IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලක් මිතුරනට රවිනාථ ස්තූති කරයි

බලහත්කාරී හා පුර්වාදර්ශ සපයන්නාවු  යෝජනාවකදී  ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡන්දය දුන්නා වුද  ඡන්දය නොදුන්නාවූ ද  ඊට සහභාගී නොවී සිය විරෝධය දැක් වුවා වුද  රටවලට  සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අනෙකුත්   රාජ්‍යන්ගේ  සහයෝගය ලබා ගැනීමට  උපකාරී වු  රාජ්‍යන්ට  සිය   කෘතඥතාවය පළ කරනා  බව ජීනීවා හි එක්සත් ජාතින්ගේ  ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ  ආර්යසිංහ මහතා පවසයි.

 එසේම  බටහිර ජාතීන් වෙත වැඩි නැඹුරුවක්   පවතින අවස්ථාවක  මානව හිමිකම්  කවුන්සිලයේ  මෙවර ඡන්ද බලය නොමැති අවස්ථාවක  බංගලාදේශය, චීනය,  කියුබාව, ජිබුටි, ජෝර්දානය,රුසියාව,  හා සෞදි අරාබිය ශ්‍රී ලංකාව  වෙනුවෙන්  නැගි සිටිම රජය අගයන බව ද රවිනාථ ආර්යසිංහ මහතා කියා සිටී.

 ඉකුත් බ්‍රහස්පතින්දා (21) ඇමෙරිකාව   ගෙන ආ  ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල්  47 න්13ක්ම  ඊට විරුද්ධවද ,තවත් රටවල් 8ක්  ඡන්දය දීමෙන් වැලකීමෙන් හා එක් රාජ්‍යක් එක් රාජ්‍යක් ඡන්දය වර්ජනය කළහ. ලෝකයේ සියලු කලාප නියෝජනය කරමින් කොංගෝව, ඉක්වදෝරය, ඉන්දුනීසියාව, කුවේටය, මාලදිවයින, මොරිටේනියාව,  පකිස්ථානය, පිලිපීනය,කටාරට, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, උගන්ඩාව, වෙනිසියුලාව, යෝජනාවට විරුද්ධව සිය ඡන්දය ලබාදුන්හ.

 ඇන්ගෝලාව, බොට්ස්වානා,බුර්කිනා ෆාසෝ, ඉතියෝපියාව, ජපානය, කසකස්ථානය,කෙන්යාව හා මැලේසියාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන්  වැලකී උන්හ.එසේම මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දුන්  රටවල් 25 බහුතරයන්ට ඇමෙරිකාව,යුරෝපා  සංගමය හා එම සංගමයට බැදීමේ බලාපොරොත්තුවෙන් සිටින රාජ්‍යන් බව ද ජීනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා පෙන්වා දේ.



අදහස් (0)

ලක් මිතුරනට රවිනාථ ස්තූති කරයි

ගජන් Sunday, 24 March 2013 10:05 PM

හැම දෙනාම මතක තියාගන්න මේ විරුද්ධ කම් සියල්ල අපේ රටට එරෙහිවයි . එහෙම නැතුව පුද්ගලයෙකුට හෝ පක්ෂයකට විරුද්ධව නොවේ .

:       0       0

රීටා Monday, 25 March 2013 12:12 PM

ඔබ තුමා ඔහේ ඉදන් ස්තුති කළාට වැඩක් නැහැ. මෙන්න මෙහේ පාරවල් ගානේ හාලාල් විරෝධී පෙළපාලි යනවා.(නදී)

:       0       0

ගයාන් Monday, 25 March 2013 12:59 PM

අපිත් ස්තුති වන්ත වෙනවා (දී)

:       0       0

ජීව Monday, 25 March 2013 03:15 AM

ඒක ඇත්ත,යුරෝපා රටවල් බලා ඉන්නෙ ඇමරිකාවෙ කටින් වචනයක් හැලෙනකම් කියන පරක්කුවෙන් ඉෂ්ඨ කරන්න බලාගෙන. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site