‘දිනුවත් පැරදුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය බලාසිටීම හරි ආඩම්බරයක්. ඊළඟ සටනේදී අපේ කට්ටිය වඩාත් ශක්තිමත්ව ඉදිරියට යන බව මට විශ්වාසයි‘ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනපති ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.
20 -20 ලෝක ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග කරට කර තරගයක යෙදී සිටියේය. අවසන් පන්දුව දක්වාම තරගයේ තීරණය කොයි අත යා දැයි කිව නොහැකි තත්ත්වයකට පත් කිරීමට නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු පිරිස සමත් විය.
ලංකාව ලකුණු 10කින් පරාජයට පත්විය. ඒ අනුව ලෝක කුසලානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා පිලේ සටන්කාමීත්වය ජනපති අගයයි
විජය Tuesday, 29 March 2016 01:48 PM
අනේ ජනාධිපතිතුමනි ක්‍රිකට් වෙනුවෙන් මෙච්චර මුදල් නාස්ති කරන්න දෙන්න එපා. ඕව ජාතික අපරාධ. ඔය විදියට පරදින්න ලක්ෂ ගණන් ගෙවලා පුහුණු කරුවෝ තියාගන්න ඕනද? ක්‍රිකට් ගහන අයියාලට දිනුවත් පැරදුනත් ලක්ෂ ගණන් පඩි ගෙවනවා නේද. එදා වේල හම්බකරගෙන කන්න නැති මිනිස්සු මේ රටේ කොච්චර ඉන්නවද? මේ අපරාදේ දැන්වත් නවත්වන්න. (බ)
සුදේශ් Tuesday, 29 March 2016 03:44 AM
පෙරලුනු පිට හොදලු (බ)
පාඨලී Wednesday, 30 March 2016 04:08 AM
අපේ ටීම් එකේ අයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න බැයිද.(බ)
නිම්මි Tuesday, 29 March 2016 02:53 PM
දැන් ඉහින් අපේ රට යන්නේ පරදින පැත්තටම තමයි. බහුතරයක් කරන්නේ හෙන ඉල්ලන එකයි පොල් ගහන එකයිනේ. (බ)
බෙන්තර මහේෂ් Monday, 28 March 2016 08:54 AM
"තමන් ප්‍රිය කරන කණ්ඩායමේ පරාජය දකිනවාට වඩා අපහසු වන්නේ, ජය පැරදුමට එක සේ මුහුණ දීමට නොහැකි, ලෝක කුසලාන සමයේදී පමණක් තරග නරඹන මෝඩ මිතුරන් පිරිසක් සමග එකට එකතුව ක්‍රිකට් තරග නැරඹීමයි" (ර)
හර්ෂ Tuesday, 05 April 2016 06:57 PM
මෙදාපාර අපේ ටීම් එක අන්ත පරාජයක් ලැබුවේ. ලොකු කතා, කයිවාරු විතරයි (නි)
ඉන්දික Tuesday, 29 March 2016 06:43 AM
දැන් ඔක්කොම බහින කලාවේ! (නි)
දසුන් Thursday, 31 March 2016 05:33 PM
මේ යන විදියට ලබන ඡන්දෙදි අපිටත් කියන්න වෙන්නේ ඔය ටිකම තමයි (නි)
දීපාල් නිරෝෂ් Sunday, 27 March 2016 10:39 AM
පැරදුනත් හොඳ සටන්කාමිත්වයක් තිබිල තියනවා. දැන් කල යුත්තේ මේ කණ්ඩායමට හොඳ පුහුණුකරුවෙක් යොදාගෙන ස්ථාවර කණ්ඩායමක් හදා ගැනීමයි. (ර)
කඩිගමුව Monday, 28 March 2016 12:02 AM
ක්‍රිකට් ගහන්න පුළුවන් කට්ටියක් එව්වොත් ලබන සැරේ වත් දිනන්න පුළුවන් වේවි. කයිවාරු ගැහුවට මැච් දිනන්න බෑ. (බ)
ඉසුරන්දි Tuesday, 29 March 2016 07:05 AM
හිතාගතනොහැකි විදිහටයි මෙදාපාර අපේ ටීම් එක අන්ත පරාජයක් ලැබුවේ. වරද කොතනද අපි නොදනිමු. තරගාවලිය පුරාවටම දුර්වල ක්‍රීඩාවක නියැලුණු බව සක්සුදක් සේ පැහැදිලියි. කේන්තියත් එක්ක හිතට දුක දැනුන වාර අපමණයි. මෙහෙම ගියොත් දිනපු ලෝක කුසලාන හැල්ලුවට ලක්වෙනු නොඅනුමානයි. (ර)
ශාන්ත Wednesday, 06 April 2016 12:42 PM
අපේ කොල්ලෝ දක්ෂයෝ.(හේ)
සිසිර Wednesday, 30 March 2016 10:25 AM
මොකුත් නොකියම ඉන්න හිතුවා මම (නි)
සෑම් Tuesday, 29 March 2016 12:07 AM
මෙයා ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? කයිවාරු විතරයි. වැඩ බැරිනම් කට වහගෙන ඉන්න බොස්. පොර ටෝක් දීල ලංකාව ඉතුරු මැච් එකත් පැරදුණා.(අ)
සත්‍යා Thursday, 31 March 2016 10:31 PM
දිගටම පරදින එක සටන්කාමිත්වය නම් දිනන එකට කියන්නේ මොකද්ද (නි)
මොහාන් Thursday, 31 March 2016 06:50 AM
ක්‍රිකට් වලට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැහැ. (හේ)