ශ්‍රී ලංකාවේ කරදිය හා මිරිදිය සම්පත් ජාතික ධනයට උරදෙන විශාල ස්වභාවික සම්පතක් යැයි ද එම සම්පත් පරිහරණයේදී ජාත්‍යන්තර නීතී රීති වලට මෙන්ම දේශීය අණ පනත්වලට ගරු කරමින් කටයුතු කිරීම ධීවර ප්‍රජාව සතු වගකීමක් යැයි ද ධීවර ඇමති මහින්ද අමරවීර මහතා කියයි.
අදට(21) යෙදී තිබෙන ලෝක ධීවර දිනය නිමිත්තෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කීය.
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත ගුණාත්මකභාවයෙන් ඉහළ යැයිද ඒ නිසා ඉහළ අන්තර්ජාතික පිළිගැනීමක් පවතින බව සඳහන් කරන අමාත්‍යවරයා මෙරට මත්ස්‍ය සම්පතට ජාත්‍යන්තරයේ තිබෙන කීර්තිනාමය ආරක්ෂා කරන ලෙස ඔහු ධීවර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.
ඉදිරි වසර කිහිපයේ දී මෙරට කරදිය මිරිදිය අස්වැන්න සිව් ගුණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් ජාතික වශයෙන් අවශ්‍ය වන පෝෂණය උදෙසා මේ වසරේදී ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දිනකට ග්‍රෑම් 46ක් දක්වා ඉහළ නැංවීමට හැකි වී ඇතැයි අමරවීර පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදවත් අහිංසක මාලුන්ට නිදහසක් ලැබෙයිද? (නි)
එහෙනම් අදවත් ඒ අහිංසක මාළුන්ට උන්ගේ නිදහස දෙනවද? (නි)
ශීුලංකාව වැනි ජලප්‍රභවයන්ගෙන් පෝෂිත රටකට එම වැඩිපුරම පවතින ජල ප්‍රභවයෙන් සහ වසර මුළුල්ලේ පවතින හිරැ එළිය භාවිතයෙන් නිෂ්පාදන,අපනයන ආර්ථිකයකට මනා ශක්තියක් වන ධීවර කර්මාන්තය වෙනුවෙන් සහ ඒවෙනුවෙන් ජීවිත අවදානමද නොතකා වෙහෙසෙන ධීවර කාර්මිකයා වෙනුවෙන් වෙන්වූ දිනය ඉතාම වැදගත්ය.මෙය සෑම දෙනෙකුටම කල හැක්කක් නොවේ. අප වෙනුවෙන් පව උසුලන්නේ ඔවුන්ය. සෑම නගරයකම,මාවතකම,නිවසක පිඟාන දක්වාම මෙම කර්මාන්තය බද්ධ වී පවතී.ධීවර කාර්මිකයාගේ ජීවන තත්ත්වය උසස් කරමින් රටකට වැදගත් මෙම නිෂ්පාදකයිින් හට සමස්ථ ජනතාවගේම ගෞරවය දැක්විය යුතුය.