‘දිනුවත් පැරදුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය බලාසිටීම හරි ආඩම්බරයක්. ඊළඟ සටනේදී අපේ කට්ටිය වඩාත් ශක්තිමත්ව ඉදිරියට යන බව මට විශ්වාසයි‘ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනපති ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.
20 -20 ලෝක ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග කරට කර තරගයක යෙදී සිටියේය. අවසන් පන්දුව දක්වාම තරගයේ තීරණය කොයි අත යා දැයි කිව නොහැකි තත්ත්වයකට පත් කිරීමට නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු පිරිස සමත් විය.
ලංකාව ලකුණු 10කින් පරාජයට පත්විය. ඒ අනුව ලෝක කුසලානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ජනාධිපතිතුමනි ක්‍රිකට් වෙනුවෙන් මෙච්චර මුදල් නාස්ති කරන්න දෙන්න එපා. ඕව ජාතික අපරාධ. ඔය විදියට පරදින්න ලක්ෂ ගණන් ගෙවලා පුහුණු කරුවෝ තියාගන්න ඕනද? ක්‍රිකට් ගහන අයියාලට දිනුවත් පැරදුනත් ලක්ෂ ගණන් පඩි ගෙවනවා නේද. එදා වේල හම්බකරගෙන කන්න නැති මිනිස්සු මේ රටේ කොච්චර ඉන්නවද? මේ අපරාදේ දැන්වත් නවත්වන්න. (බ)
පෙරලුනු පිට හොදලු (බ)
අපේ ටීම් එකේ අයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න බැයිද.(බ)
දැන් ඉහින් අපේ රට යන්නේ පරදින පැත්තටම තමයි. බහුතරයක් කරන්නේ හෙන ඉල්ලන එකයි පොල් ගහන එකයිනේ. (බ)
"තමන් ප්‍රිය කරන කණ්ඩායමේ පරාජය දකිනවාට වඩා අපහසු වන්නේ, ජය පැරදුමට එක සේ මුහුණ දීමට නොහැකි, ලෝක කුසලාන සමයේදී පමණක් තරග නරඹන මෝඩ මිතුරන් පිරිසක් සමග එකට එකතුව ක්‍රිකට් තරග නැරඹීමයි" (ර)
මෙදාපාර අපේ ටීම් එක අන්ත පරාජයක් ලැබුවේ. ලොකු කතා, කයිවාරු විතරයි (නි)
දැන් ඔක්කොම බහින කලාවේ! (නි)
මේ යන විදියට ලබන ඡන්දෙදි අපිටත් කියන්න වෙන්නේ ඔය ටිකම තමයි (නි)
පැරදුනත් හොඳ සටන්කාමිත්වයක් තිබිල තියනවා. දැන් කල යුත්තේ මේ කණ්ඩායමට හොඳ පුහුණුකරුවෙක් යොදාගෙන ස්ථාවර කණ්ඩායමක් හදා ගැනීමයි. (ර)
ක්‍රිකට් ගහන්න පුළුවන් කට්ටියක් එව්වොත් ලබන සැරේ වත් දිනන්න පුළුවන් වේවි. කයිවාරු ගැහුවට මැච් දිනන්න බෑ. (බ)
හිතාගතනොහැකි විදිහටයි මෙදාපාර අපේ ටීම් එක අන්ත පරාජයක් ලැබුවේ. වරද කොතනද අපි නොදනිමු. තරගාවලිය පුරාවටම දුර්වල ක්‍රීඩාවක නියැලුණු බව සක්සුදක් සේ පැහැදිලියි. කේන්තියත් එක්ක හිතට දුක දැනුන වාර අපමණයි. මෙහෙම ගියොත් දිනපු ලෝක කුසලාන හැල්ලුවට ලක්වෙනු නොඅනුමානයි. (ර)
අපේ කොල්ලෝ දක්ෂයෝ.(හේ)
මොකුත් නොකියම ඉන්න හිතුවා මම (නි)
මෙයා ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? කයිවාරු විතරයි. වැඩ බැරිනම් කට වහගෙන ඉන්න බොස්. පොර ටෝක් දීල ලංකාව ඉතුරු මැච් එකත් පැරදුණා.(අ)
දිගටම පරදින එක සටන්කාමිත්වය නම් දිනන එකට කියන්නේ මොකද්ද (නි)
ක්‍රිකට් වලට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැහැ. (හේ)