එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා මහතා පසුගිය 22 වැනිදා එහි මහලේකම් බෑන් කී මූන්ට අක්ත පත්‍ර භාර දීමේ උත්සවය ඇමරිකාවේ නිව්යෝක් නුවර එම සංවිධාන මූලස්ථානයේදී පැවැත්විණි.
අක්තපත්‍ර බාරදීමෙන් පසු දෙපාර්ශවය අතර වැදගත් සාකච්ඡාවක්ද පැවැති අතර ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ජාත්‍යන්තර ප්‍රජාවත් අතර වඩාත් පුළුල් සහයෝගීතාවයකට ධනාත්මක වාතාවරණයක් නිර්මාණයවී ඇතැයි මහලේකම් බෑන් කී මූන් එහිදී පැවසීය.
නව නිත්‍ය නියෝජිතවරයාගේ ප්‍රයත්නයට තමාගේත් කාර්ය මණ්ඩලයේත් පූර්ණ සහයෝගය ලබාදෙන බවද මහලේකම්වරයා එහිදී කීවේය.
ජාත්‍යන්තර ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ පියවර පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ වත්මන් සභාපතිත්වය හිමි රොහාන් පෙරේරා මහතා 2007 සිට 2011 වසර දක්වා ජාත්‍යන්තර නීති කොමිසමේ සාමාජිකයෙක්ද විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවකු වන ඒ මහතා 2010 මැයි මාසයේදී උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සාමාජිකයකුද විය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක් නියෝජිතයා අක්ත පත්‍ර භාරදෙයි
තාමර Friday, 24 April 2015 09:20 AM
උගතාට නිසි තැන ලැබෙන කාලය ඇවිත් ,වාසනාවන්. (ස)
අනුර Friday, 24 April 2015 06:05 PM
ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න සුදුසු බුද්ධිමතුන් ඒ ඒ තැන්වලට පත්කිරීම රජයක වගකීමක්. (නි)
සුජීව (ජර්මනි ) Friday, 24 April 2015 12:13 PM
ආචාර්ය රොහාන් මැතිතුමනි ! මගේ පුංචි ශ්‍රී ලංකා වේ අභිමානය ලොවට ගෙනියන්න, ඔබ මගේ ලංකාවට ජනිත කල දෙමාපියන්ට සහ මේ අධ්‍යාපනය දුන් ගුරුවරුන්ට ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් මගේ භක්ති ප්‍රණාමය ! ඔබ මගේ ශ්‍රී ලංකාවට මිනිපහනක් වේවා ! (ස)
රසික Friday, 24 April 2015 08:46 AM
ලංකාවේ උගතුන් ට ජාත්‍යන්තරය නියෝජන කරන්න තැන ලැබෙන්නේ ඕනේ. කලින් ඕව කලේ අලි බිස්න්ස් කරන සජින් වාස් ල වගේ අයනේ. (ස)