ජපානයේ ටෝකියෝහිදී පැවැත්වෙන 10 වන ලෝක පිහිනුම් විනිසුරුවන්ගේ සම්මන්ත‍්‍රණය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කීරීමට ජාත්‍යන්තර පිහිනුම් තරඟ තීරකවරුන්වන ලලිත් ගමගේ හා සුනිල් රත්නායකද ජාත්‍යන්තර පිහිනුම් තරග ආරම්භකරුවකු ලෙස ක‍්‍රියා කරන එන්. කේ. ආර්. බමුණුආරච්චිද ආරාධනා ලැබ සිටිති.
2000 වර්ෂයේ සිට ජාත්්‍යන්තර පිහිනුම් තරඟ තීරකයෙකු ලෙස කටයුතු කරන ලලිත් ගමගේ මහතා කැනඩාවේ මොන්ට්‍්‍රයල්හිදි පැවති ලෝක ජලක‍්‍රීඩා තරඟාවලිය, එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවති පෙදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා තරගාවලිය හා ඉන්දියාවේ දිල්ලිහිදි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා තරඟාවලියේදීද, සාග් තරගාවලි කිපයකද පිහිනුම් තරග තීරකයෙකු ලෙස කටයුතු කර ඇත. 2006 වර්ෂයේ සිට ජාත්‍යන්තර පිහිනුම් තරග තීරකයෙකු ලෙස කටයුතු කරන සුනිල් රත්නායක මහාතා සාග් තරඟාවලි කිහිපහක්ම විනිශ්චය කර අත්දැකිම් ඇති තීරකවරයකු වන අතර මෑතකදී පැවති පිහිනුම් ජාතික ශුරතා තරගාවලි බොහොමයක ප‍්‍රධාන තීරකවරයා ලෙසද ක‍්‍රියා කර ඇති විනිසුරුවෙකි.
මෙම සම්මන්ත‍්‍රණය සඳහා ආරාධනා ලැබ සිටින එන්. කේ. ආර්. බමුණුආරච්චි මහතාද සාග් ඇතුළු ජාත්‍යන්තර තරඟවලි රැුසකදී හා ජාතික ශුරතා පිහිනුම් තරඟ රාශියක විනිශ්චයේ යෙදී ඇති ප‍්‍රවිනතම පිහිනුම් තරග ආරම්භකරුවකු වේ.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක පිහිනුම් විනිසුරුවන්ගේ සම්මන්ත‍්‍රණයට ජපානයට යති