සිව් නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රිපාල සරිසේන බදාදා (25) පස්වරුවේ චිනයේ බිජිං නුවරට ළඟා වීමට නියමිතය.
චීනයේ බිජං නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදි එහි නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැතිවරයා ඇතුළු චින රජයේ නියෝජිතයන් ශ්‍රි ලංකා ජනාධිපති පිළිගැනීමට නියමිතය.
චීන ජනපති ෂි ජින් පින්ගේ ආරාධනාවකට අනුව චීනයට පැමිණෙන ජනපති සිරිසේන පිළි ගැනිමේ නිල උත්සවය එරට විශේෂ රාජ්‍ය අමුත්තන් පිළිගනු ලබන චීන මහජන ශාලාවේදි බ්‍රහස්පතින්දා (26) පැවැත්වේ.
චින ජනපති පි ජින් පින් සහ ජනාධිපති සිරිසේන අතර විශේෂ හමුව බ්‍රහස්පතින්දා (26) පෙරවරුවේ බිජිං නුවර පිහිටි ජනපති කාර්යාලයේ පැවැත්වෙන අතර එහිදි දෙරට අතර ද්විපාක්ෂික ආර්ථික සංස්කෘතික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබිමට නියමිතය.
ඉන් අනතුරුව ජනාධිපති සිරිසේන ඇතුළු පිරිස හා චින මහජන ජාතික කෞතුකාගාරයේ විධායක කමිටු සභාපති සැන්ග් ෂෙජිලන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.
මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ ජනපති බිරිඳ ජයන්ති සිරිසේන , අමාත්‍යවරුන් වන මංගල සමරවිර, පාඨලි චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න , රවි කරුණානායක , රාවුෆ් හකිම්, විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සහ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන් ද සහභාගී වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් දැමූ අයට අමතරව වෙනත් අය යන්නේ නැහැ නේද? (නි)
එදා සහ අද වෙනසක් නැද්ද? (නි)
ගමනෙන් පසු ලංකාවේ සංවර්ධනයක් අපි බලාපොරොත්තු වෙමු (නි)
වැඩදායක සුබ ගමනක් වේවා! (නි)
ඉස්සර නම් පටන්ගත්තේ මුදල් අඩු වියදම් වැඩ... දැන් වෙනසක් වෙලා නේද? (නි)
අනේ! මේ හැමෝටම මේ දේවල් ලැබුණේ අපේ ඡන්දෙන්නේ! (නි)
රොෂාන්, අපේ අය හරි ඉක්මණට රැවටෙනවානේ! (නි)
හත් දෙවියනේ! ඔක්කොම ටික ගිහිල්ලා නේද? (නි)
මාසයකට එක රටකට ගියාට කමක්නැහැ (නි)
රටට හොඳක් වෙනවා නම් අපි කැමතියි (නි)
රටට සුබදායක සංචාරයක් වේවා! (නි)
මට නම් මේ ගිය ගණනේ වරදක් පෙනෙන්න නැහැ (නි)
පසුගිය රජය කාලේ 200ක් විතර ගියා.එතකොට කටවහගෙන හිටිය කට්ටිය දැන් කෑගහනවා (නි)
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා මොකටද යන්නේ? (නි)
සුබ පැතුම් අපෙනුත්! (නි)
මහින්ද මහත්තයනේ රට යනකොට විශාල පිරිසක් අරගෙන ගිහින් රටේ මහජනතාවගේ සල්ලි නාස්ති කළා කිව්වේ. දැන් මේ යන අයට ගුවන් ටිකට් පත් හෝටල් ගාස්තු ඇතුළු අනිකුත් වියදම් නොමිලේද දන්නේ නෑ (නදී)
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම චීන සංචාරයට එකතුවීම රටේ සුබසිද්ධියට හේතුවෙනවා ඇත. බොහොම සන්තෝෂයි. සෙන්පතියාණෙනි, ඔබතුමාට සුබාසිරි! (නි)
හොඳයි. සුබ ගමන්! (නි)
මෙතුමාත් ලෝකය වටේ යන්න පටන් අරගෙනද? මේවා දින 100 ට ඇතුළත් ඒවාද?මෙහෙම තමයි පටන්ගන්නේ. (නි)
යහ පාලනය කියන්නේ සියලු දෙනා සමගම ලෝකය වටේ සංචාරය කරන එකටද? (නදී)
මෙතන මේ කියල තියන කට්ටිය තනියම ගියේ නෑනෙ, එයාලගේ පවුල්වල අයත් ගියානේ.. මහින්ද මහත්තයා එදා කලේ තත්ත්වේ හැටියට කරන්න පුළුවන් හොඳම දේ තමයි!(ම)
දින 100 වැඩ අනේ මන්දා! බලමුකෝ.... (නි)
ඔබසැමට සුබ පැතුම්! (නි)