මෝඩයාගේ දිනයෙන් ඇරඹෙන අපේ‍්‍රල් මස පළමු ඉරිදා දිනය පැරීසියට සුවිශේෂි දිනයකි. ඓතිහාසික සියලූම කෞතුකාගාර නැරඹීම නොමිලේය. සම්මන්ත‍්‍රණ සිනමා නාට්‍ය ආදි ලෙස බොහෝ දේවල් නොමිලේය. එබැවින් එවැනි ස්ථාන කිලෝ මීටර් ගණන් ජනතාව පිරි පෝලිම්ය. එදිනට පැරීසියේ මනස වඩන සිත පිනවන සියලුම දේ නොමිලේය.
එබැවින් පැරීසිය ජනයාගෙන් පිරී ඉතිරී ඇත්තේය. ඒ අතරට පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ උදේට නොමිලෙත් සවසට ගෙවීමෙනුත් මනස වඩන සිත පිනවන සුවිශේෂී අංග රැසකින් එම දිනය වර්ණවත් කරති.
එනම් 05 වැනි ඉරුදින විශ්ව විද්‍යාලය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ විද්වත් දේශනයකි. සවස 05 ට ශ්‍රී ලංකාවේ ජනප‍්‍රිය වේදිකා හා ටෙලි නාට්‍ය නළුවෝ දෙදෙනෙක් වූ ගිහාන් ප‍්‍රනාන්දු සමග කුමාර තිරිමාදුර ඉදිරිපත් කරන හාස්‍ය ජනක රංග ප‍්‍රසංගයත් පැවැත්වේ. පැරිස් කලාප අංක 20හී මෙනිල්මොන්තාන් රඟහලේ වේදිකාවේ මේ උත්සවය පැවැත්වීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල් පල්ලි මෙතෙක් කල් වැඳ ගත්ත මැදා.ඇති වෙනකම් බණත් අහල ඇති වෙලා ඉන්නේ .පින් කැට පුරවනවට වඩා ඔලුවට වටිනා දෙයක් එකතු කර ගැනීම ඊට වඩා හොඳයි .එක නිසා දේශනය අහන්න ඕනේ .(ස)
හරිම සතුටුයි (නි)
05.04.2015 වන ඉරු දින, පැරිස් වල පන්සලෙත්, පල්ලියේත් උත්සව ඇත. (ස)
විශ්ව විද්‍යාලය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ දේශනාව අහන්න අපිත් එනවා !! (ස)
මෙය අපට ගෞරවයක්.(හේ)
වෙනසක් සැමටම.(හේ)
මෙහෙම දෙයක් පැරිසියේ ප්‍රථම වතාවට වුණේ.සුභ පැතුම්!(නි)
කවුරු හෝ මෙය වීඩියෝ කරගෙන එෆ්.බී දාන්න අපිටත් බලන්න පුළුවන් එවිට.(නදී)