ශ්රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ දූත පිරිසේ ආරක්ෂාව වෙනුවෙන් ලන්ඩන් පොලිසියට අමතරව සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් භටයෝද අශ්වාරෝහක පොලිසියද යොදවනු ලැබ සිටිති.
ජනපති නතරවී සිටින හෝටලය, පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය, මාල්බරෝ මාළිගය, ඩවුනින් වීදිය හා බ්ලැන්කැෂ්ටර් හෝටලය අසල මෙසේ ආරක්ෂාව තර කර ඇත.
බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් මයිකල් ෆැලන් ලන්ඩන් නුවර පාක්ලේන් හිල්ටන් හෝටලයට ගොස් ජනපති හමුවිය. විදේශ ඇමැති මංගල සමරවීර පුනරුත්ථාපන ඇමැති ජී.එම්.ස්වාමිනාදන් හා වැඩබලන මහ කොමසාරිස් චානක තල්පහේවා මහත්වරුද එහි වූහ.
ජනපති හා ඔහුගේ භාර්යාව අද (9) සවස වෙස්මිනිස්ටර් දේවස්ථානයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙලට සහභාගී වීමට නියමිතය.
දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ ඇරයුමින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයෝ මේ සැමරුමට පැමිණ සිටිති.
ඡායාරූප - සුදත් සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහස නම් අපේ රටේ ජාතික ඇඳුම ඇඳ ගියානම් හොඳ බවයි (නි)
මංගල මහත්තයා මොකද බයවෙලා වගේ? (නි)
සුද්දා ඉදිරියේ බයාදුවීමට අවශ්‍ය නැත (නි)
මෙතුමාට කාගෙන්ද තර්ජන? (නි)
මංගල මැතිතුමා ඇයි ලැජ්ජාවෙන් වගේ ඉන්නේ? (නි)
ලංකාවෙන් පැන්න සමහර කොටි ලන්ඩන් වල තවමත් ඉන්න පුලුවන් (නි)
මොනවා වුණත් ආරක්ෂාවෙන එක හොඳයි (නි)
කාගෙන්ද දන්නේ නැහැ මේ තරම් ආරක්ෂා කරන්න හදන්නේ (නදී)
ඇඳුම හොඳ මදි. තමාගේ රටටත්, අරාධනා කරපු රටටත්, රටවල් දෙකටම නිග්‍රහයක් (බ)
බය වෙන්න එපා. මෙයාට කිසිම තර්ජනයක් නැ. සුවාමිනාදන් ලග ඉන්නවනේ.(නදී)
කාගෙන් ආරක්ෂා කරන්නද? ඔන්න කලින් හිටපු ජනාධිපතිතුමාට නම් යුද්දේ ඉවර කරපු නිසා තර්ජන තිබුනා. (නදී)
බයවෙන්න අවශ්‍ය නැහැ.අපේ ජනපතිතුමා දක්ෂයි (නි)
තම රටට එන රාජ්‍ය නායකයෙකුට ඉහළම ආරක්ෂාව සැපයීම, ආරාධිත රටේ වගකීමකි. ඒ වගේම අපේ රටේ තිබුන ත්‍රස්තවාදී කටයුතුවල මුලස්ථාන ලෙස සමහර යුරෝපීය රටවල් ප්‍රසිද්ධ නිසා තමා බ්‍රිතාන්‍ය රජය මෙවැනි තීරණයක් ගත්තේ. ඔබට තවමත් මතක ඇති නේද හිටපු ජනපති ලන්ඩන් ගිය විට එහි කොටි පන්දන්කාරයන්ගෙන් ලැබුන සැළකිලි ගැන එහෙම ? (නි)
මොකක්ද මේ ඇඳුම ගැන ගොඩක් දෙනෙකුට තිබෙන ප්‍රශ්නය? (නි)