වාර්ෂිකව IMDb අන්තර්ජාල වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කරන ලොව ජනප්‍රියතම තරු සිය දෙනා අතර ස්ථානයක් දිනා ගැනීමට බොලිවුඩයේ සුපිරි නිළි ප්‍රියංකා චොප්රාට අවස්ථාව ලැබී තිබේ. ඇයට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ 55 වැනි ස්ථානයයි.
බොලිවුඩ් සිනමා නිළියක් මෙම ලැයිස්තුවට තේරීපත්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මෙම ලැයිස්තුවේ පළමු තැන හිමි කරගෙන ඇත්තේ සොෆියා බෝටෙලාය. මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇති මුල් සිය දෙනා අතරට පැමිණිමට නොහැකි වුවද වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළි දිපීකා පදුකෝන්ද මෙම ලැයිස්තුවේ ස්ථානයක් දිනාගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
මෙම වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ මෙසේ ප්‍රියංකා මෙන්ම දිපීකාද මෙම ලැයිස්තුවට තේරීපත්ව ඇත්තේ ඔවුන් දෙදෙනා වර්තමානයේ හොලිවුඩ් නිර්මාණ කිහිපයකටම දායකව සිටීමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd