම නැද්ද? (නි)
අපිට ආයෙත් හොඳ කලක් යයි වගේ (නි)
සිල්වා , මෙතැනදී ඔවුන් අගය කරලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල මිසක් අගමැති තුමා ගේ වැඩ පිලි වෙලා නෙමෙයි නේද ? (ම)
කොහොමද ජනාධිපති තුමාගේ වැඩ. ජයවේවා ජනපති තුමනි ! (ර)
කොහොමහරි කමක්නැහැ, රටට යහපතක් වෙනවා නම් (නි)
අනේ කමක්නැහැ අපේ ධීවරයින්ට හොඳ කලක් යනවා නම්... (නි)
යුරෝපා සංගමය අතීතයේ සිටම ශ්‍රි ලංකාවට ලබාදුන් ආධාර සහ සහයෝගය මොනවගේද කියලා අපි දන්නවා (නි)
මහින්දට බෑ රනිල්ට පුළුවන් ලෝකෙත් එක්ක වැඩ කරන්න ඔන්න වෙනස ජනතාව තේරුම් ගන්න රටේ අවශ්‍යතාව පුද්ගලයෙක් නෙමෙයි දිනවන්න ඕනි රටයි. (බ)