ජී-7 හෙවත් ප‍්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායම් රාජ්‍ය නායක සමුළුවේ සමගාමී සමුළුව අද (27) පෙරවරුවේ ජපානයේ ඉසේ-ශිමා නගරයේදී ආරම්භ කෙරුණු අතර ඊට එක්වූ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ඒ සඳහා ආරාධනා ලැබුණු ප‍්‍රථම අවස්ථාව මෙයයි.
ජී- 7 සමුළුවේ වත්මන් සභාපති ජපාන අගමැති ෂින්සෝ අබේ ගේ විශේෂ නිල ආරාධනයෙන් සමුළුවට සහභාගීවූ මෛත්‍රිපාල සිරිසේන ජනපති ජපාන අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර කැනඩා අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මෙන්ම ඇමරිකන් ජනාධිපති බැරැක් ඔබාමා ද ජනපති අසලටම පැමිණ සිය සුභාශීංසන පළ කළහ.
ශී‍්‍ර ලංකාව දෙස නැවුම් මුහුණුවරකින් බලමින් ශී‍්‍ර ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව එම රාජ්‍ය නායකයෝ කීහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට පේනවා සංවර්ධනයේ තරම. දැන් මුළු රටේම සංවර්ධනය අැනහිටලා (නි)
කොහේ ගියත් කමක් නැහැ මගේ රටට ඉන් සෙතක් වෙනවා නම් (නි)
කාටද ඉතින් ආඩම්බර (නි)
ජයවේවා! (නි)
මොනවද වුණේ කියලා හිතාගන්නත් බැරි වේවි කට්ටියට පහුවෙනකොට. (නි)
ජයෙන් ජය! කොහොමද සැළකිල්ල අපේ ජනපතිට (නි)
මොකක්දෝ වෙන්න යනවා වගේ පෙනෙනවා. උගන්ඩාව වගේ ඵල නැති රුක්වලට ගල් නොගසා ඵල ඇති රුකකට ගල් පහරක් ගැහුවොත් ගෙඩියක් කඩාගන්න බැරි වෙන්නේ නැහැ. (නි)
දැන් කියන්න පුළුවන්නේ 'වාහන මිල වැඩිකරලා කියලා දැනගත්තේ පත්තරෙන්' කියලා. (නි)
අතට අත දෙන එක බටහිර චාරිත්‍රයක්. අත දුන්නා කියලා සියලුම් ප්‍රශ්න විසඳෙනවා නම්, පහුගිය කාලේ රට කරවපු අය ලෝකේ වටේ ගිහින් අත දීපු වාර ගානට ලංකාව මේ වෙනකොට සුරපුරක් වෙලා තියෙන්න ඕනෑ. (නි)
ජනපතිතුමාට මෙහෙ හොරු එලිය ඉදගන රට ගිනිතියන ඒවා ගැන හොයන්න වෙලාවක් නැහැ අපි එතුමාව පත්කළේ ලෝකේ වටේ යන එකටනේ. ඡන්දෙ දීපු අපිටම තමා හොරු අල්ලලා නඩු අහන්ඩ වෙන්නේ.මොකද නඩු කාරයොත් හොරකම් කරලා දැන් අල්ලන්ඩ වෙලා තියෙන්නේ අපිටමනෙ. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (බ)
ඔය අත් බදාගන ඉන්න මිනිස්සු එදා ලක්ෂ ගානක් අමු,අමුවේ මරනකොට අහක බලාගන හිටියා. ඒවා ලංකාවේ මිනිස්සුන්ට අමතක වෙලා නැහැ. දැන් මොනාද මේ කියන්නේ.(කෞ)