ශ්රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ දූත පිරිසේ ආරක්ෂාව වෙනුවෙන් ලන්ඩන් පොලිසියට අමතරව සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් භටයෝද අශ්වාරෝහක පොලිසියද යොදවනු ලැබ සිටිති.
ජනපති නතරවී සිටින හෝටලය, පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය, මාල්බරෝ මාළිගය, ඩවුනින් වීදිය හා බ්ලැන්කැෂ්ටර් හෝටලය අසල මෙසේ ආරක්ෂාව තර කර ඇත.
බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් මයිකල් ෆැලන් ලන්ඩන් නුවර පාක්ලේන් හිල්ටන් හෝටලයට ගොස් ජනපති හමුවිය. විදේශ ඇමැති මංගල සමරවීර පුනරුත්ථාපන ඇමැති ජී.එම්.ස්වාමිනාදන් හා වැඩබලන මහ කොමසාරිස් චානක තල්පහේවා මහත්වරුද එහි වූහ.
ජනපති හා ඔහුගේ භාර්යාව අද (9) සවස වෙස්මිනිස්ටර් දේවස්ථානයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙලට සහභාගී වීමට නියමිතය.
දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ ඇරයුමින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයෝ මේ සැමරුමට පැමිණ සිටිති.
ඡායාරූප - සුදත් සිල්වා
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක් ජනපතිට දැඩි ආරක්ෂාවක්
වසන්ත Monday, 09 March 2015 10:25 PM
මගේ අදහස නම් අපේ රටේ ජාතික ඇඳුම ඇඳ ගියානම් හොඳ බවයි (නි)
අබේරත්න -ටෝකියෝ Tuesday, 10 March 2015 12:27 AM
මංගල මහත්තයා මොකද බයවෙලා වගේ? (නි)
අබේරත්න -ටෝකියෝ Tuesday, 10 March 2015 12:59 AM
සුද්දා ඉදිරියේ බයාදුවීමට අවශ්‍ය නැත (නි)
පිවිතුරු Tuesday, 10 March 2015 01:04 AM
මෙතුමාට කාගෙන්ද තර්ජන? (නි)
විකුම් Tuesday, 10 March 2015 01:44 AM
මංගල මැතිතුමා ඇයි ලැජ්ජාවෙන් වගේ ඉන්නේ? (නි)
දුමින්ද Tuesday, 10 March 2015 02:04 AM
ලංකාවෙන් පැන්න සමහර කොටි ලන්ඩන් වල තවමත් ඉන්න පුලුවන් (නි)
සංජීව Tuesday, 10 March 2015 02:21 AM
මොනවා වුණත් ආරක්ෂාවෙන එක හොඳයි (නි)
මැගී Tuesday, 10 March 2015 04:32 AM
කාගෙන්ද දන්නේ නැහැ මේ තරම් ආරක්ෂා කරන්න හදන්නේ (නදී)
වැකෝ Monday, 09 March 2015 02:08 PM
ඇඳුම හොඳ මදි. තමාගේ රටටත්, අරාධනා කරපු රටටත්, රටවල් දෙකටම නිග්‍රහයක් (බ)
අබේරත්න -ටෝකියෝ Monday, 09 March 2015 04:39 PM
බය වෙන්න එපා. මෙයාට කිසිම තර්ජනයක් නැ. සුවාමිනාදන් ලග ඉන්නවනේ.(නදී)
පිවිතුරු යහපාල Monday, 09 March 2015 05:22 PM
කාගෙන් ආරක්ෂා කරන්නද? ඔන්න කලින් හිටපු ජනාධිපතිතුමාට නම් යුද්දේ ඉවර කරපු නිසා තර්ජන තිබුනා. (නදී)
රුවන් Monday, 09 March 2015 05:29 PM
බයවෙන්න අවශ්‍ය නැහැ.අපේ ජනපතිතුමා දක්ෂයි (නි)
නන්දලාල් Monday, 09 March 2015 05:54 PM
තම රටට එන රාජ්‍ය නායකයෙකුට ඉහළම ආරක්ෂාව සැපයීම, ආරාධිත රටේ වගකීමකි. ඒ වගේම අපේ රටේ තිබුන ත්‍රස්තවාදී කටයුතුවල මුලස්ථාන ලෙස සමහර යුරෝපීය රටවල් ප්‍රසිද්ධ නිසා තමා බ්‍රිතාන්‍ය රජය මෙවැනි තීරණයක් ගත්තේ. ඔබට තවමත් මතක ඇති නේද හිටපු ජනපති ලන්ඩන් ගිය විට එහි කොටි පන්දන්කාරයන්ගෙන් ලැබුන සැළකිලි ගැන එහෙම ? (නි)
ටිරෝන් Monday, 09 March 2015 07:22 PM
මොකක්ද මේ ඇඳුම ගැන ගොඩක් දෙනෙකුට තිබෙන ප්‍රශ්නය? (නි)