බලහත්කාරී හා පුර්වාදර්ශ සපයන්නාවු යෝජනාවකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡන්දය දුන්නා වුද ඡන්දය නොදුන්නාවූ ද ඊට සහභාගී නොවී සිය විරෝධය දැක් වුවා වුද රටවලට සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අනෙකුත් රාජ්‍යන්ගේ සහයෝගය ලබා ගැනීමට උපකාරී වු රාජ්‍යන්ට සිය කෘතඥතාවය පළ කරනා බව ජීනීවා හි එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා පවසයි.
එසේම බටහිර ජාතීන් වෙත වැඩි නැඹුරුවක් පවතින අවස්ථාවක මානව හිමිකම් කවුන්සිලයේ මෙවර ඡන්ද බලය නොමැති අවස්ථාවක බංගලාදේශය, චීනය, කියුබාව, ජිබුටි, ජෝර්දානය,රුසියාව, හා සෞදි අරාබිය ශ්‍රී ලංකාව වෙනුවෙන් නැගි සිටිම රජය අගයන බව ද රවිනාථ ආර්යසිංහ මහතා කියා සිටී.
ඉකුත් බ්‍රහස්පතින්දා (21) ඇමෙරිකාව ගෙන ආ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න්13ක්ම ඊට විරුද්ධවද ,තවත් රටවල් 8ක් ඡන්දය දීමෙන් වැලකීමෙන් හා එක් රාජ්‍යක් එක් රාජ්‍යක් ඡන්දය වර්ජනය කළහ. ලෝකයේ සියලු කලාප නියෝජනය කරමින් කොංගෝව, ඉක්වදෝරය, ඉන්දුනීසියාව, කුවේටය, මාලදිවයින, මොරිටේනියාව, පකිස්ථානය, පිලිපීනය,කටාරට, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, උගන්ඩාව, වෙනිසියුලාව, යෝජනාවට විරුද්ධව සිය ඡන්දය ලබාදුන්හ.
ඇන්ගෝලාව, බොට්ස්වානා,බුර්කිනා ෆාසෝ, ඉතියෝපියාව, ජපානය, කසකස්ථානය,කෙන්යාව හා මැලේසියාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී උන්හ.එසේම මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් 25 බහුතරයන්ට ඇමෙරිකාව,යුරෝපා සංගමය හා එම සංගමයට බැදීමේ බලාපොරොත්තුවෙන් සිටින රාජ්‍යන් බව ද ජීනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා පෙන්වා දේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙනාම මතක තියාගන්න මේ විරුද්ධ කම් සියල්ල අපේ රටට එරෙහිවයි . එහෙම නැතුව පුද්ගලයෙකුට හෝ පක්ෂයකට විරුද්ධව නොවේ .
ඔබ තුමා ඔහේ ඉදන් ස්තුති කළාට වැඩක් නැහැ. මෙන්න මෙහේ පාරවල් ගානේ හාලාල් විරෝධී පෙළපාලි යනවා.(නදී)
අපිත් ස්තුති වන්ත වෙනවා (දී)
ඒක ඇත්ත,යුරෝපා රටවල් බලා ඉන්නෙ ඇමරිකාවෙ කටින් වචනයක් හැලෙනකම් කියන පරක්කුවෙන් ඉෂ්ඨ කරන්න බලාගෙන. (නදී)