IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලක් තානාපති යුක්රේන ත්‍රස්තයන්ට අවි විකුණලා?

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති  උදයංග වීරතුංග එරට බෙදුම්වාදී කැරලිකරුවනට අවි විකිණීයැයි කියන සිද්ධියක් ගැන යුක්රේන රජය චෝදනා කරයි.

යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරෙෂෙන්කෝ විදේශ ඇමැති මංගල සමරවීර මහතාට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

රයිෆල් හා සුළු අවි රුසියා ගැති බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට  විකුණා ඇතැයි චෝදනාවේ සඳහන් වේ.

වීරතුංග යුක්රේන අගනුවර කිවු නුවර පදිංචි වී සිටී. ඔහු එහි ක්ලබ් ලංකා අවන්හලේ අයිතිකරුය. ඔහු මහින්ද රාජපක්ෂ ජනපතිගේ බෑනා කෙනෙකි. මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති ලෙස ඔහු වසර 9 ක් සේවය කළේය.

නව රජය පත්වීමෙන් පසුව දේශපාලන පත්වීම් ලද සියලු තානාපතීන් කොළඹට කැඳවූවත් වීරතුංග කොළඹට පැමිණියේ නැත.

 

 



අදහස් (0)

ලක් තානාපති යුක්රේන ත්‍රස්තයන්ට අවි විකුණලා?

රිචි බාලසුරිය Sunday, 22 March 2015 04:42 PM

අද ලෝකයේ බොහෝ රටවල් මුදල් සොයන්නේ අවි ආයුධ විකුණලා.සමහරු නීතියට. සමහරු හොරට. තවත් සමහරු යුද්ධ නිර්මාණය කරලා , දෙපැත්තටම ආයුධ විකුණනවා. (නි)

:       0       0

අමල් Sunday, 22 March 2015 09:47 AM

ඔන්න රටේ නාමයෙන් පත්කළ අයගේ වැඩ-කිඩ. යුක්රේනය අපිට යුධ ආයුධ විකිණු නිසා කළ ප්‍රතිඋපකාරයක් වගේ (නි)

:       0       0

අමල් Sunday, 22 March 2015 06:16 PM

යුක්රේනය ඇයි ලංකාවේ කෙනෙක් හරහා ආයුධ ගන්නේ? එහෙ හිටපු නිසා දන්නවා මම, ඕනෑම කෙනකුට ඕනෑ නම් පිස්තෝලයක් ගන්න පුළුවන්. (නි)

:       0       0

අමල් Sunday, 22 March 2015 09:51 AM

හරි ආඩම්බරයි(දිල්)

:       0       0

රෝයි Sunday, 22 March 2015 10:31 AM

ඒ වගේම රටට ගෞරවයක් ගෙනදුන් තානාපතිවරු විශාල ප්‍රමාණයකුත් හිටියා. පේනවනේ සේවයේ හොඳකම! එහි ව්‍යාපාරත් ආරම්භ කරලා. මේ වගේ අය රටකට වාසනාවන්! (නි)

:       0       0

ජනක ලන්ඩන් Sunday, 22 March 2015 07:03 PM

නිසි පරීක්ෂණයක් පවත්වා වැරදිකරු නම් තරාතිරම නොසොයා වහාම නිසි දඬුවම් දියයුතුය. මෙය ශ්‍රී ලංකාවට විශාල කැළලක් (නි)

:       0       0

විරන්ත Sunday, 22 March 2015 10:33 AM

අවිගත්තෝ අවියෙන්ම නසිති! (නි)

:       0       0

නුවන් Monday, 23 March 2015 12:05 AM

නුසුදුස්සන් තනතුරු වලට දාන්න එපා (නි)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 01:38 AM

ඇමරිකාවට විරුද්ධ වීම පාපයක්. රුසියාවට පක්ෂව ඔහු වැඩකරලද ? (නදී)

:       0       0

දර්ශ Sunday, 22 March 2015 12:37 PM

ඔය යුක්රේන ජනාධිපති ඇමෙරිකාවට නේද උදවු කරන්නේ? (නි)

:       0       0

ලාල් Sunday, 22 March 2015 01:23 PM

පහුගිය කාලෙ නම් පුදුමවෙන්න දෙයක් නැහැ.මේවා තනියෙන් වෙන වැඩ නෙමෙයි (නි)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 04:16 AM

මමනම් කියන්නේ දේශපාලන පත්විමකින් තොරව ජාත්‍යන්තරය ගැන අවබෝධයක් තියෙන අපක්ෂපාති ගුණගරුක පුද්ගලයන් මේ තනතුරුවලට සුදුසුයි කියලයි. (ත)

:       0       0

සමන්ති Monday, 23 March 2015 01:34 PM

හෝටල් කාරයෝ කොහොමත් සල්ලි හම්බකරන්න හදනවානේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 88 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 885 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site