ලංකාවේ භුමි ප්‍රමාණයෙන් සියයට විස්සකට නාය යෑමේ අවදානමක් තිබෙනවා යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද(31) ඩාර්ලි පාරේ පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
‘එම ප්‍රදේශ නිරික්ෂණ කටයුතු සඳහා කණ්ඩායම් 7ක් යොදවලා තියනවා. නායයන ප්‍රදේශවලින් ජනතාව ඉවත් කරන්න කටයුතු යොදමින් පවතිනවා. කොළොන්නාව හා ඒ අවට ප්‍රදේශයේ ජල ගැලීම් හේතුවෙන් එක් රැස්වුණු අපද්‍රව්‍ය ඉවත්කිරීමට මිලියන 18ක මුදලක් වෙන්කර තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වුණා.‘ යැයි ද කී ඇමැතිවරයා ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා විශාල වශයෙන් ආධාර ලැබී ඇති බවත්,අද සවස චීන ආධාර රැගත් ගුවන්යානයක්ද පැමිණෙන බවත් ලැබුණු ආධාර මුදල් වෙනම ගිණුමක තැන්පත්කර ඇති අතර ,එකී ආධාරවලට තාමත් අත තබා හෝ නොමැති බවත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කරදර කාර මැති ඇමතිලව ඒ පැත්තේ ට්‍රිප් එකක් කැන්දන් යන්ඩකෝ (අ)