සිය සැමියා වන දොස්තර දිනේන්ද්‍ර අතුකෝරාල මරා දැමීයැයි ඔහුගේ බිරිය චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේට එරෙහිව ඕස්ට්‍රේලියා පොලිසිය මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කර ඇත.
දොස්තර අතුකෝරල (34) ජනවාරි 24 වැනි දා ඕස්ට්‍රේලියාවේ ජෙරල්තන්හි සිය නිවසේ දී තුවාල ලබා රෝහලට රැගෙන ගිය නමුත් මරුමුවට පත් වූ බව ඕස්ට්‍රේලියා පොලිසිය කියයි.
ලබන සිකුරාදා ඇය ජෙරල්තන් මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටීමට නියමිතය.
ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිය දී ඝාතනයට ලක්ව ඇති දිනේන්ද්‍ර අතුකෝරළ මහතා (34) අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයයේ ආසි ශිෂ්‍යයෙකි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී ඔහු විශිෂ්ඨ සම්මාන අටක් ලබා උසස් පෙළ විභාගයෙන් ද විෂයයන් හතරම සමත්ව ඇත.
ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් වෛද්‍ය උපාධිය දිනාගත්තේය.
දිනේන්ද්‍රගේ පියා අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයයේ විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. මෙම ඝාතනය සම්බන්ධ තොරතුරු දැගනැමීමත් සමඟ දිනේන්ද්‍රගේ සොහොයුරන් වන කේජා ශ්‍රී අතුකෝරළ හා රංගන අතුකෝරල යන අය ඕස්ට්‍රේලියාවට ගොස් ඇත.
දොස්තර දිනේන්ද්‍ර පර්ත් නුවර එම වෛද්‍ය මධ්‍යස්ථානයේ ජනප්‍රිය වෛද්‍යවරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දන්ගේ රටවල අපේ හුගක් පවුල් සි සි කඩ.මෙහෙට ඇවිත්ම බලන්න (දී)
දමිත් දන්නේ නැද්ද වෙනත් රටවල් වල ද්විත්ව පුරවැසි භාවය ලබා ලංකාවේ බොහෝ දෙනෙක් ජීවත් වන බව. බොහෝ දෙනෙක් ගේ ළමයින් පිටරට ඉගෙන ගන්නේ . හැමෝගෙම කිල්ලෝට වල හුණු ටික ටික තියනවා දමිත . (දී)
මට නම් මේ අදහස් කියෙව්වම කාරනාවක් පැහැදිලියි. සමහරුන්ට පිටරට ගිය උදවිය ගැන පුද්ගලික අප්‍රසන්නතාවක් තියනවා. හැබැයි ඉතින් ඔස්ට්‍රේලියාවට දැනට වඩා පහසුවෙන් ස්ථිර පදිංචි විසා දෙනවා කියලා කිව්වා නම් බහුතරයක් තානාපති කාර්යාලයේ හැතැක්ම ගණන් දිග පෝලිමේ ඉන්නේ නැද්ද ? ලංකාවේ බොහෝ පවුල් වල එක අයෙක් හෝ දැන් ඉන්නේ පිටරටක. තමන් තමන්ට අවංක වෙන්න .(දී)
නිහාල් මහත්මයා ,සුද්දන්ගේ රටවල් වලටම යන්න ඕනේ නැහැ පවුල් සි සි කඩ වෙන්න. ඒක වෙන්න තියෙනවනා නම් ලෝකේ කොහේ හිටියත් සිද්ධ වෙනවා. ලංකාවේ වෙලා තියෙන්නේ පවුලේ මොන තරම් ප්‍රශ්න ආවත්, ඒවා නිතියානුකුලව දික්කසාදයකින් කෙලවර නොවීමයි. එයට හේතුව උසාවි ගොස් දික්කසාද නඩු කීමට ඇති අකමැත්තයි. සියලුම ප්‍රශ්න ලෝකයට නොපෙන්වා ජීවත් වීමට උත්සහා දැරීමයි. නමුත් පිටරටදී සිද්ධ වෙන්නේ දෙදෙනාට එකට ජීවත් වීමට අමාරුනම්, නිතියානුකුලව වෙන් වීමයි.ඒ නිසයි අපේ අය පිටරටදී වෙන් වුනහම කැපී පෙන්නේ. ලංකාවේ තියෙන පවුල් ප්‍රශ්නත් අපි නොදන්නවාට, ඉතාමත් ඉහල මට්ටමක ඇති. ඒ වාගේම වරදෙහි බැදෙන තැනැත්තාට, රට වෙනස් වීම ප්‍රශ්නයක් නොවෙයි. (ස)
දයාන් ඔබ පාට කන්නාඩියක් දාගෙන. උගතුන්ගේ උගත්කමට සලකන වාතාවරණයක් තිබුණා නම් බොහොම දෙනෙක් පිටරට යන්නේ නැහැ . මම දන්නා උපාධිදාරී විධායක නිලධාරිනියක් සංක්‍රමණය කලේ ඇයට කිසිදු වරදක් නැතිව නිල රථයෙන් බිමට බස්සවා අනුන්ගේ බලය තමන්ගේ කර ගත් එක්තරා පාර්ශවයක් කල පරිභවයේ ප්‍රතිපලයක් ලෙස. මෙතන මීට වඩා විස්තර ලියන්න බැහැ. (ස)
මිනිස්සු රට යනවා සෝබනේට, රට ගියහම වෙන්නේ ගැහැණු පිරිමි අනියම් සම්බන්ධවලට යොමුවෙන එක, කවදාවත් නරකයි රට යන්න, තමුන් වයසට ගියාමයි තේරෙන්නේ මෝඩ කමට රට පදිංචි උනේ කියල , තමුන්ට තමනුත් නෑ, දරුවොත් නෑ, (ස)
මෙතන මිනී මැරුමක් වෙලා තියනවා. ලංකාවෙත් ඔවැනි දේ සිද්ධ වෙනවා. නමුත් අවංකව කනගාටු වෙනවා වෙනුවට මට පේන්නේ සමහරු " හොඳ වැඩේ රට ගියා නම් ඕවා තමයි වෙන්නේ " යන්න නොකියා කියනවා. කුහක කම හලා හල විෂටත් වඩා භයානකයි. (ස)
ඉතින් නිහාල් මෙහෙ කියලත් දැන් වැඩි වෙනසක් තියනවද ? නිතර දෙවේලේ කලාවෙන් ජන මන පිනවන ප්‍රසිද්ධ චරිත පවුල් කන විදිය බැලුවාම සුද්දන් හොඳ වැඩියි. (දී)
අපක්ෂපාති පරීක්ෂණයක් සහ සාධාරණ තීන්දුවක් ලැබේවි. මේ රටේ, වැරදි කල කෙනෙකුට නොයෙක් බලවේග වල උදව්වෙන් අපරාධ යට ගහන්න බැහැ. අගතියට පත් පාර්ශවය පෙන්ෂන් ගන්නකන් එහෙම නැති නම් යන්නම යනකන් ,නඩුව ඇදෙන්නෙත් නැහැ. (දී)
මිනිපෙ දන්නා දෙයක් කියන්න. අපේ රටේ වගේ බොරුකරන්න බැහැ. මේ රටවල කවුරු බලයේ හිටියත් පොලිසිය හැමෝටම නිතිය ක්‍රියාත්මක කරනවා හරියට (දී)
ලංකාවේ වැඩි පිරිසක් කරන්නේ නොමිලේ ඉගෙන ගෙන පිට රටට සේවය කරණ එකයි (දී)
චන්ද්‍රා, මම එකග නැහැ ඔයාගේ අදහස් වලට. මම නම් නිකම් ගෙනියනවා කිව්වත් මගේ රට, අම්ම, අමතක කරනවා වගේ කෙලෙහි ගුණ නැති වැඩ කරන්නේ නැහැ. (දී)
මම දෙදෙනාම වෛද්‍යවරුන් වන පවුල් විශාල ගණනක් දන්නවා. ඔවුන්ගෙන් එක පවුලක් වෙන්වී ජීවත් වෙනවා පිටරටක, හේතුව දෙදෙනා අතර ඉගෙන ගැනීමට ඇති වූ තරඟය නිසා මතුවූ ඉරිසියාව . ඔවුන්ට තමන්ට දරුවෝ ඉන්න බව පවා අමතක වුනා. මේවා තමා බොහෝ විට අවාසනාවන්ත විදියට කෙළවර වෙන්නේ . (දී)
අපරාදේ උගත් තරුණ දොස්තර මහත්තයෙක් ලෝකෙට නැති උනා ! (දී)
මිනිපේ, රටේ හැමදෙනාටම සමාන ලෙස කාන්තාවන්ට දරුවන්ට සුරක්ෂිත මිනිසුන්ට මිනිසුන් ලෙස සලකන, සෞඛ්‍ය වැඩවර්ජන වලින් රෝගියෝ මැරෙන්නේ නැති නිලධාරීවාදය නැති මිනිසත් යුගයක් ඇතිවුන දාට අපි ආපහු එනවා. සර්ව සම්පූර්ණ නැති වුනත් නීතිය සැම දෙනාටම සමානව එකලෙස ක්‍රියාත්මක වීම සිදු වෙනවා. නිහාල්, සුද්දන්ගේ විතරක් නොවෙයි ආසියාවේත් පවුල් ගොඩක් සීසීකඩ. ලහිපිට මංගල දැන්වීම් තීරුව බැලුවනම් පේනවා ලංකාවෙත් කොතරම් උගත් තරුණ අය නීතියෙන් වෙන්වෙලා දෙවන විවාහයකට කෙනෙක් සොයනවද කියල! (දී)
පවුල් ප්‍රශ්න හැම රටේම තිබෙනවා. කලකට ඉහත , මොරටුවේ බිරිය සහ දරුවන් මරපු සිද්ධියට සම්බන්ධ සැමියා ලංකාවේ ඉන්න උගතෙක් නේ .(දිල්)
සිද්දවෙලා තියෙන්නේ මිනීමැරුමක්, හැමෝම කතාකරන්නේ සුද්දෝ ගැන, සුද්දාගේ රට ගැන. මෙතන තියෙන්නේ සුද්දා ගේ වැරද්දක් වත් රටේ වැරද්දක් වත් නොවෙ . අනුන්ගේ රටට , ඔව්න්ගේ ක්‍රමය වැරදී කියන්න අපට තියෙන අයිතිය මොකක්ද. (දී)
ඔය රටවල් වල සියලු දෙය සම්පුර්ණයි කියල හිතුවට බහුතරයකගේ පවුල් ජිවිත සාර්ථක නැහැ. (දී)
මිනිපේ ..ඔයා හරියට හරි. මෙයාල හොයන්නෙම ලංකාවේ වැරද්දක් සෞදි වල කරන අපරාදවලට සද්දේ නැහැ (දී)
මෙම ඝාතනය සරණාගතයෙක් අතින් සිදු උනානම් බොහෝ දෙනෙක්ගේ අදහස් වෙනත් අතකට යොමුවෙනවා. උගත් යයි සමාජ සම්මත දෙදෙනෙකු අතර සිදුඋන ගාතනය සම්බන්ද අදහස් ලියන්නේ සාමාන්‍ය දෙයක් ලෙසයි. එකම සිද්දිය සිදුකරන පුද්ගලයින් මත තීරණය නොවිය උතුයි. එහෙම උනානම් බෝට්ටු කරුවන්ගෙන් එමරටවල ඉන්න අනිත් අයට සිදුඋන අවනම්බුව ගැනයි මෙහි ලියන්නේ.මෙවෙනි ගාතන ලෝකයේ කොයි සමාජයේත් විරලව සිදුවන දේ ලෙසයි අපි සැලකිය යුත්තේ. (දී)
නිදහස් අධ්‍යාපනයෙන් ජීවකටයි මිනිපෙටයි වියදම් කරපු මහජන මුදල් අපරාදේ (දී)
මේ මම දන්නා කාලේ ඕස්ට්‍රේලියාවේ සිංහල කෙනෙක් අතින් සිදුවූ දෙවැනි මිනීමැරුම. පළමුවැනි එක මීට වසර 10-12 පෙර ගාල්ලේ ප්‍රසිද්ධ හිමිනමකගේ ඥාති පුත්‍රයෙක් තම නැන්දම්මාව සහ මාමණ්ඩිව බිහිසුණු ලෙස ඝාතනය කිරීම. (දිල්)
මෙතන මරණයක් වෙලා තියෙන්නේ . කනගාටුව ප්‍රකාශ කරනවා වෙනුවට සමහරු පිටරට ගිය උදවියගේ පවුල් අවුල් විශ්ලේෂණය කරනවා. හරියට ලංකාවේ එහෙම දෙයක් ජීවිතේට අහලා නැහැ වගේ. (දී)
ඒ පවුල තුල ලොකු ප්‍රශ්නයක් තියෙන්න ඇති (දී)
මිනීමරුම ඕස්ට්‍රේලියාවේ සිදු වුනාට මරණ පරීක්ෂණය ලංකාවේ සිදු කරලා, තීන්දුවත් දීලා ඉවරයි වගේ. !(දී)
අයියෝ මගේ හොද යාලුවෙකුගේ මල්ලි කෙනෙක්නෙ, ඔය ළමය හෙන අහිංසක කොල්ලෙක්. කාටවත් කරදරයක් නැතුව ජීවත් උන කොල්ලෙක්. එත් ඔහොම වෙන්න හේතුව ? (දී)
අපේ රටේ අහිංසක ලෙඩ්ඩුන් මරාගෙන කන දොස්තරලට හොඳ පාඩමක් ඕක. මිනිස්සුන්ට විවිද ක්‍රමවලට ඵලදෙනවා. කොයි තරම් හම්බ කලත් ඉවරයක් නැහැ. අටලෝ දහම බොරු කරන්න බැහැ. දොස්තරලට සහ ලෝයර්ලටත් ශාපවේවා! සාදු සාදු. සොබාදහම දිනේවා (නදී)
පුදුමේ කියන්නේ , ලංකාවේ දී තාත්ත කෙනෙක් පුතාව මරපු පුවත මේ පත්තරේම තියනවා කවුරුවත් දැකලා නැහැනේ. (ස)
ඔබට නිවන්සුව (දී)
වටිනා ලාංකිකයෙක් අපිට නැති උනා (දී)
ඇයි මේ සමහරු පිටරට ගිය උදවිය ගැන අසතුටින් ? චන්ද්‍රා කිව්වත් වගේ හැම කෙනෙක්ගෙම කවුරු හරි පිටරට. අපිට මොකද කවුරු කොහේ හිටියාම. කොහේ හිටියත් මැරුණට පස්සේ යන තැන කාටවත් ඕන විදියට තීරණය වෙන්නේ නැහැනේ . ඉතින් අසවලා හරි නම් ඉන්න ඕන අසවල් රටේ කියලා මට නම් හිතෙන්නේ නැහැ. (දී)
මෙතන බුද්ධිමත් ප්‍රතිචාරය රූපා මහත්මියගේ !(දී)
නිදහස් අද්‍යාපනය ලබා ගෙන රට හැර යාම ගැන කීප පැත්තකින්ම බැලිය යුතුය්. නිදහස් අද්‍යාපනය කියන සම්පතින් ප්‍රයෝජන අරගෙන අඩුම ගන්නේ මේ රටටවත් හරිහමන් සේවයක් නොකරන අය තමා වැඩිපුර ඉන්නේ. ඒ අය ගැන මොකද කියන්නේ ?(දී)
අපි මැදිහත් වෙන්න ඕනේ නැහැ ඒවා ඒ ඒ මිනිස්සු බලා ගනීවි (දී)
ලංකාවෙන් නොම්ලේ ඉගෙන ගෙන ඔස්ට්‍රේලියාවට සේවය කරලා (දී)
ටිකක් ඉවසුවානම් කොච්චර හොදද? වටිනා ජීවිත දෙකක් අපරාදේ විනාස වුනා. (දී)
මේ මරණයක් වුන අවස්තාවක ,සමහරුන්ගේ අදහස් , හරිම පුදුමයි. (දී)
හේමා,ඔබ මෙය සාධාරණිකරණය කරන්නට යන්නේ එක සිද්ධියක් මුල් කර ගෙන. නමුත් දැනටමත් අප රටේ උගතුන්ගේ යම් අඩුවක් මට දැනෙනවා.මේක සෝදා පාළුවක්.උගත්කම භාවිත කර,වැරදි දේ නිවැරදි කරගෙන ලෝකය පුරා සේවය කරන ඔබ වැනි උගතුන් බුද්ධිමතුන් අප රටට සේවය කරලා තිබුනා නම්,ඔබ වැනි උගතුන් අපත් සමග සිටියා නම් අප රට සිටින්නේ කොතරම් අපුරු තැනකද!''....''අපට තැනක් නැහැ.අප මේ රටෙන් යනවා කියා බොහෝ අය විදේශ ගත වේවි.ඉතා කාර්යක්ෂමව තම සේවය ඒ රටවලට ඉටු කරාවි''....ඒ වගේම අප රටේ අඩු පාඩු ද ඇත. එය සුරපුරයක් නොවේ. එත් එය අපේ මව්රටයි . (දී)
මේක රටේ ගැටළුවක් නොවේ.මිනිස්සු තමන්ගේ ආගම ධර්මයෙන් ඈත්වෙලා නොමැරෙන මිනිස්සු විදියට ජිවත් වේම ප්‍රතිපල. මිනිසත් බවේ වටිනාකම නොතේරන කම. අද කාලේ මිනිස්සු වටිනාකම් දිය යුතු දේවල් වලට වටිනාකම් නොදී,මේ තාවකාලික රැකියා, විභාග, සල්ලි වලට වටිනාකම් දෙන සමාජයක මේවා වෙනවා. මේවා ලංකාවෙත් වෙනවා. මේක මානසික පීඩනයේ ප්‍රතිපලයක් වෙන්න පුළුවන්.(නදී)
ලංකාවෙන් පිට රටට ගිහින් එහෙ ස්ථිර පදිංචි වෙලා , මෙහෙට අවුරුදු ගානකට සැරයක් ට්‍රිප් එකක් වගේ ඇවිත් යන අය තවදුටත් ලාංකිකයෝ වෙන්නේ කොහොමද ? ? (දී)
දයාන් ඔබට වැරදිලා, හැමදෙනාම ලංකාවේ හිටියොත් රට විරුවෝ වෙන්නේ කව්ද? (නදී)
මෙතන සමහරුන්ට තියෙන විශාලම ප්‍රශ්නය, අපේ අය පිටරට රැකියාවකට යන එක නෙවෙයි,ගිහිල්ලා ස්ථිර පදිංචිය ලබා ගන්න එකයි. (ස)
වැඩේ නම් වැරදි තමා. එත් අපේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන ඉසුරු සොයා රට අමතක කල ගමේ කොල්ලෙක්, (දී)
උගතුන් ලෙස පිටරට ගිය බොහෝ දෙනෙකු කිසිම දේශපාලන හයියක් නැති උදවිය. තමන් ආදී ශිෂ්‍යයෙකු වුනත් ළමයාව පාසලට ඇතුලත් කරන ලේඛනයෙන් කැපී ගිය , රැකියා සඳහා තරඟ විභාග වලින් උසස් ලකුණු ගෙන කැපී ගිය, උසස් වීමට සුදුසු වුනත් තල්ලුවක් නැති , ලංකාවේ කොන්ද කෙලින් තියාගෙන ජීවත් වීමට අවංකව ගත් සියලු උත්සාහයන් ව්‍යාර්ථ වුන උදවියයි. අමිල මහතාට නම් මේ ප්‍රශ්න මොනවත් නැතිව ඇති දෙවියන්ගේ පිහිටෙන් ! (දී)
මේ වගේ රටවල් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා.(නදී)
බලන්න ඒ රටවල මිනීමැරුමක් සිදුවුණාම නීතිය මොනතරම් තදින් ක්‍රියාත්මක කරනවද කියලා, අපේ රටේනම් මොනවට කියනවද. (දී)
අමිල එතකොට වෙනත් රටවල් පුරවැසි භාවය ලබා දැන් ලංකාවේ ඉන්න ලාංකිකයන් ඔබේ වර්ග කිරීමට අනුව කොහොමද ? (දී)
රෝයි මහතා බෝට්ටු කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දැඩි වෙහෙසක් ගන්න හැඩයි. හොඳයි හොඳයි ! (දී)
මියගිය අයට නිවන් සුව පතමි . ඔහු ජීවත් වුනේ අභ්‍යාවකාශයේ වුනත් එයින් මට වැඩක් නැත . මේ ජීවිතයේ අනිත්‍යය පහදා දුන් අවස්තාවක් පමණි. (දී)
ෂෙරිෆ්, ඕනෑම රටක පොලිස් පරීක්ෂණ වලදී අන්නතවත් වැරදිම හා මගහැරීම් සිදුවෙනවා.පිටරට වලට ගොස් පදිංචි වෙන්න සිහින මවන ලාංකිකයන්, පිටරට වල කෙරෙන හැම දෙයක්ම අංගසම්පුර්ණ ලෙස සිතනවා. (දී)
ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය ලබා,ලංකාවට තම සේවය නොදී,පිටරටවල උසස් රැකියා කරන ඇතැම් නෝනා මහත්වරුන් කරන්නේ තම මවු රටට ගැරහිමයි,හැල්ලුවට හෝ සමච්චලයට ලක් කිරීමයි.ඇතැම් ලිපිවලට ලියන අදහස් කියවීමෙන් මෙය මනාව පැහැදිලිවේ.ඔබලා ජිවිතයේ කෙදිනක හෝ තම සේවය තම රටට නොදීමට සිදුවීම ගැන කම්පා වනු ඇත.(දී)
තවම නඩුව ඇහුවේ නැහැ (දී)
තවම පරීක්ෂණ ඕස්ට්‍රේලියාවේ පරීක්ෂණ පටන් ගත්ත විතරයි . අපේ උදවිය මිනී මැරුම වුන රට අල්ල ගෙන පතුරු ගහනවා. සුද්දට බනිනවා. පිටරට ඉන්න ලාංකිකයන්ට ආඩපාලි කියනවා. මීට වඩා මිනී මැරුම් ලංකාවේ වෙන්නේ නැද්ද ? (දී)
@මිනිපෙ, කිසිම තැනක් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් අපිට සංසන්දනාත්මකව බලා නිගමනයකට එන්න පුළුවන්. (දී)
පින්වත් මිනිපේ , මේ වෛද්‍ය තුමත් එහෙම හිතන්න ඇති නේද?..අපරාදේ නිදහස් අධ්‍යාපනේ (දී)
අමිල, ඔයා හරි. මෙයාල ලාංකිකයෝ වෙන්නේ ක්‍රිකට් ටීම් එකක් ඒ රටට ගියාම විතරයි.පුරවැසිභාවය ලබාගත් රටේ පාස් පෝට් එක අතක. අනෙක් අතේ ලංකාවේ ජාතික කොඩිය. (දී)