ගිය රජය සමයේ සීෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කර කළමනාකාරීත්ව පුහුණුව සඳහා පිරිස් යැවීයැයි කියන සිද්ධිය මත මුදල් අමාත්‍යංශය ලංකා බැංකුවේ මහ කළමනාකරු ඩී.එම්.ගුණසේකර මහතාගේ වැඩ තහනම් කළේය.
වැඩ බැලීම සඳහා නියෝජ්‍ය මහ කළමනාකරු පී.ජේ.ජයසිංහ මහතා පත්කර ඇත.
ගුණසේකර මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වේ.
ගිය රජයේ ප්‍රබලයන් සීෂෙල්ස්හි නීති විරෝධී ලෙස මුදල් තැන්පත් කර ඇතැයි කියන සිද්ධියක් ගැන පරීක්ෂණ පැවැත්වීමට විශේෂ කණ්ඩායමක්ද එහි යවා ඇත.
2011දී මෙම ශාඛාව විවෘත කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින්ද තොරව බවත් සීෂෙල්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගණන 64 ක් බවත් මුදල් අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනයේ මහා බැංකු හොර අධිපති සහ රවී කරුණානායක කරගෙන යන දුෂණ (රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදය ඇතුව) හොයන්නේ කවුද? බොරු මාධ්‍ය සංදර්ශන නවත්වන්න.අඩුම තරමේ 1977 ඉඳලාවත් කරපු දුෂණ ,වංචා ,මිනීමැරුම් අපරාධ ගැනත් සොයන්න. (බ)
මූල්‍ය වංචා තියෙන අයට මුදල් අමාත්‍යාංශය බාර දෙන්න පුළුවන්. මේවට හිනා යන්නේ පශ්චාත් බාගයෙන්. (ස)
මෙයාගේ වැඩ තහනම්. එත් ලොකුම වංචාව කළ මහා බැංකු අධිපති තවම වැඩ. (බ)
මොන පුද්ගලයා වුනත් අසරණයි ගිය ආණ්ඩුවේ හිටපු මිනිස්සුත් එක්ක වැඩ කරන කොට. මේවට දඩුවම් විදින්න ඕනේ ඒ ආණ්ඩුවේ ප්‍රබලයෝ සහ හිටපු සභාපති.(බ)
ඔබට වැරදිලා දින 100 යහපාලනය තුල සිදු වන වැරදි ගැන පසුව සලකා බලාවි(දිල්)
මේවා වහන්න තමයි අර පරාද වුනු නායකයාව අයිමත් ගෙන්වන්න දඟලන්නේ ......(ම)
මුණසිංහ උන්නැහේගේ කතාවට මටත් හිනායනවා. හුණුවටයේ කතාවේ විනිශ්චය ආසනයේ ඉන්දවපු හොරාගේ ළඟට මුදල් ඇමතිතුමාට කිට්ටු වෙන්නවත් බැහැ. (බ)
නින්දෙන් මුළු රටම මුදා ගත්තු මෛත්‍රිපාල ජනාධිපති තුමනි ඔබට සදා ණය ගැතී වෙමු.(දිල්)
වැඩ තහනම් කිරීම්, වැඩිදුර සොයාබැලීම් මාධ්‍යය සංදර්ශන වලට සීමා නොකොට දේශයට ද්‍රෝහී වූ සැමදෙනෙක්ම අධිකරණය ඉදිරියට පමුණුවා දඬුවම් කළයුතුමය. (නි)
බොහොම අමාරුවෙන් ලබාගත්ත ...රාජ්‍ය තාන්ත්‍රික සබඳ තාවයක් ..පටු අරමුණු හේතුවෙන් නැතිකරන්න හදන්න එපා ...කව්ද ගණනයකලේ ඉන්න ගාන....64 කියන්නේ සමහරවිට පුරවැසි බාවය තියන අය...ඊට වඩා තුන්ගුනයකටත් වඩා ප්‍රමාණයක් වැඩ කරනවා විවිධ ක්ෂේත්‍ර වල ...අල්ලපු රටේ දාස් ගානක් මෙහෙ වැඩ ...ඊට වඩා අපේ මිනිස්සුන්ට මෙහෙ මිනිස්සු කැමැත්තක් තියනවා ...පටු වාසි තකා මේ රටේ ජොබ් කරන මිනිස්සුන්ගේ බඩට ගහන්න එපා ..මෙහෙ .බැංකු ගත්තත් තරගයක් තියෙන්නේ ...අපේ රටට අපේ වැටුප් යන්නේ අපේ බැංකුව හරහා ...දැන් ලංකාවේ බැංකු ටිකට හිතවත් කට්ටිය පුරවාගෙන යනවා ....රටේ තියන ප්‍රශ්න පිටරටවල් වලට දෙන්න එපා...(ස)
වරදක් කළා නම් ඉතින් දඬුවම් විඳින්න වෙනවාමයි (නි)