ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම කනිෂ්ඨ ක‍්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩිකා තිළිණි ප‍්‍රමෝදිකා හෙන්දහේව 59 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද නියෝජනය කරන 15 හැවිරිදි ප‍්‍රමෝදිකා කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.
පසුගිය වසරේ පැවැති 59 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ අනුශූරතාව හිමිකර ගැනීමට ප‍්‍රමෝදිකා සමත්වුවාය. ජාතික ශූරි අචිනි රත්නසිරි එම ශ්‍රේණිගත කිරීමේදී හිමිවන්නේ 96 වැනි ස්ථානයයි. අචිනි, ලෝක ප‍්‍රධානතම බැඞ්මින්ටන් ක‍්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීමට ද ඇතුළත්ව සිටින්නීය. ජාතික කාන්තා සංචිතයේ සිටින උපුලි සමන්තිකා ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ හිමි ව ඇත්තේ 119 වැනි ස්ථානයයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd