අනවසරයෙන් මසුන් මරමින් සිටියදි ශ්‍රී ලාංකික ධීවරයන්12 දෙනකු චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට තමිල්නාඩු රාමනාදන්පුරම් මහේස්ත්‍රාත් අධිකරණය අද (12) තීන්දු කළ බව චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියයි. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඉකුත් සැප්තැම්බර් 30 වැනි දා කන්‍යා කුමාරි වෙරළ තීරයේ මසුන් මැරීමේ කටයුතුවල නිරත ව සිටියදී අත් අඩංගුවට පත් පුත්තලම ප්‍රදේශයේ ධීවරයන් පිරිසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩ්ඩොත් නිදහස් කරන්න කියලා ඉන්දියාවේ නායකයෝ බලපෑම් කරනවා. නමුත් අපේ අහිංසක මිනිහෙක් වෙනුවෙන් මොනවාද අපිට කරන්න තියෙන්නේ? නීතියෙන් වැරදිකරුවෝ වුණ ඒ කුඩුකාරයන් නිදහස් කළාට ඉන්දියාව කළ දේ මොකක්ද? (නි)
ඉන්දික,සුනිල් ගීකියනගේ ඔබ දෙදෙනාගේ අදහස් වලට මා හිසනමා පිළිගන්වන ආචාරය පිළිගන්න. (නදී)
අපේ රටට ඉන්දියාවෙන් කුඩු ගෙනාව ඒ අයව නිදහස් කරලා උන්ගේ රටටත් යවනවා. අපේ දුප්පත් අහිංසකයෙක් මාලු අල්ලන්න ගියාම උන් හිරේ දානව. රටේ පාලකයෝ නිසානේ මේ අහිංසකයෝ දුක් විදින්නේ. (අ)
ඇත් ද දැන් ඉල්ලන් කැවා මහා ලොකුවට කුඩුකරයන්ටත් නිදහස දීල ඇරියා මොලේ වැඩිවෙලා එකයි ඔක්කොම ප්‍රස්න (අ)
අද මේ අය ගැන කතා කරන්න අද කවුරුත් නැහැ..(හේ)
ඕවට වැරදි අපේ ලොකු අයයි.පවු අහිංසක ධිවරයෝ.(හේ)
මේක හරිම විහිළුවක්. ඔවුන් එනවා අපේ සීමාවට. අපේ අය යනවා ඔවුන්ගේ සීමාවට. හැමෝම තම තමන්ගේ සීමාවේ හිටියා නම් ඉවරනේ. (නි)
අපේ අය වැරැදිනම් ඔය දඩුවම විදින්න ඕනේ.(හේ)
අපේ මිනිස්සුත් දැන දැනනේ ඉල්ලන් කන්නේ.(හේ)
ඔව්. අපේ අය ඉන්දියාවේ අය නිදහස් කරනවා. (නි)
ඉන්දීය ධීවරයින් ගැන කතා කරපු යට කියන්න ඕනේ ඉන්දියාවේ ජනතාවගෙන් ඡන්දය ඉල්ලා ගන්න කියල..අපේ ධීවරයන්ට කරපු දෙයක් නැනේ. (අ)
මෙය විය යුතුමයි (නදී)