එක්සත් ජාතික පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සභාපති දිනේෂ් කපුකොටුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට බලාපොරොත්තුවන බව එම පුවත්පත් නිවේදනයකින් කියයි.
ඔහුට සුභ පැතීම සඳහා පසුගියදා ලන්ඩන් නුවරදී එජාපා ශාඛාවේ නිලධාරී මණ්ඩලය රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.
ශාඛා සමිතියේ වාර්ෂික රැස්වීම පැවැත්වෙන තුරු දිලාල් තිලකරත්න සභාපති ධුරයේ වැඩබැලීමට පත්කර ඇති බවද එම නිවේදනයෙහි දැක්වෙයි.
ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන එජාප ශාඛා සමිති දෙකක් ඇත. මේ සියලුදෙනාම බොහෝ කලක සිට එක්සත් ජාතික පක්ෂයේ වැඩකටයුතු සඳහා සම්බන්දවී කටයුතු කර ඇත.
පසුගිය මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය උදෙසාද පක්ෂ ශාඛා දෙකම සම බරව උදව් කළේය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද්විත්ව පුරවැසියෙක් නම් බැහැ නේද? (නි)
නාමයෝජනා මණ්ඩලය තීරණය කරලා ඉවරද? (ස)
පක්ෂ මාරුකළ දෙන්නෙක්ම නුවර ඉන්නවා.එක් අයෙක් ගොඩක් වටිනවා. පස්සේ බලමු. (නි)
අපේ වැඩ අපිට කර ගන්න පුළුවන් (දී)
මම නම් කීයටවත් කැමති නැහැ (දී)
මහනුවර ජනතාව බොහොම බුධිමත්. මහනුවර විරෝදාර ජනතාව සලකන්නට මග බලාගෙන ඉන්නේ. (ර)
වැඩක් වෙන එකක් නැහැ .එංගලන්තයටම වෙලා ඉන්න...(ම)
වෙනසේ දුරස්ථ පාලකය පිටරට බව -දැන සිටිමු මුල සිටම (බ)
එන්න එන්න යූඇන්පී එක විපක්ෂ ඉන්නකොට එන්න එපා (බ)
පිස්සෝ වගයක් මෙහෙ ඇවිත් නිකම් සවුත්තු වෙන්න හදනවා. (බ)
වඩා හොඳයි.... වඩා හොඳයි ( දී)
දැන් පිට රටිනුත් ගේන්න වෙලානේ. ලංකාවේ කවුරුත් නැද්ද? (ස)
මොකද එක පාරටම දේශානුරාගයක් ඇතිවෙලා (බ)
තිස්ස මඩවල මහත්මය , මේ වගේ මිනිස්සු ගැන ලියල නිකම් සවුත්තු වෙන්න එපා. ඔබ ගැන දුකයි (බ)
ඉදිරියේදී සම්මත වීමට තිබෙන නීතියට අනුව ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ දේශපාලනය තහනම්. .එතකොට මොකද කරන්නේ.? (ස)