රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති  උදයංග වීරතුංග එරට බෙදුම්වාදී කැරලිකරුවනට අවි විකිණීයැයි කියන සිද්ධියක් ගැන යුක්රේන රජය චෝදනා කරයි.

යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරෙෂෙන්කෝ විදේශ ඇමැති මංගල සමරවීර මහතාට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

රයිෆල් හා සුළු අවි රුසියා ගැති බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට  විකුණා ඇතැයි චෝදනාවේ සඳහන් වේ.

වීරතුංග යුක්රේන අගනුවර කිවු නුවර පදිංචි වී සිටී. ඔහු එහි ක්ලබ් ලංකා අවන්හලේ අයිතිකරුය. ඔහු මහින්ද රාජපක්ෂ ජනපතිගේ බෑනා කෙනෙකි. මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති ලෙස ඔහු වසර 9 ක් සේවය කළේය.

නව රජය පත්වීමෙන් පසුව දේශපාලන පත්වීම් ලද සියලු තානාපතීන් කොළඹට කැඳවූවත් වීරතුංග කොළඹට පැමිණියේ නැත.