(අංජුල මහික වීරරත්න)

භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, රේගු ක්‍රියා පටිපාටිය සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් වැනි විවිධ අංශ ආවරණය වන පරිදි සාකච්ඡා පවත්වමින් වෙළඳපොල අවස්ථා පුළුල් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

මේ අතර ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් ගුවන් සේවා සැපයීම වෙනුවෙන් නව ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමට ද අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය (GJRTI) සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය (GIT) අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමට ද අත්සන් තැබිණ.