ඉතාලියේ විචෙන්සා නගරය ආසන්නයේ ඇති සාන්ත මිකේලේ දි බස්සානෝග්‍රාමයෙහි දී හයවැනි සෙනසුරාදා පනස්පස් හැවිරිදි ලාංකීක කාන්තාවක අනතුරට පත් වී මිය ගියාය. ඇය පැදවූ වාහනයක් පාරෙන් ඉවතට පැන මීටර් එකසියපනහක් පමණ තණපිටියක් දිගේ ගොස් මිටර් හතලිහක් පමණ ගැඹුරැති හෙළකට වැටි ඇත. ඒ අසලින් පාපැදි සවාරියක යෙදුණු කිපදෙනෙක් කාන්තාව ඉවතට ගැනිමට අත්සහ දැරුවත් එම ස්ථානයට ළඟාවිමේ අපහසු නිසා එය පමාවිය. ගිනිනිවන හමුදාව පැමිණ එහි ළඟා වන විට ඇය ආසනයට සහ සුක්කානමට සිරවි මියගොස් සිටි බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවතට අදාල නොවේ. අපේ රටේ තියෙන බලපත්‍රය මාර්ගයෙන් ඉතාලි රියදුරු බලපත්‍ර අරගෙන එලවන ගොඩක් අයට ඉතාලියේ මාර්ග සහ නීති පුරුදු නොමැති කමින් අනතුරු සිදුවේ. (ර)
ඔබට නිවන් සුව අත් වේවා. (දී)