මාස දෙකක් තිස්සේ යේමනයේ හවුති සටන්කාමීන්ගේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික නැවියන් නම දෙනා මුදා ගැනීම සම්බන්ධයෙන් පියවර ගැනීමේ කටයුතු ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ඩුබායි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාල හරහා සිදු කෙරෙමින් සිටින බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
එම නැවියන් නම දෙනා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට තානාපති කාර්යාල වලට හැකි වී තිබෙන අතර ඔවුන් මේවන විටත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැව් දන්වා ඇති බව කියති.
යේමනය හා සෞදි අරාබිය අතර දේශ සීමා වලට මායිම්ව පිහිටි අල් හුඩෙයිඩා වරායේ නැංගුරම් ලා තිබෙන ග‍්‍රීසියේ නැව් සමාගමකට අයත් ෆෙයාර් අපලෝන් වෙළඳ නෞකාව මීට මාස දෙකකට පෙරදී යේමනයේ හවුති සටන්කාමීන්ගේ ප‍්‍රාණ ඇපයට පත් වූ අතර එහි සිටි ශ්‍රී ලංකික නැවියන් 9 දෙනෙකු ඇතුළු විසි හය දෙනෙකු ගෙන් යුතු කාර්ය මණ්ඩලය සහ අදාළ නෞකාව මුදා හැරීමට නම් ඩොලර් මිලියන ගණනක මුදලක් එම සටන්කාමීන් විසින් නැව අයිති සමාගමෙන් ඉල්ලා ඇතැයි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හවුති සටන්කාමීන් කියනේ ඉරානයේ බළල් අන්ඩක්, ඉරානෙට කතා කළානම් ඕක විසඳගන්න තිබුනා. (බ)